Prime Residencies නවතම ව්‍යාපෘතිය ‘One Tangalle’ ඇරඹේ

Collage V2 (LBN)

අධි සුඛෝපභෝගී ‘One Collection’ ව්‍යාපෘති එකතුවට අලුතින්ම එක් වන ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ දක්ෂිණ සාගරය හා තංගල්ල කලපුව හමු වන මනරම් නිසංසල පරිසරයක පිහිටා ඇති ‘One Tangalle’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. මෙය ඉදිකරනු ලබන්නේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Residencies PLC සමාගම විසිනි. එහි සමාරම්භක උත්සවය 2025 අප්‍රේල් 26 දින පැවැත්වුණු අතර, එයට නිවාස ගැනුම්කරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළුව ව්‍යාපෘතියට සම්බන්ධ බොහෝ පිරිසක් සහභාගී වූහ.

 



 

දකුණු පළාතේ අතිශයින් ජනප්‍රිය වෙරළබඩ ප්‍රදේශයක ඉදි වන ‘One Tangalle’ ව්‍යාපෘතිය අධි සුඛෝපභෝගී නිවාසවලින් සමන්විත සුවිශේෂී ව්‍යාපෘතියකි. මෙය Prime Residencies PLC සමාගමේ අධි සුඛෝපභෝගී ‘One Collection’ ව්‍යාපෘති අතරට අලුතින්ම එක්වන ව්‍යාපෘතියයි. සුප්‍රකට ඉදිකිරීම් සමාගමක් වන Tudawe Brothers විසින් මෙහි ඉදිකිරීම් සිදුකරනු ලබන අතර, එම කටයුතු 2027 වසරේදී අවසන් වීමට නියමිතය.

Prime සමූහ ව්‍යාපාරය යනු වසර 30 කට අධික කාලයක් පුරා මෙරට ජනතාවගේ නොසැලෙන විශ්වාසය දිනාගත්, දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරයකි. තම පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිසරයක ජීවත් වීමට කැමති නිවාස හිමියන් වෙනුවෙන්ම සැලසුම් කර ඇති ‘One Tangalle’ ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස ක්ෂේත්‍රයේ නව ඇරඹුමක් බවට පත් වනු නිසැකය.

සාගරය සහ කලපුව මැනවින් දර්ශනය වන ආකාරයට සැලසුම් කළ, නිදන කාමර 2 සහ 3 බැගින් වන සුඛෝපභෝගී නිවාස 38 ක් ‘One Tangalle’ ව්‍යාපෘතියට ඇතුළත් වී තිබේ. වර්ග අඩි 1,350 සිට වර්ග අඩි 2,000 ට වැඩි විශාලත්වයකින් යුත් මෙම නිවාස, සේවා සපයනු ලබන සුඛෝපභෝගී නිවාස (Serviced Apartments) කාණ්ඩයට අයත් සියලු පහසුකම්වලින් සමන්විත බැවින් ඒවා ඉහළ තලයේ ජීවන රටාවකට ඇලුම් කරන නිවාස හිමියන්ට ඉතාමත් හොඳින් ගැළපෙන තෝරාගැනීමක් ලෙස හැඳින්විය හැකි වේ.

සෑම අංගයක්ම සූක්ෂමව සැලසුම් කර ඉදිකරනු ලබන මෙම නිවාස සියල්ලටම කලපුව සහ සාගරය මැනවින් දර්ශනය වනු ඇත. [විවෘත මුළුතැන්ගෙයකින්ද සමන්විත මෙම සුඛෝපභෝගී නිවාස සඳහා වෙනම භාරකාර සේවකයෙකු (Concierge) ද පත්කෙරේ]. නිවාස සංකීර්ණයේ ඉහළින්ම පිහිටි infinity pool, fitness centre, cigar lounge and bar, games gallery, outdoor BBQ area සහ අතිනවීන ආරක්ෂක සේවාවන් ඇතුළු පහසුකම් රැසක්ද මීට ඇතුළත් වනු ඇත.

අතිශයින් දැකුම්කලු වෙරළ තීරයන් සහ සශ්‍රීක ජෛව විවිධත්වය සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලන තංගල්ල ප්‍රදේශය මේ වන විට සංචාරකයන් අතර සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. මුල්කිරිගල විහාරය, හුම්මානය, රැකව කැස්බෑ සංරක්ෂණ අභය භූමිය සහ කලමැටිය කුරුළු අභය භූමිය වැනි සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන රැසක් ‘One Tangalle’ ව්‍යාපෘතිය පිහිටි ස්ථානයට නුදුරින් පිහිටා තිබේ. එමෙන්ම තංගල්ල යනු නැවුම් මත්ස්‍ය වර්ග, දකුණු පළාතට ආවේණික ආහාරපාන, විවිධත්වයෙන් අනූන ප්‍රජාවන් සහ ජල ක්‍රීඩා ඇතුළු බොහෝ අංගවලින් සමන්විත ප්‍රදේශයක් ලෙසද හැඳින්විය හැකි වේ.

Prime සමූහ ව්‍යාපාරය දශක 3 ක් පුරා නිවැසියන්ට තම පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා වන, නවීන පහසුකම්වලින් සමන්විත, උසස්ම ඉදිකිරීම් ප්‍රමිතියෙන් යුත් නිවාසවල ජීවත් වීමේ අවස්ථාව උදාකර දී තිබේ. ඒ ඔස්සේ මෙරට ජනතාවගේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට Prime සමූහ ව්‍යාපාරය සමත් වී ඇත. උසස්ම ප්‍රමිතිය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් Prime සමූහ ව්‍යාපාරය පෙන්නුම් කරන උනන්දුව හා කැපවීම ‘One Tangalle’ ව්‍යාපෘතිය මගින්ද මැනැවින් පිළිඹිඹු වෙයි. ඉදිරියටත් මෙම ගුණාංග සියල්ල එලෙසින්ම රැකගනිමින්, මෙරට ජනතාවට තව තවත් සුවිශේෂී නිවාස ව්‍යාපෘති හඳුන්වා දීම Prime සමූහ ව්‍යාපාරයේ අරමුණ වී ඇත.

‘One Tangalle’ ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර සඳහා +94703777777 අමතන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව