PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල 2020 ඇරඹේ

1

ආසියාවේ ප්‍රමුඛතම දේපළ තාක්ෂණ සමාගමක් වන PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කිරීම පිළිබඳ දැනුම් දීම උදෙසා එම සමාගම පසුගියදා කොළඹ මූවන්පික් හෝටලයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණ. ඒ අනුව එම සම්මාන උළෙල 2020 ජුලි මස 17 වනදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට නියමිත අතර මැයි මස පළමු වනදා දක්වා ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම සිදු කරයි.

 සිව්වැනි වරටත් වාර්ෂික පැවැත්වෙන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල (ශ්‍රී ලංකාව) වසරේ විශිෂ්ටත ම දේපළ සංවර්ධනකරුවන්, ව්‍යාපෘති සහ සැලසුම්කරුවන් ඇගයුමට ලක්කරයි. www.AsiaPropertyAwards.com වෙබ් අඩවිය හරහා මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙය කර්මාන්ත සහ මහජනතාව සඳහා ද විවෘතය.

 2020 සම්මාන උළෙලට සම්බන්ධ වැදගත් දින අතරට 21 ජනවාරි  2020 –  අයදුම්පත් නිකුත් කිරීම සහ බාරගැනීම ආරම්භය,   1 මැයි  2020 – අයදුම්පත් නිකුත් කිරීමේ අවසාන දිනය, 8 මැයි  2020 – අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය , 8-19 ජූනි  2020 –පරිශ්‍ර නිරීක්ෂණය , 30 ජූනි  2020 – අවසාන විනිශ්චය , 17 ජුලී  2020 – ශ්‍රී  ලංකාවේ කොළඹ පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය , 20 නොවැම්බර්  2020 තායිලන්තයේ බැංකොක්හි පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය වේ.

 2020 වර්ෂයේ PropertyGuru සම්මාන උළෙල තුලදී කොළඹ, නැගෙනගිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විශිෂ්ටතම  සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සම්මාන පිරිනැමීම සිදු කරයි. මීට අමතරව දකුණු ආසියානු කලාපය තුල සිදුවන විශාල සංවර්ධනය මූලික කොට ගනිමින් මාලදිවයින් සංවර්ධන ව්‍යාපෘති ඇගයීමද මෙවර සම්මාන උළෙලිදී සිදු වේ. මෙහිදී මාලදිවයින තුල හොඳම නේවාසික ව්‍යාපෘතිය සහ මාලේ නගරය තුල හොඳම නේවාසික ව්‍යාපෘතිය සඳහා සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත.

 2019 වර්ෂයේ PropertyGuru සම්මාන උළෙලේදී වන් ට්‍රාන්ස්වර්ක් සමාගමේ සුවිසල් නිර්මාණයක් වනදකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස නම් දැරූ  `ද වන්`, Best Mixed Use Development සම්මානයට පාත්‍ර විය. කුළුණු ත්‍රිත්වයකින් සමන්විත මෙම ගොඩනැගිල්ල මීටර් 376ක උසකින් යුක්ත වන අතර හෝටල් සහ නිවාස සංකීර්ණ, සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, මහල් කිහිපයකින් යුත් වාහන නැවතුම් අංගණ, උත්සවශාලා මෙන්ම Sky Bar වැනි ආපනශාලා, කාර්යාල සංකීර්ණ සහ ඉදිකිරීමේ මුදුනත පිහිටි හෙලිකොප්ටර් අංගණ ආදියෙන් සමන්විත වේ . නූතන ගෘහනිර්මාණ ශිල්පයේ මූර්තියක් ලෙස හැඳින්විය හැකි   “ද වන්” ව්‍යපෘතිය තායිලන්තයේ බැංකොක් හි  14 වන වරටත් පැවැත්වුණු PropertyGuru සම්මාන උළෙලේදී  ඔස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, පිලිපීනය සහ මියන්මාරය ඇතුළු රටවල නිර්දේශිත සමාගම් 8ක් අභිභවමින්  ආසියාව සඳහා වන  Best Mixed Use Development සම්මානයද  හිමිකර ගැනීමට සමත් විය.

 විනිවිදභාවය සහ විශ්වසනීයත්වය සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල (ශ්‍රී ලංකාව) Paramount Realty සම නිර්මාතෘ/ ප්‍රධාන විධායක  ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතා ප්‍රමුඛ ක්ෂේත්‍රයේ කීර්තිමත් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මඬුල්ලක් විසින් විනිශ්චය කෙරේ. අවසන් වටය සඳහා තෝරාගත් අයදුම්කරුවන්ගේ ගොඩනැගිලි පරිශ්‍ර නිරීක්ෂණය කිරීමට ද විනිශ්චය මණ්ඩලය කටයුතු කරති.

 මෙම වැඩසටහන පිළිබඳ සිය අදහස් දක්වමින් Paramount Realty සම නිර්මාතෘ/ ප්‍රධාන විධායක ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතා මෙසේ පවසා සිටියේය. ” 2020 වර්ෂයේ ශ්‍රී ලංකාව තුල පමණක් නොව මුළු කලාපය තුලම දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ යහපත් වර්ධනයක් අපේක්ෂා කල හැකි. තවද  ලෝක බැංකු දත්තයන්ට අනුව දකුණු ආසියාවේ ආර්ථික වර්ධන වේගය අනෙකුත් සියලුම කලාපීය වර්ධනයන් අභිභවා යමින් සිටී.  තාක්ෂණික වශයෙන් පමණක් නොව යහපත් ආර්ථික, මුල්‍ය සහ දේශපාලනිකමය ප්‍රතිපත්ති හේතුවෙන් දකුණු ආසියාව නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් සිටිනවා”

 2020 PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ  PropertyGuru දේපළ වාර්තා සඟරාව නිල සඟරා සහකරු ලෙස දනිල මහජන සම්බන්ධතා සහකරු ලෙස PR WIRE,  සම්මානිත BDO කණ්ඩායම නිල අධීක්ෂණ සහකරු ලෙස ද අත්වැල් බැඳගෙන සිටී.

 වැඩිදුර විස්තර awards@propertyguru.com වෙත ඉ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ AsiaPropertyAwards.com නිල වෙබ්අඩවියට පිවිසීමෙන් හෝ ලබාගත හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව