OPPO වෙතින් OPPO Enco Air – ඉහළ ක්‍රියාකාරීත්වයක් සහ අවම latency මට්ටමක් සහිත ලොව ප්‍රථම True Wireless Earphones

OPPO Enco Air

 




 

 

ලොව ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන OPPO සන්නාමයේ කොටසක් වන OPPO Acoustics විසින් සිය OPPO Enco උපාංග මාලාවේ නවතම උපාංගය ලෙස OPPO Enco Air True Wireless Earphones හඳුන්වා දී තිබේ.

OPPO Enco Air හි විශේෂත්වය වන්නේ, ජර්මනියේ තාක්ෂණික පරීක්ෂණ සමාගමක් වන TÜV Rheinland වෙතින් True Wireless Earphones සඳහා High-Performance/Low Latency සහතිකකරණය හිමිකරගත් ලොව ප්‍රථම True wireless earphone උපාංගය එය වීම ය. TÜV Rheinland හි earphone පරීක්ෂණ සහ සහතිකකරණ ක්‍රමවේදයන්ගෙන් සාර්ථක ලෙස සමත් වීම නිසා මෙම සහතිකය පිරිනමා තිබේ. මෙම සහතිකය ලබාගැනීමට සමත් වූ එම වර්ගයේ ප්‍රථම නිෂ්පාදනය බවට පත්වීමට OPPO Enco Air සමත් වීම මගින් පෙනී යන්නේ, එහි විශිෂ්ට ක්‍රියාකාරීත්වය සම්බන්ධ තොරතුරු හුදෙක් ප්‍රකාශමානයන් පමණක් නොවන බවත්, ඒවා ස්වාධීන තහවුරු කළ හැකි බවත් ය.

OPPO Enco Air හි charging case නිමවා ඇත්තේ අලංකාරය මෙන්ම දෑතට සුවපහසුව ගෙනෙන matte texture එකක් සමගිනි. එහි ඉහළ ආවරණයද, අනෙකුත් සියලුම අංගද ඉතාමත් ආකර්ෂණීය ලෙස සැලසුම් කර ඇත. Misty White සහ Misty Black යන වර්ණ දෙකෙන් මෙම උපාංග ලබාගත හැකි වේ.

පැළඳ සිටින්නාට වැඩි පහසුවක් ගෙනෙන ආකාරයට, මිනිස් කනට වඩාත් පහසු බවට පර්යේෂණ වලින් තහවුරු කරන ලද Semi in-ear නිමාවකින් යුතුව OPPO Eco Air නිපදවා ඇත. ග්‍රෑම් 3.75 ක් තරම් අඩු බරකින් යුක්ත නිසා පැළඳ සිටින්නාට එහි බර නොදැනෙන තරම් ය. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ජලය ඇතුළු නොවන බවට වන IPX4 water-resistant සහතිකයද සමගින් එන මෙම උපාංගය ඕනෑම අවස්ථාවකට හොඳින් ගැළපේ.

Bass-enhancing ducts සහ 12mm Composite titanium drivers සහිතව නිපදවා ඇති OPPO Eco Air උපාංගය Bass සහ Treble නාදරටාවන් ඉතාමත් විශිෂ්ට ලෙස ලබාදෙයි. OPPO Blu-ray කණ්ඩායමේ විශිෂ්ට tuning හේතුවෙන් මේ ආකාරයට මෙය නිෂ්පාදනය කිරීමට හැකිවී තිබේ. තවද අව්‍යාජ සහ උසස් තත්ත්වයේ ශ්‍රව්‍යමය අත්දැකීමක් ලබාදෙන Advanced Audio Coding (AAC) සහ Sub-band Codec (SBC) තාක්ෂණයන්ද OPPO Enco Air උපාංගයේ භාවිතා වේ.

Charging case සමග විනාඩි 10 ක් ආරෝපණය කිරීම මගින් පැය 8 ක් දක්වාද, සම්පූර්ණයෙන් ආරෝපණය කිරීම මගින් පැය 24 ක් දක්වාද OPPO Enco Air භාවිතා කළ හැක.

තවද AI තාක්ෂණය පදනම් කරගත් noise-cancellation තාක්ෂණයක්ද OPPO Enco Air හි යොදා ඇති නිසා එමගින් සුපැහැදිලි නාද රටාවන් සිත් සේ රසවිඳිය හැකි වේ. Unstable හෝ Out-of-sync audio ගැටලු ඇති නොවීම සඳහා මීට නවතම Bluetooth 5.2 Chip එකක් යොදා ඇති අතර එය latency අවම කරමින්, Transmission Stability සහ Fight Interference වැඩිදියුණු කරයි. OPPO හි latency අවම කරන GameMode සමගින් එන OPP Enco Air උපාංගය දෘඪාංග හා මෘදුකාංග ක්‍රියාකාරීත්වය මැනැවින් එක්තැන් කරමින් අතිවිශිෂ්ට ශ්‍රව්‍ය අත්දැකීමක් ලබාදීමට සමත් ය. Charging case lid විවෘත කළ පමණින් ක්ෂණිකව Device Pairing සිදුවන quick pairing විශේෂාංගයක් හඳුන්වා දීමටද OPPO කටයුතු කර ඇත. මීට අමතරව වෙනස් කළ හැකි Touch Controls සහ Voice Assistant වැනි විශේෂාංගද ඇතුළත් වී තිබීම නිසා, ආරම්භක මිල මට්ටමේ උපාංගයකින් ඉහළම තලයේ අත්දැකීම් පෙළක් අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.

රු. 16,999 කට මිල මිලදීගත හැකි OPPO Enco Air දිවයින පුරා OPPO අලෙවිසැල් වලින් මෙන්ම අබාන්ස්, සිංහගිරි සහ ඩයලොග් ප්‍රදර්ශනාගාර වලින්ද, Buy Abans සහ Daraz.lk වැනි අන්තර්ජාල අලෙවිසැල් වලින්ද ලබාගත හැකි වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව