OPPO 2021 වසර සාර්ථක ලෙස නිමාකරයි

Webp.net-resizeimage

 



 

 

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන හා උපාංග සන්නාමයක් වන OPPO, 2021 වසර බෙහෙවින් අභියෝගකාරී වසරක් වුවද, එම වසර තුළ නව නිර්මාණ රැසක් හඳුන්වා දෙමින් සාර්ථක ලෙස ඉදිරියට යාමට තමන්ට හැකියාව ලැබුණු බව පවසයි. 2021 වසරේදී OPPO සිය 17 වන සංවත්සරය සැමරූ අතර, විශේෂයෙන්ම පසුගිය වසර 10 ක කාලය තුළ, දුරකථන නිෂ්පාදනයෙන් ඔබ්බට යමින්, පුළුල් පරාසයක පැතිරුණු තාක්ෂණික නිෂ්පාදන හා නිර්මාණ රාශියක් හඳුන්වා දීමට OPPO සමත් වී තිබේ.

පසුගිය වසර තුළදී, OPPO දුරකථන මාදිලි අතර ඉහළම මාදිලියක් වන Find X3 Pro වෙනුවෙන් “EISA BEST PRODUCT ADVANCED SMARTPHONE 2021-2022” සම්මානය හිමි විය. OPPO වෙත මෙම සම්මානය හිමි වූ දෙවැනි අවස්ථාව මෙයයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ OPPO සහ අබාන්ස් අතර පවතින හවුල්කාරීත්වයට පසුගිය වසරේදී වසර 5 ක් සම්පූර්ණ වූ අතර, එම ගිවිසුම දෙපාර්ශ්වය විසින් තවත් වසර 3 කට දීර්ඝ කරන ලදි.

පසුගිය වසරේදී OPPO සමාගම ශ්‍රී ලංකාව තුළ අත්පත් කරගත් ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, XINDA Lanka (OPPO Sri Lanka) ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් OPPO වෙත දක්වන සහයෝගය හා ළැදියාව සම්බන්ධයෙන් මා ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. නවීන තාක්ෂණය සියලුම දෙනාට පහසුවෙන් හා සහනදායී ලෙස ලබාගැනීමට අවස්ථාව සලසා දීම ඉලක්ක කරගත් අපගේ දැක්මට සමගාමීව, 2022 වසරේදී මීටත් වඩා විශිෂ්ට නිෂ්පාදන හා සේවාවන් එකතුවක් ඔවුන් වෙත පිරිනැමීමට අප සූදානම්.”

නව වසර ආරම්භයේදී නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට OPPO සූදානමින් සිටින බවත්, එම නිෂ්පාදන වලටද පාරිභෝගිකයන් වෙතින් සුපුරුදු පරිදි උණුසුම් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, බොබ් ලී මහතා වැඩිදුරටත් පැවසී ය.

2021 වසර තුළදී, Real-time spatial computing තාක්ෂණය පදනම් කරගත් AR යෙදුමක් වන CybeReal, නවතම Under Screen Camera (USC) තාක්ෂණය, Android 12 පදනම් කරගත් මුල්ම මෙහෙයුම් පද්ධති වලින් එකක් වන ColorOS12, NPU MariSilicon X, OPPO නිර්මාණයක් වන Spark Micro Projector පදනම් කරගත් සහ diffraction optical waveguide display සහිත OPPO Air Glass වැනි නිෂ්පාදන රාශියක් හඳුන්වා දීමට OPPO සමත් විය.

එමෙන්ම, වසර 4 ක් පුරා සිදුකරන ලද පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලින් අනතුරුව, තම ප්‍රථම හැකිළිය හැකි ස්මාර්ට්ෆෝන් මාදිලිය වන OPPO Find N හඳුන්වා දීමට OPPO කටයුතු කළේ ය. තවද සුවිශේෂී නිමාවකින් සහ විශේෂාංග රැසකින් සමන්විත OPPO F19 Pro, ඉහළම තලයේ ශ්‍රවණ අත්දැකීමක් ලබාදෙන OPPO Air True Wireless Earphones සහ අලංකාරයත් ක්‍රියාකාරීත්වයත් එක්තැන් කරන OPPO A16 වැනි නිෂ්පාදන OPPO විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

2021 වසරේදී OPPO, Roland-Garros තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් ප්‍රථම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත් වූ අතර, තාක්ෂණය ඔස්සේ කලාව හා සංස්කෘතික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් OPPO Renovators 2021 සංවිධානය කිරීමටද OPPO කටයුතු කළේ ය. සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී කෙන්ගෝ කූමා සමග එක්ව OPPO නිර්මාණය කළ “Bamboo Ring: Weaving a Symphony of Lightness & Form” නිර්මාණය Milan Fashion week වැඩසටහන අතරතුර මිලාන් නගරයේ Cortile dei Bagni හිදී ප්‍රදර්ශනය කෙරිණි. තවද League of Legends World Championship 2021 සඳහා Riot Games සමග අත්වැල් බැඳගන්නා ලද අතර, 2021 ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අනුග්‍රාහකයෙකු ලෙසද OPPO කටයුතු කළේ ය. ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ජාත්‍යන්තර හවුල්කරුවෙකු වන OPPO, 2016 වසරේ සිට තරගාවලි රැසකට සිය අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව