Q+ ගෙවීමේ ඇප් පහසුකම සිංහල හා දෙමළ භාෂාවෙනුත් මහජනතාව අතරට

Q+ goes trilingual (LBN)

Lanka QR විසින් සහතික කරන ලද ශ්‍රී ලංකාවේ පළමු ජංගම ගෙවීම් යෙදුම වන Q+ ගෙවීමේ ඇප් පහසුකම සිංහල හා දෙමළ අනුවාද තුළින් දියත් කිරීමේ උත්සව නිට්ටඹුව සහ යාපනයේ පවත්වන ලදී.

කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන මෙය මුළු දිවයිනම ආවරණය වන පරිදි වඩාත් පුළුල් පාරිභෝගික ප්‍රජාවකගේ පරිශීලනයට පහසු භාෂා භාවිත කිරීම සඳහා අවස්ථා සලසා දී ඇත.

 



 

Q+ යෙදුමේ සිංහල අනුවාදය එළිදැක්වීමේ උත්සවය නිට්ටඹුව නිහාල් ෆැෂන් සංකීර්ණයේදී පැවැත්වූ අතර මිලදී ගැනීම් සඳහා QR ගෙවීම් භාවිත කරන්නන් හට කෑෂ්බෑක් දීමනාවක්ද ලබාදුන් බව බැංකුව පවසයි. කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා, කොළඹ මෙට්‍රෝ කලාපීය කළමනාකරු හේමන්ත සූරියබණ්ඩාර මහතා, කලාපීය ශාඛා කළමනාකරුවන් සහ නිහාල් ෆැෂන් කාර්ය මණ්ඩලය හා කළමනාකාරීත්වය ද මේ සඳහා සහභාගි වූහ.

එසේම යාපනයේ TCT මල්ටි ටේ‍්‍රඩ් සෙන්ටර් හි මෙහි දෙමළ අනුවාදය දියත් කිරීමේ උත්සවය කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා, උතුරු කලාපීය කළමනාකාර ඒ.ජෙයාබලන් මහතා, බැංකු කළමනාකරුවන් කිහිප දෙනෙකු, කලාපීය ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ TCT මල්ටි ටේ‍්‍රඩ් සෙන්ටර් හි කාර්ය මණ්ඩලයේ හා කළමනාකාරීත්වයේ මූලිකත්වයෙන් සිදුවිය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 20 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව