OPPO සහ Abans අතර හවුල්කාරීත්වයට වසර 5 ක් සපිරේ – ගිවිසුම තවත් වසර 5 කින් දීර්ඝ කරයි

OPPO - Abans 5Yr

 




 

 

2021 නොවැම්බර් 22, කොළඹ: OPPO සහ Abans අතර හවුල්කාරීත්වය තවත් වසර 3 කින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය පසුගියදා කටයුතු කළේ ය. 2016 වසරේදී ආරම්භ වූ මෙම හවුල්කාරීත්වයට මේ වනවිට වසර 5 ක් සම්පූර්ණ වී ඇත. අබාන්ස් යනු ලොව ජනප්‍රියතම සන්නාම රාශියක් සඳහා මෙරට බලයලත් නියෝජිත ලෙස කටයුතු කරන සමාගමකි. එම සමාගම වසර 50 කට අධික කාලයක් තිස්සේ උසස්ම තත්වයේ විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහෝපකරණ, පරිගණක සහ ජංගම දුරකථන හා උපාංග ආදිය මෙරටට හඳුන්වා දී තිබේ. ආරම්භයේ සිටම Abans සහ OPPO අතර හවුල්කාරීත්වයට ශ්‍රී ලාංකිකයන් වෙතින් ඉතා යහපත් ප්‍රතිචාරයක් හිමි විය. මේ හේතුවෙන් මෙම හවුල්කාරීත්වය තවත් වසර 3 කින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.

ස්මාර්ට් උපාංග නිෂ්පාදන සමාගමක් වන OPPO 2004 වසරේදී ආරම්භ වූ අතර, මේ වනවිට එය ලොව රටවල් 50 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇත. OPPO සහ Abans අතර හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Abans PLCහි කළමනාකාර අධ්‍යක්ෂ බේමන් පෙස්ටොන්ජි මහතා මෙසේ පැවසී ය. “OPPO යනු අප නියෝජිතභාවය දරන සන්නාම අතරට එක්වූ සුවිශේෂී සන්නාමයක්. ශ්‍රී ලාංකිකයන් OPPO නිෂ්පාදන ආදරයෙන් වැළඳගත්තා. මේ වනවිට OPPO මෙරට ජනප්‍රියම ජංගම දුරකථන සන්නාම අතරට එක්වී සිටිනවා.”

දිවයින පුරා Abans ප්‍රදර්ශනාගාර 400 කට අධික සංඛ්‍යාවක් පිහිටා ඇති අතර, මෙය OPPO නිෂ්පාදන ශ්‍රී ලාංකික ජනතාවට වැඩි වැඩියෙන් සමීප කරවීමට මහෝපකාරී වූ සාධකයක් විය.

“Abans යනු ඉතා පුළුල් පරාසයක් ආවරණය කරන සමාගමක්. ශ්‍රී ලාංකීය වෙළඳපොළ තුළ OPPO සන්නමයේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට Abans විශාල දායකත්වයක් ලබාදුන්නා. අප සමාගම් දෙක අතර පවතින මේ දීර්ඝකාලීන සම්බන්ධතාව, දෙපාර්ශ්වයේ ශක්තියට හා විශ්වාසනීයත්වයට මනා සාක්ෂියක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Xinda Lanka (OPPO Sri Lanka) ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

Abans සමාගම දීර්ඝ කාලයක පටන් ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම රාශියක් සමග හවුල්කාරීත්වයන් ගොඩනංවාගෙන තිබේ. විශිෂ්ට පාරිභෝගික සේවාව සහ සුවිශේෂී පහසු ගෙවීම් ක්‍රම වැනි සාධක රාශියක් හේතුවන් Abans මෙරට පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වී ඇත. Abans සහ OPPO අතර හවුල්කාරීත්වය දෙපාර්ශ්වයට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සලසන ඵලදායී හවුල්කාරීත්වයක් බවට පත්වී තිබේ.

Picture Captions – අබාන්ස් සමාගමේ ප්‍රධාන අළෙවි නිලධාරී බුද්ධික ධර්්මවර්ධන, XINDA Lanka (OPPO Sri Lanka) ප්‍රධාන විධායක නිලධාරී විධායක ප්‍රධාන නිලධාරී බොබ් ලී මහතා, අබාන්ස් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනේෂ් පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු සහ කාණ්ඩ ප්‍රධානි ෆ්‍රිට්ස් ප්‍රනාන්දු මහතා

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව