
LANKAQR මෙහෙයුම් පද්ධතිය Q+ ගෙවීම් ඇප් එක හරහා කරන ලද ගෙවීම් වෙනුවෙන් ‘කෑෂ් බැක්’ ප‍්‍රවර්ධනයක් සහ වට්ටම් පිරිනැමීමේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රමුඛ පෙළේ විලාසිතා වෙළෙඳ ආයතන තුනක්, ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල සති අන්ත තුනකදී පමණක් රුපියල් මිලියන 23කට වැඩි විකුණුම් වාර්තා කළේය.
LANKAQR මෙහෙයුම් පද්ධතිය හරහා මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සහ කේත ස්කෑන් කර ගෙවීම් කිරීමේ ගනුදෙනු ප‍්‍රචලිත කිරීම සඳහා ‘රටපුරාම LANKAQR’ යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් පවත්වනු ලබන LANKAQR ව්‍යාප්ත කිරීමේ ජාතික ව්‍යාපාරයට සහාය වීම සඳහා කොමර්ෂල් බැංකුව මෙම ප‍්‍රවර්ධන වැඩසටහන් පැවැත්විය. මාස දෙකක කාලයක් තුළ දීප ව්‍යාප්තව මෙවැනි ප‍්‍රවර්ධන වැඩසටහන් තුනක් සංවිධානය කළ එකම බැංකුව කොමර්ෂල් බැංකුව වීම විශේෂත්වයකි.
සංචරන සීමාවන් ඉවත් කිරීමෙන් පසු සිදු කරන ලද මෙම ප‍්‍රවර්ධන වැඩසටහන, හවුස් ඔෆ් ෆැෂන්ස්, ෆැෂන් බග් සහ කූල් ප්ලැනට් අලෙවිසැල් සමඟ එක්ව දියත් කරන ලදි. LANKAQR යටතේ දියත් කරන ලද ප‍්‍රථම QR පදනම් වූ ගෙවීම් ඇප් එක වන Q+ හරහා වෙළෙඳුන්ගේ කේත ස්කෑන් කර ගෙවීම් සිදු කරන විට ගනුදෙනුකරුවන්ට 25%ක මුදල් ආපසු ලබා දීම සහ වට්ටම් භුක්ති විඳීමට ඇරයුම් කෙරිණි. පාරිභෝගිකයන්ට මෙම වෙළෙඳසැල්වල ඕනෑම LANKAQR අනුකූල යෙදුමක් හරහා ස්කෑන් කර ගනුදෙනු සිදු කළ හැකිය.
පාරිභෝගිකයන් සහ වෙළෙන්දන් යන දෙපාර්ශ්වය Q+ ගෙවීම් ඇප් එක සහ LANKAQR මෙහෙයුම් පද්ධතිය ආරක්ෂිත, පහසු සහ වේගවත් ගෙවීමේ ක‍්‍රමයක් ලෙස පිළිගෙන ඇති බවට සාක්ෂියක් ලෙස මෙම ප‍්‍රවර්ධන වැඩසටහන අතරතුරදී 3,200කට අධික ‘ස්කෑන් ඇන්ඞ් පේ’ LANKAQR ගනුදෙනු සිදු කිරීම ගෙනෙහැර දැක්විය හැකි බව බැංකුව පවසයි.
මෙම ප‍්‍රවර්ධන වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ප‍්‍රියතම ඇඳුම් අලෙවිසැල්වලින් වට්ටම් භුක්ති විඳීමට පමණක්ම නොව, මුදල් රහිත සහ කාඞ්පත් රහිත ගෙවීම් ක‍්‍රම වලින් ඔබ්බට ගිය නවතම ඩිජිටල් ගෙවීම් ක‍්‍රමයේ පහසුව සහ ආරක්ෂාව අත්විඳීමට හැකියාව ලබා දුන් බව බැංකුව වැඩිදුරටත් පැවසීය.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.