Prime Health Herbal Products සමාගම Golden Inmediens සම්මාන දිනයි

PRIME (LBN)

මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදන සමාගමක් වන Prime Health Herbal Products (PHHP) එම ක්ෂේත්‍රය වෙනුවෙන්  දක්වා ඇති සුවිශේෂ දායකත්වය Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් විය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීමේ අරමුණෙන් සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, අමාත්‍යවරු සහ රාජ්‍ය නිලධාරීහු රැසක් ඊට සහභාගී වූහ.

 



 

ශාකසාර ඖෂධ සහ පෝෂණ අතිරේක පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කරන PHHP සමාගම පිළිකා, දියවැඩියාව, ස්ථුලතාව සහ කිරීටක රෝග වැනි බෝ නොවන රෝග ඉලක්ක කළ පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර එම සමාගමට අයත් පර්යේෂණ සහ සංවර්ධන ඒකකය පේරාදෙණිය, කැලණිය (දේශීය වෛද්‍ය පීඨය) සහ රුහුණ යන දේශීය විශ්ව විද්‍යාල මෙන්ම මෙල්බර්න්, ඔසාකා, ස්පාඤ්ඤ සහ බර්ලින් වැනි විදේශීය විශ්ව විද්‍යාල රැසක් සමඟ එක් වී ස්ථාපනය කර තිබේ. එම සමාගමට අයත් අති නවීන පහසුකම්වලින් සපිරි කර්මාන්තශාලාව පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. පී. වී. ජේ. රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත PHHP සමාගම Golden Inmediens සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් වූයේ ඔවුන් නිපදවූ ‘LivingMo600’ වෙනුවෙනි. එය වසර හයක් වැනි දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලදී අනාවරණය වූ කරුණු පදනම් කර ගෙන නිපදවා ඇත. කරවිලවල අඩංගු ක්‍රියාකාරී සංඝටක, Eleostearic මේද අම්ල සහ කුරුඳු පොතු තෙල් යොදා ගෙන නිපදවා ඇති LivingMo600 සතුව පිළිකා සෛල වර්ධනය වීම පාලනය කිරීමේ හැකියාව ඇති බව සොයා ගෙන තිබේ. ඊට අමතරව metastasis වැනි තත්ත්ව ඇති වීම වැළැක්වීමට සහ පිළිකා සඳහා දෙන රසායනික චිකිත්සාව (chemotherapy) සහ විකිරණ චිකිත්සාව (radiotherapy) වැනි ප්‍රතිකාරවල අතුරු ප්‍රතිවිපාක පාලනයටද එය උපකාර වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව