Prime Residencies හි, ‘The Seasons – Colombo 8’ අධි-සුඛෝපභෝගී Boutique නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹේ

Image - Prime Residencies Celebrates Groundbreaking of Ultra-luxury Boutique Development 'The Seasons Colombo 8' (LBN)

ශ්‍රී ලංකාවේ නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශ්වසනීය නාමයක් දිනා සිටින ප්‍රයිම් රෙසිඩන්සීස් පීඑල්සී, සිය නවතම ‘The Seasons Colombo 8’ අධි-සුඛෝපභෝගී boutique නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ කරන ලදී. උත්සවාකාරයෙන් සිදුවූ මෙම මුල් ගල් තැබීමත් සමඟ මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු නිල වශයෙන් ඇරඹිණි.

මෙම වැදගත් අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති සහ සම-සභාපති මෙන්ම තවත් ගෞරවණීය අමුත්තන් සහ පාර්ශවකරුවන් රැසක් සහභාගී විණි. ප්‍රයිම් සමූහයේ අධි-සුඛෝපභෝගී නිවාස කාණ්ඩය වන “One Collection” යටතේ ඇරඹුණු මෙම ව්‍යාපෘතිය, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සහ විශේෂ පාරිභෝගික ප්‍රජාවේ අද්විතීය ගමනක ආරම්භයක් සනිටුහන් කරන ලදී.
 



 

නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ තිස් වසරක අත්දැකීම් සමූහයකින් සමන්විත ප්‍රයිම් සමූහය, නිරතුරුවම ඉහළ ගුණාත්මක භාවය හා විශ්වසනීයත්වය අත්පත් කොට ගෙන සිටී. ප්‍රයිම් සමූහය උපයා ගෙන සිටින මෙම විශිෂ්ටත්වය සමඟින්, මෙම නව ව්‍යාපෘතිය ඉහළ ප්‍රමිති මට්ටම් වලට අනුකූලව, ඉහළම මට්ටමේ ශිල්පීය දක්ෂතාවයක් සහ සියුම් මට්ටමේ සිටම විශිෂ්ටත්වය සහතික කරමින් ඉදි කෙරෙනු ඇත.

කොළඹ 08, ඉහළ නේවාසික ප්‍රදේශයක් වන චන්ද්‍රලේඛා මාවත සහ ෆෙයාර්ෆීල්ඩ් උද්‍යාන පෙදෙස අතර පිහිටා ඇති  boutique පන්නයේ නිවාස ව්‍යාපෘතියක් වන ‘The Seasons Colombo 8’, එක් නිවාස ඒකකයක් දළ වශයෙන් වර්ග අඩි 2000 ක් පමණ වන නිවාස ඒකක 44 කින් සමන්විත වනු ඇත. මෙහි අනාගත නිවෙස් හිමියන්ට සුවිශිෂ්ටත්වය සහ මනා සුවපහසුව පිළිබඳ හැඟීමක් ඇති කරවන සුළු අයුරින් සූක්ෂමව සැලසුම් කර ඇති මෙම නිවාස, සෑම නිවසකටම වෙන්වූ ගබඩා පහසුකම් ඇතුළු තවත් බොහෝ අති-නවීන පහසුකම් රැසකින් සමන්විතව, සමෘද්ධිමත් ජීවිතයක් අගය කරන සුවිශේෂී ප්‍රජා කොටසක් වෙනුවෙන්ම නිර්මාණය වනු ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ විසින් මෙලෙසින් අදහස් දක්වන ලදී. “අපි අපගේ පාරිභෝගිකයින්ට ඇහුම්කන් දෙමින්, ඔවුන් ඉල්ලා සිටින දේම ලබාදී තිබෙනවා. ඒ කියන්නේ, මනා ඉඩ කඩ සහිත, සුඛෝපභෝගී, අලංකාරවත් ජීවන පරිසරයක්. ‘The Seasons Colombo 8’ තුළ ඉතා ඉහළ මට්ටමේ නේවාසික පරිසරයක, නව තාක්ෂණය මුසු කර නිර්මාණය කළ, සිත් ඇදගන්නා සුළු නිවාස ඒකක 44 ක් ඉදි කෙරනු ඇත.”

Boutique වර්ගයේ නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් ඉදි වන ‘The Seasons Colombo 8’ තුළින්, පාරිභෝගිකයන් බලාපොරොත්තු වූවාටත් වඩා මනාව සැලසුම් කෙරුණු අධි-සුඛෝපභෝගී ජීවන රටාවක් නිර්මාණය කිරීම සඳහා වන සමාගමේ දැක්ම නියෝජනය වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දක්නට ලැබෙන rooftop wave pool, අංගසම්පූර්ණ ශරීර වර්ධන හා ව්‍යායාම මධ්‍යස්ථානයක්, bottle bank පහසුකම් සහිත executive lounge, gaming area, karaoke lounge, business lounge, සම්මන්ත්‍රණ හා රැස්වීම් ශාලාවක්, ඇවිදීම් සඳහා වෙන් වූ මංතීරුවක් සහ යෝගා පර්යන්තයක් ඇතුළු නානාවිධ පහසුකම් රැසක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි සභාපතිනිය, සඳමිණි පෙරේරා විසින් ද මෙහිදී අදහසක් එක් කරන ලදී. “අපි, ‘The Seasons Colombo 8’ ව්‍යාපෘතිය සමඟින් සුඛෝපභෝගී ජීවන පැවැත්මකට නව අර්ථකථනයක් ලබා දෙනවා. ඒ වගේම, කොළඹ නගරයේ වර්ධනය වෙමින් පවතින දේපළ වෙළඳපොළ තුළ දීර්ඝ කාලීන ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරන පාරිභෝගික ප්‍රජාවට, අතිශය වටිනාකමකින් යුක්ත දේපළක් හිමි කර ගැනීම සඳහා අද්විතීය ආයෝජන අවස්ථාවක් ද ලබා දෙනවා. එසේම මෙම ව්‍යාපෘතිය තුළින්, කොළඹ නගරයේ හදවත මධ්‍යයේ පිහිටි නිවසක්, ජාත්‍යන්තර මට්ටමේ නවීන පහසුකම් සහිතව, සුවිශිෂ්ට ශිල්පීය ඥාණයකින් යුතුව සැලසුම් කෙරුණු අනර්ඝ ජීවන අත්දැකීමක්, වඩාත් විචක්ෂණශීලී පාරිභෝගික පිරිසකට අපි ලබා දෙනවා.”

මෙම ‘The Seasons Colombo 8’ නිවෙස් ඒකක වලට, දැවමය පොළොව, walk-in closet ඇඳුම් අල්මාරි, සියළුම අංගෝපාංගයන්ගෙන් සම්පූර්ණ වූ, අති නවීන උපාංගයන්ගෙන් සමන්විත මුළුතැන්ගෙය, ස්වයංක්‍රීය “Smart” නිවාස පද්ධතිය මෙන්ම ස්වයංක්‍රීයව උණුසුම් වන තුවා රඳවන (heated town railings) ඇතුළු බොහෝ නවීන පහසුකම් ඇතුළත් වේ. එවැනි සියළුම දේ සමග, මෙහි නිවෙස් හිමියන්ට කොළඹ නගරය තුළ පෙර නොවූ විරූ සුඛෝපභෝගී ජීවන අත්දැකීමක් විඳින්නට හැකියාව ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘතියේ පිහිටීමත්, උත්කෘෂ්ටභාවයෙන් යුතු සැලසුමත්, විශිෂ්ටත්වය සඳහා ප්‍රයිම් සමූහය ලබා ඇති කීර්තියත් එක් තැන් වූ විට, ‘The Seasons Colombo 8’ යනු ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සිතියමේ වඩාත් අවධානයට ලක් වන ස්ථානය බවට පත් වීමට නියමිත බැව් නොඅනුමානය.

‘The Seasons Colombo 8’ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා, 0702 777 777 අංකය අමතන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව