OPPO නවතම මාදිලිය OPPO F19 දැන් ශ්‍රී ලංකාවේ – ආරක්ෂාව හා ක්‍රියාකාරීත්වය වැඩි කරන නව අංග රැසක් සමග අතිවිශිෂ්ට සෙල්ෆි ඡායාරූප සඳහා AIකැමරාවක්

OPPO F19 Image#1

 




 

 

OPPO නවතම දුරකථන මාදිලිය වන OPPO F19 පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මීට පෙර හඳුන්වා දුන් OPPO F19 Pro මාදිලියටද, OPPO F Series දුරකථන මාදිලි එකුතුවේ අනෙක් මාදිලි වලට මෙන්ම පාරිභෝගිකයන් වෙතින් ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. නව OPPO F19 මාදිලියද ක්‍රියාකාරීත්වයත් අලංකාරයත් එක්තැන් කරන සුවිශේෂී නිර්මාණයක් ලෙසින් වෙළඳපොළට හඳුන්වා දී තිබේ.

අධි බලැති ප්‍රොසෙසරයක් සමග Qualcomm Snapdragon 662 chip යොදා ඇති නිසා OPPO F19 බාධා රහිත විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් ලබාදෙයි. 5000mAh බැටරියේ ආරෝපණය දිගු කාලයක් පවතින අතර, Fast Charge හැකියාව මගින් දුරකථනය විනාඩි 72 ක් තුළ මුළුමනින්ම ආරෝපණය වේ. 128GB storage space සහිත එහි Dual Channel Network තාක්ෂණය වඩාත් පහසුවෙන් අන්තර්ජාල භාවිතයට සහ වීඩියෝ ක්‍රීඩා වල යෙදීමට හැකිවන පරිදි Wi-Fi සහ mobile network අතර මාරු වීමට උපකාරී වෙයි.

48MP ප්‍රධාන කැමරාවක් සහිත නව දුරකථන මාදිලියට, bokeh portraits වැනි depth shots සඳහා 2MP depth කැමරාවක්ද, වඩාත් හොඳ macro shots සඳහා 2MP macro කැමරාවක්ද ඇතුළත් වේ. ඡායාරූප වඩාත් අලංකාර කිරීම සඳහා එකිනෙකට වෙනස් filters 15 ක් භාවිතා කළ හැක. AI Scene Enhancement මගින් ස්වයංක්‍රීයව filters නිර්දේශ කර ඡායාරූප වැඩිදියුණු කරන අතර 16MP ඉදිරිපස කැමරාව ඉතාමත් තාත්වික ආකාරයේ සෙල්ෆි ඡායාරූප ලබාදෙයි.

OPPO F19 හි වීඩියෝ හැකියාවද ඉහළ මට්ටමක පවතී. පසුපස කැමරාවෙන් high resolution සහිත Steady Video ලබාගත හැකි අතර, 30 FPS මට්ටමින් stabilized video ලබාගැනීම සිදුවේ. අවශ්‍ය නම් මන්දගාමී ලෙස දර්ශන ලබාගැනීමේදී පසුපස කැමරාවට යොදා ඇති SLO-MO තාක්ෂණය මගින් 120FPS මට්ටමින් 720p වීඩියෝ ලබාගත හැක. එමෙන්ම soloop මගින්ඉතාමත් පහසුවෙන් දර්ශන සංස්කරණය කළ හැකි වේ. soloop යනු අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක් සහ සංස්කාරකවරයෙක් එකම app එකක් තුළින් හමුවෙන්නාක් බඳු අත්දැකීමක් ලබාදෙන විශේෂාංගයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් OPPO ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය. “OPPO F19 යනු නිර්මාණශීලීත්වය අවදි කිරීමටම සැලසුම් කළ දුරකථන මාදිලියක්. ඒ නිසා එය සමාජ මාධ්‍ය වෙනුවෙන් ඡායාරූප සහ වීඩියෝ ආදිය නිර්මාණ කරන්නන් සතුව අනිවාර්යයෙන් තිබිය යුතු දුරකථනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නවතම පුරෝගාමී විශේෂාංග රැසකින් යුතුව නිර්මාණය කර ඇති එය දුරකථනයක මූලික ක්‍රියාකාරීත්වයේ සීමාවන් ඉක්මවා යාමට සමත් වනවා. එමෙන්ම එය උපාංග සහ විශේෂාංග රැසක හැකියාවන් එක්තැන් කළ නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි. මීට පෙර හඳුන්වා දුන් F17 මාදිලිය මෙන්ම මෙම නව මාදිලියත් අතිශයින් ජනප්‍රිය වේවි කියා අප සිතනවා.”

මිලිමීටර් 7.95 ක් තරම් සිහින්, ග්‍රෑම් 178 ක බරකින් යුතු OPPO F19 මාදිලිය Prism Black සහ Midnight Blue යන වර්ණ වලින් මිලදීගත හැක. දුරකථනයේ මෙන්ම බැටරියේ ආයුකාලය වැඩිකරන විශේෂාංග රැසක් එයට ඇතුළත් කර තිබේ. පැය 8 ක Standby කාලයක් තුළ බැටරිය 2% ක් පමණක් භාවිතා කරන Night Time Standby වැනි ක්‍රම සක්‍රීය කළ හැකි අතර, පමණ ඉක්මවා රත්වීම මගින් ඇතිවිය හැකි අවදානම් වැළැක්වීම සඳහා 80% මට්ටමේදී ආරෝපණය ස්වයංක්‍රීයව නවතී.

OPPO F19 හි යොදා ඇත්තේ ColorOS 11.1 මෙහෙයුම් පද්ධතිය වන අතර එය උපරිම ආරක්ෂාවක් හා කාර්යක්ෂමතාවක් ලැබෙන පරිදි සැලසුම් කර ඇත. මිල රු. 52,990 ක් වන OPPO F19 දුරකථන මාදිලිය දිවයින පුරා OPPO ප්‍රදර්ශනාගාර වෙතින් මෙන්ම අබාන්ස්, සිංහගිරි සහ ඩයලොග් ප්‍රදර්ශනාගාර වලින්ද, Buy Abans සහ Daraz.lk වැනි අන්තර්ජාල අලෙවිසැල් වලින්ද මිලදීගත හැකි වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව