Prime Health Herbal Products පිළිකා පාලනය හා වැළැක්වීම සඳහා වන විශිෂ්ටම නවෝත්පාදන සම්මානය දිනයි

PRIME

මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදකයෙකු වන Prime Health Herbal Products (PHHP) සමාගම BWIO සම්මාන උළෙලේදී පිළිකා පාලනය සහ වළක්වා ගැනීම සඳහා වන විශිෂ්ටම ශාකසාර නවෝත්පාදනය සඳහා වන සම්මානය දිනා ගත්තේය. ශාකමය අමුද්‍රව්‍ය පදනම් කර ගත් ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදනය පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කරන PHHP ආයතනය පිළිකා, දියවැඩියාව, ස්ථුලතාව සහ කිරීටක රෝග වැනි බෝ නොවන රෝග පාලනය සහ සුව කිරීම පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරයි. එම සමාගමට අයත් පර්යේෂණ සහ සංවර්ධන ඒකකය පේරාදෙණිය, කැලණිය (දේශීය වෛද්‍ය පීඨය) හා රුහුණ වැනි දේශීය විශ්ව විද්‍යාල සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, ජපානයේ ඔසාකා, ජර්මනියේ බර්ලින් වැනි විදේශීය විශ්ව විද්‍යාල රැසක් සමඟද සහයෝගයෙන් කටයුතු කරයි. එම සමාගමට අයත් අති නවීන පහසුකම්වලින් හෙබි ඖෂධ නිෂ්පාදන ඒකකය පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. වී. පී. ජේ. රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

 



 

වසර හයක් කළ පර්යේෂණවල ප්‍රතිපලයක් ලෙස බිහි වූ LivingMo600 කරවිලවල අඩංගු ක්‍රියාකාරී සංඝටක, Eleostearic මේද අම්ල සහ කුරුඳු පොතු තෙල් යොදා නිපදවා ඇත. දෙස් විදෙස් වශයෙන් විශාල ඉල්ලුමක් ඇති LivingMo600 සතුව පිළිකා තත්ත්ව වර්ධනය පාලනය කිරීමේ හැකියාව ඇති බව සොයා ගෙන තිබේ. Metastasis වැනි තත්ත්ව වළක්වා ගැනීමට මෙන්ම පිළිකා සඳහා දෙන Chemo සහ Radiotherapy වැනි සම්ප්‍රදායික ප්‍රතිකාර නිසා ඇති වන අතුරු ප්‍රතිවිපාක පාලනය කිරීමටද එය උපකාරී වන බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. “ශාකසාර ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස මහජන සෞඛ්‍ය වැඩි දියුණු කරන්න අප සතු කැපවීම මේ සම්මානයෙන් තහවුරු වෙනවා. අනුකරණවලට නොරැවටී සැබෑ නිෂ්පාදනය අවධානයෙන් තෝරා ගන්නා ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” මහාචාර්ය රාජපක්ෂ පැවසීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව