මූල්‍ය වාර්තාකරණය තුළින් නවෝත්පාදන ග‍්‍රහණය කර ගැනීම සහ වටිනාකම් නිර්මාණය කිරීම

Webp.net-resizeimage




 

ලොව පුරා සමාගම් සඳහා නව අවස්ථා හා නව අවදානම් නිර්මාණය කරමින් අධිවේගයෙන් නව්‍යකරණය වෙමින් පවතී. ව්‍යාපාරික මෙහෙයුම් කටයුතුවලට නව අර්ථකථනයක් දීම හේතුවෙන්  සේවකයින්, සැපයුම්කරුවන්, ප‍්‍රජාවන් සහ කොටස් හිමියන් ඇතුළු සියලූම පාර්ශවකරුවන්ට දිගු කාලීන වටිනාකමක් ලබා දීමේ වැදගත්කම පිළිගනිමින් පාර්ශවකරුවන්ගේ මුදලට උපරිම සාධාරණයක් ඉටු කිරීමට සංවිධාන පියවර ගෙන ඇත.

මෙවන් තත්වයකදී ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය (Integrated Reporting) ක‍්‍රම ක‍්‍රමයෙන් නවීන ව්‍යාපාර සඳහා පදනම බවට පත්ව ඇත. සාම්ප‍්‍රදායිකව විවිධ ව්‍යාපාරික පාර්ශවකරුවන්ගේ තොරතුරු අවශ්‍යතා සැපයීම සඳහා ගිණුම්කරණ කාර්යයන් පැවතියද බොහෝ ශක්තිමත් සමාගම් ව්‍යාපාරයක උපායමාර්ගික දිශානතිය මෙහෙයවීමසට පමණක් නොව ආයතනික නවොත්පාදනයට දායකවීමට සහ වටිනාකම් නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලියට මූල්‍ය වාර්තාකරණ භාවිතයන්ගේ විභවයන් හඳුනාගැනීමට පටන්ගෙන ඇත.

මහජන මුදල් සමඟ ගනුදෙනු කිරීමේ තීරණාත්මක වගකීම සමඟ අරගල කරමින් සිටින ඉහළ නියාමනයක් ඇති ජීවිත රක්ෂණ සමාගම් සාර්ථක මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා විනිවිදභාවයකින් යුතු මූල්‍ය වාර්තාකරණ ක‍්‍රමෝපායන්වලට විශාල වැදගත්කමක් ලබා දී ඇත. එමගින් ව්‍යාපාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීම සිදුවන අතරම එම ව්‍යාපාරය විධිමත්ව පවත්වා ගෙන යාම, සියලූ මූල්‍ය කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම, පාර්ශවකරුවන්ගේ විශ්වාසය වැඩි කිරීම සහ ඔවුන්ගේම දත්තවලින් උපාය මාර්ගික සැලසුම් සකස් කරගැනීම ආදිය සිදු වේ. මේ ආකාරයේ ඒකාබද්ධ වාර්තාකරණය ගෝලීය හොඳම ක‍්‍රමෝපායන් සහ බාහිර සහතිකකරුවන් විසින් නිශ්චිත නියාමනයකට ලක් කරමින් පවත්වා ගෙන යනු ලබන අතර ව්‍යාපාරය පිළිබඳ විනිවිදභාවය, හෙළිදරව් කිරීම් හා විශ්වාසය මනාව පිළිබිඹු කරයි.

සංකීර්ණත්වය තුළින් ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීම

ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණයේ මූලික අරමුණ වනුයේ වටිනාකම් නිර්මාණය කිරීම වන අතර එය සියලූම පාර්ශවකරුවන් සඳහා ඉතා වැදගත් වේ. ඒකාබද්ධ මූල්‍ය වාර්තා මගින් මුල්‍ය, සමාජීය සහ යෙදවුම් හා කාර්යසාධන තොරතුරු එක් පිටුවකට ගෙන ඒවා හෙළිදරව් කිරීම හා සම්බන්ධීකරණය සිදු කරයි. මෙමගින් සමාගමේ සමාජ වගකීම් පිළිබඳව විනිවිදභාවය වැඩිදියුණු කරනු ලබන අතර කාලයත් සමඟ සමාගම සමාජ වටිනාකම් නිර්මාණය කර ඇති ආකාරය පිළිබිඹු කරයි. එය සමාගම්වලට හා අනෙකුත් පාර්ශවකරුවන්ට උසස් තක්සේරු කිරීම් හා දිගුකාලීන තීරණ පිළිබඳව ඉලක්කම්වලින් ඔබ්බට සිතා බැලීමට උපකාර කරයි. වැදගත්ම දෙය නම්, ‘‘ඒකාබද්ධ චින්තනය’’ (Integrated thinking) මත පදනම් වූ සංස්කෘතියක් සමාගම තුළ බිහි වීමයි. තම සියලූ පාර්ශවකරුවන් වටිනාකම් ජනිත කරවන ඒකාබද්ධ චින්තනය මත පදනම් වූ නිවැරදි ආයතනික පාලනයක් වර්ධනය වන ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය අංගයකි.

තවද ඵලදායි නවෝත්පාදනය, මූල්‍ය දත්ත වඩාත් ඵලදායීව භාවිතා කිරීමට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට ක‍්‍රියාකාරී අවබෝධයක් ලබා දීම සඳහා ඉතා වැදගත් වේ. ගෝලීය වශයෙන් තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් තුළ නොනැසී සිටීමට සහ දියුණු වීමට උත්සාහ කරන ආයතන සඳහා නවෝත්පාදනයේ සහ එමඟින් මූල්‍ය වාර්තාකරණයේ ඇති තීරණාත්මක වැදගත්කම අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

උදාහරණයක් ලෙස, ලැයිස්තුගත ආයතනයක් ලෙස විනිවිදභාවය, වගවීම සහ වගකීම සඳහා සමාගමේ දැඩි කැපවීම පිළිබිඹු කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණය සඳහා International <IR> Framework සහ Global Reporting Initiative (GRI) (Standard ‘Core’ option) වැනි ගෝලීය වශයෙන් පිළිගත් මිණුම් දඬු අනුගමනය කිරීමට ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වියx සමාගමේ සියලූම පාර්ශවකරුවන් සමඟ එහි වටිනාකම් සඳහා Six Capital Reporting (ඒකාබද්ධ වාර්තාකරණය යටතේ) රාමුවට අනුගතව සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම කටයුතු කළේ එය සමාගමේ දැක්මෙහි කොටසක් ලෙසය. සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම ඒකාබද්ධ වාර්තාකරණ ක‍්‍රමෝපායන් පිළිබඳ සහතිකයක් ලබා ගත් ආසියාවේ සහ ශ‍්‍රී ලංකාවේ (ගෝලීය වශයෙන් හත්වන සමාග) පළමු සමාගමයි. තවද සමාගම වසර හතරකට පෙර සිය වාර්ෂික වාර්තාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට වීඩියෝ වාර්ෂික වාර්තාවක් ලෙස ඉදිරිපත් කිරීම හරහා ඔවුන්ගේ ප‍්‍රගතිය සහ සමාගමේ පාර්ශවකරුවන් වෙත නව ආකාරයකින් ඉදිරිපත් කළේය.

ඒකාබද්ධ චින්තනයේ බලය

ඒකාබද්ධ චින්තනය (Integrated Thinking) යනු සමාගමක ඉහළම පිරිස් සමූහයක් ලෙස එහි අගය නිර්මාණය කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට, දැන ගැනීමට සහ සැලසුම් කිරීමට සාමූහිකව ක‍්‍රියාකිරීමයි. එය එහි පාලනය, ව්‍යවසාය අවදානම් කළමනාකරණය, උපායමාර්ග සහ අභ්‍යන්තර පාලනයන් පිළිගනිමින් සමාගමේ ව්‍යාපාර ආකෘතිය තීරණය කිරීම වෙනුවෙන් කණ්ඩායම් මෙහෙයවයි. එය නව මානයන් හරහා වටිනාකම් නිර්මාණය කිරීම, අධීක්ෂණයට සහ වටිනාකම් නිර්මාණය කිරීමට හෝ බෙදාහැරීමට හැකි සාධක පිළිබඳ ඵලදායී ආකාරයකින් තීරණ ගැනීමට සමාගම්වලට උපකාර කරයි.

පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ගැටළු එහි මූලික ව්‍යාපාර කළමනාකරණයට ඒකාබද්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබා දීම සඳහා ‘ඒකාබද්ධ චින්තනය’ වඩාත් වැදගත් වෙයි. මෙය ව්‍යාපාරික ප‍්‍රජාවට සමාගමේ ක‍්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි දැක්මක් ලබා දෙන අතර වසංගත කාලවලදී විශාල වෙළෙඳපලවල් අස්ථාවර වීමේදී ක්ෂණිකව ඊට ප‍්‍රතිචාර දැක්වීමට එය උපකාර වෙයි.

මීට අමතරව, නවීන වෙළෙඳපොලවල් පෙර නොවූ විරූ වේගයකින් ඉදිරියට ගමන් කරන නිසා වැඩි කාර්යක්ෂමතාවයක්, වේගයක්, නිරවද්‍යතාවයක් සහ විනිවිදභාවයක් ලබා ගැනීම උදෙසා ඩිජිටල් විසඳුම් උපයෝගී කර ගනිමින් තරගකාරී වාසියක් ලබා ගැනීමට සහ පවත්වා ගැනීමට සමාගම් උනන්දු වී ඇත.

සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම නව්‍යකරණය සහ ඒකාබද්ධ චින්තනය පෙරදැරිව ක‍්‍රියාකරන නිසා ජීවිත රක්ෂණය කිරීමේ කාර්යය අඛණ්ඩව කරගෙන යාමට නවතම ක‍්‍රම සොයා ගැනීමට හැකි වී ඇත. එය සමාගමේ වෙළෙඳනාමය ඉදිරියන් තබා ගැනීමට සහ සේවකයින්ට සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක‍්‍රියාවලීන් අනුගමනය කිරීමටත්, නව රොබෝ ක‍්‍රියාවලීන් ස්වයංක‍්‍රීයකරණ තාක්ෂණයන් සහ විශාල දත්ත විශ්ලේෂණ භාවිතයෙන් ස්ථාවර මුදල් ප‍්‍රවාහයක් පවත්වා ගැනීමට මෙන්ම මිලියන 1.5 කට අධික ශ‍්‍රී ලාංකික ජීවිත රක්ෂණය කිරීමටත් උපකාරී විය.

(ලේඛකයා සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි ප‍්‍රධාන මූල්‍ය නිලධාරී/ ශ‍්‍රී ලංකා ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික/ශ‍්‍රී ලංකා රක්ෂණ සංගමයේ මූල්‍ය හා තාක්ෂණික කමිටුවේ සභාපති නුවන් විතානගේ මහතා ය)




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව