Orzone සමාගමෙන් ඇල්ල සංචාරක පුරවරයට සියලු පහසුකම් සපිරි පොලිස් මුරපොළක්

ORZON IMAGE - 1

මෙරට ප්‍රමුඛ පෙළේ පානීය ජල බෝතල් ඇසුරුම් සමාගමක් වන Orzone Mineral Water Exports පෞද්ගලික සමාගම විසින් සංචාරක පුරවරයක් වන ඇල්ල නගරයට නවතම පොලිස් මුරපොළක් ඉදි කර දෙන ලදී. ඇල්ල නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සහ ආරක්ෂාව සඳහා සියලුම පහසුකම්වලින් පරිපූර්ණව මෙම පොලිස් මුරපොළ ඉදි කරනු ලැබීම සුවිශේෂත්වයකි. විදුලි පංකා, විදුලි බුබුළු, ඔරලෝසු, ජල පෙරණ, පුටු, මේස, දුම්රිය හා බස් කාලසටහන් වැනි සංචාරක තොරතුරු ආදී පහසුකම් රැසක් මෙම පොලිස් මුරපොළට එක් කර ඇත. Orzone සමාගමේ අලෙවි අධ්‍යක්ෂ නීල් එන්. සෙනරත්, මූල්‍ය අධ්‍යක්ෂ අරුණ සෙනරත්, සා  මාන්‍යධිකාරි සම්පත් වීරගොඩ සහ යන මහත්වරු පොලිස් මුරපොළ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූහ.

 



 

අබලන්ව පැවති පැරණි පොලිස් මුරපොළ වෙනුවට අලුතින් ඉදි කළ මෙම පොලිස් මුරපොළ තමන්ට විශාල පහසුවක් බව ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. Orzone සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය උපුල් බී. සෙනරත් මහතා පැවසුවේ සිය සමාගම් සමූහය ආයතනික සමාජ වගකීම මනාව වටහා ගනිමින් සමාජ සුභසාධන කටයුතු සඳහා සිය උපරිම දායකත්වය නිරන්තරයෙන් දක්වන බවයි. වාර්ෂිකව ක්‍රියාත්මක කරන සමාජ සුභසාධන වැඩසටහන්වල තවත් එක් ප්‍රධාන අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන අපනයනකරුවෙකු වන Orzone සමාගම සෞඛ්‍යාරක්ෂිත ලෙස ජලය බෝතල් කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව ජල බෝතල් ඇසුරුම් කිරීම සහ නවීන තාක්ෂණය යොදා ගැනීම වැනි හේතු නිසා ජාත්‍යන්තර විශ්වාසය ඉහළින්ම දිනා ඇත. ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී සහ ඌව අභිමානී සම්මාන උළෙලේදී රන් සම්මාන සහ විශිෂ්ටම අපනයනකරු සම්මානය දිනා ඇති එම සමාගම FCCISL සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ව්‍යවසායකයාට හිමි රන් සම්මානය දිනා ගත්තේය. මේ වන විට විශිෂ්ට ව්‍යවසායකත්වය වෙනුවෙන් රන් සම්මාන 7ක් ඇතුළුව ජාතික සහ ජාත්‍යන්තර සම්මාන 22ක් දිනා ගැනීමට Orzone සමාගම සමත් වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව