
Prime Lands සමාගම සිය YouTube නාලිකාවේ ග්රාහකයන් 100,000 සීමාව පසුකරමින් ‘YouTube Silver Play Button’ හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම දේපළ සංවර්ධන සමාගම බවට පත්වීමට පසුගියදා සමත් විය. Prime සමූහය සිය 30 වැනි සංවත්සරය සමරන අවස්ථාවක මෙම සන්ධිස්ථානය සනිටුහන් වීම විශේෂත්වයකි. මෙය Prime සමූහය දශක තුනක් පුරා අත්කරගත් සාර්ථකත්වයට නව ඩිජිටල් මානයක් එක්කරන සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.
YouTube මඟින් හඳුන්වා දී ඇති ‘Creator Awards’ වැඩසටහන යටතේ සැලකිය යුතු ග්රාහක සීමාවන් පසුකරන නාලිකා සඳහා Silver Play Button පිරිනමනු ලබයි. Prime Lands මෙම සන්ධිස්ථානය සනිටුහන් කිරීම, සාම්ප්‍රදායික අලෙවිකරණ ක්‍රමවේදවලට සීමා නොවී සාර්ථක ලෙස ඩිජිටල් තාක්ෂණික ප්‍රවේශයක් අනුගමනය කිරීමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි. නවීන තාක්ෂණය සහ නිර්මාණශීලීත්වය එක්තැන් කරමින්, ශ්‍රී ලාංකිකයන්ට දේපළ පිළිබඳ තොරතුරු ආකර්ශණීය ලෙස සන්නිවේදනය කිරීමට Prime Lands සමාගමට හැකියාව ලැබී තිබේ. මේ වන විට සමාගමේ YouTube ග්රාහක සංඛ්‍යාව 600,000 පසුකර ඇති අතර, ඉදිරියේදී තම ඩිජිටල් ප්‍රචාරණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි.
මෙය හුදෙක් ග්රාහකයන් සංඛ්‍යාව සම්බන්ධ සන්ධිස්ථානයක් පමණක් නොව, Prime Lands සමාගම ඩිජිටල් ප්‍රේක්ෂකයන් අතර දිනාගෙන ඇති විශ්වාසය මෙන්ම, ශ්‍රී ලංකාවේ දේපළ අලෙවිකරණ ක්‍රියාවලිය තුළ එය ඉටුකරන පරිවර්තනීය භූමිකාවද මැනැවින් පිළිබිඹු කරයි. ඉඩකඩම්, සංවර්ධන ව්‍යාපෘති සහ දේපළ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආදිය පිළිබඳ තොරතුරු ඩිජිටල් නාලිකා ඔස්සේ ඉදිරිපත් කිරීම තුළින්, පාරිභෝගිකයන්ගේ තෝරාගැනීම් ක්‍රියාවලිය පහසු කිරීමටත්, නිවැරදි තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට ඔවුන්ට අවස්ථාව උදාකර දීමටත් Prime Lands සමාගමට හැකියාව ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් Prime Lands (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්යක්ෂ රුමින්ද රන්දෙණිය මහතා මෙසේ පැවසීය: “අප සෑමවිටම උත්සාහ කරන්නේ දේපළ ගැනුම්කරුවන්ට දැනුවත්ව තීරණ ගැනීමට අවස්ථාවක් ලබාදීමටයි. එම උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ දේපළ ක්ෂේත්රයේ වඩාත්ම සාර්ථක YouTube නාලිකාවක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා. ඒ ඔස්සේ දේපළ පිළිබඳ තොරතුරු සන්නිවේදනය කරන ආකාරය මුළුමනින්ම වෙනස් කිරීමට අපට හැකි වී තිබෙනවා. ඉදිරියටත් පාරිභෝගිකයන්ට දේපළ වෙළඳාම් ක්ෂේත්රය සමඟ සම්බන්ධ වීම මෙවැනි ක්‍රමවේදයන් තුලින් පහසු කර දීම අපගේ ඉලක්කයයි.”

Prime Lands හි ඩිජිටල් සම්බන්ධතා ක්‍රමෝපායෙහි ප්‍රධාන අංගයක් බවට YouTube පත්ව ඇති අතර, එමඟින් පාරිභෝගිකයන් දේපළ සොයාගන්නා ආකාරය සහ ඒවා පිළිබඳ වැඩිදුර තොරතුරු ගවේෂණය කරන ආකාරය පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමට හැකි වී ඇත. මෙම නාලිකාව හරහා ගනුදෙනුකරුවන්ට තමන් උනන්දු වන දේපළ දේපළ පිහිටි ප්‍රදේශය ඇතුළුව ඒ සම්බන්ධ වැදගත් තොරතුරු රාශියක් දැනගැනීමටත්, වීඩියෝ ඔස්සේ එම දේපළ නැරඹීමටත්, ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳව දැනුවත් වීමටත් අවස්ථාව හිමි වේ. මෙමඟින් සාම්ප්‍රදායික ප්‍රචාරණ ක්‍රමවලට වඩා අව්‍යාජත්වයට සහ විනිවිදභාවයට ප්‍රමුඛත්වය දෙමින්, දේපළ පිළිබඳ සත්‍ය තොරතුරු ගනුදෙනුකරුවන් වෙත ඉදිරිපත් කිරීමට Prime Lands කටයුතු කරයි. මේ හේතුවෙන් දේපළ පිළිබඳ තොරතුරු සෙවීමේ ක්‍රියාවලිය තුළ පාරිභෝගිකයන්ට වැඩි පාලනයක් හිමි වන අතර, ඔවුන්ට වඩාත් විශ්වාසයෙන් යුතුව දේපළ සම්බන්ධ තීරණ ගැනීමට හැකියාව ලැබේ.
දශක තුනක පළපුරුද්දක් හිමි Prime Lands මේ වන විට රට පුරා නිවාස සහ මහල් නිවාස ව්‍යාපෘති 70 කට වැඩි සංඛ්‍යාවක් සහ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති 10,000 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබේ. නව ඩිජිටල් ප්‍රචාරණ හා ප්‍රවර්ධන ක්‍රමවේද අනුගමනය කිරීමත් සමඟ නව පාරිභෝගික පිරිසක් එම සමාගම වටා රොක්වෙමින් සිටිති. මෙම ප්‍රවණතාව Prime සමූහයේ දීර්ඝකාලීන උරුමයේ නව මානයක් සනිටුහන් කරන අතර, ශ්‍රී ලාංකිකයන් දේපළ සොයාගන්නා ආකාරය සහ ඒවා සමඟ සම්බන්ධ වන ආකාරය පූර්ණ පරිවර්තනයකට ලක්කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයන් සාර්ථක ලෙස භාවිතා කිරීමට Prime Lands සමත් වී ඇති බවට මෙම ජයග්‍රහණය සාක්ෂි දරයි.


