OPPO මෙවර GLOMO සම්මාන උළෙලේදී “Disruptive Device Innovation” සම්මානය දිනාගනී – Find N සඳහා භාවිතා කළ Hinge & Display වෙනුවෙන් ඇගයීමට ලක් වේ

Billy Zhang, Vice President of Overseas Sales and Service at OPPO & Shaun Collins, GLOMOs Head Judge and Executive Chairman at CCS Insight (2)

 



 

 

 

MWC22 Barcelona ප්‍රදර්ශනයේදී පවත්වන ලද 2022 2022 Global Mobile (GLOMO) සම්මාන උළෙලේදී උළෙලේදී ‘Disruptive Device Innovation’ සම්මානය දිනාගැනීමට OPPO සමත් විය. OPPO Find N සඳහා භාවිතා කළ Hinge & Display Integration වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර, Mobile World Live හි Sasha Twining සහ Justin Springham විසින් ඉදිරිපත් කරන ලද, LinkedIn ඔස්සේ සජීවීව විකාශය කෙරුණු Virtual උත්සවයකදී මෙම සම්මානය නිවේදනය කරන ලදි.

“මෙම සම්මානය හිමි වීම අප ලැබූ විශාල ගෞරවයක්. මෙය ක්ෂේත්‍රයේ සමගාමීන්ගෙන් මෙන්ම පාරිභෝගිකයන් වෙතින්ද ලැබුණු ඇගයීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. වසර හතරක් පුරා සිදුකෙරුණු පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලින් සහ අත්හදා බැලීම් හයකින් අනතුරුව, හුදෙක් නවීන තාක්ෂණය පිළිබඳව උනන්දු වන්නන්ට පමණක් නොව සාමාන්‍ය පාරිභෝගිකයන් සියලුම දෙනාට සුදුසු වන ආකාරයේ foldable දුරකථනයක් ලෙස OPPO Find N හඳුන්වා දීමට අපට හැකි වුණා.” OPPO උප සභාපති (විදේශ විකිණුම් හා සේවා) බිලී ෂෑංග් මහතා පැවසී ය.

“OPPO Find N foldable දුරකථනයට ඇතුළත් වී ඇති නවෝත්පාදනයන් සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලය විශේෂයෙන්ම පැහැදීමට පත්වුණා. වේගයෙන් දියුණු වෙමින් පවතින කාණ්ඩයක් තුළ මෙවැනි කල් පවතින සහ පහසුවෙන් භාවිතා කළ හැකි උපාංගයක් හඳුන්වා දීමට OPPO සමත් වීම ප්‍රශංසනීයයි. විනිශ්චය මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, වෙළඳපොළේ වඩාත්ම සහනදායී මිලකට ලබාගත හැකි foldable දුරකථනය හඳුන්වා දීමට OPPO සමත් වී ඇති බවයි.” GLOMO විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ, CCS Insight හි විධායක සභාපති ෂෝන් කොලින්ස් මහතා පැවසී ය.

ෂෝන් කොලින්ස් මහතා ඇතුළුව ක්ෂේත්‍රයේ විශේෂඥයන්, මාධ්‍යවේදීන්, විද්වතුන්, ජංගම දුරකථන සේවා සමාගම් වල නියෝජිතයන් ඇතුළු 200 කට අධික පිරිසක් GLOMO සම්මාන උළෙලේ විනිශ්චයන් සඳහා එක්වූහ. මෙම සම්මාන උළෙල ජංගම දුරකථන කර්මාන්තයේ ඉහළම පිළිගැනීමක් හිමි සම්මාන උළෙලක් ලෙස සැලකේ. ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සහ භාවිතය පහසු කිරීම සඳහා දෘඪාංග හා මෘදුකාංග සම්බන්ධ නවෝත්පාදන භාවිතා කරන නව තාක්ෂණික නිෂ්පාදන Disruptive Device Innovation කාණ්ඩය යටතේ ඇගයීමට ලක් විය. OPPO විසින්ම නිර්මාණය කරන ලද, උපාංගය නැමීම සඳහා භාවිතා කරන සරනේරු ක්‍රමවේදය සහ එහි බාහිර නිමාව, OPPO Find N වෙත මෙම සම්මානය හිමි වීමට ප්‍රධානතම හේතුවක් විය.

2021 වසරේදී හඳුන්වා දෙන ලද OPPO Find N තනි අතින් භාවිතා කළ හැකි, විශාල තිරයක් සහ සුවිශේෂී අංග රැසක් සහිත දුරකථනයකි. සාමාන්‍යයෙන් නැමිය හැකි දුරකථන වලට ආවේණික ප්‍රධාන ගැටලුවකට පිළියමක් වශයෙන්, Flexion Hinge නමින් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීමට OPPO කටයුතු කළේ ය. මෙය දුරකථනය නැමෙන ස්ථානයේ සීමාවන් දිස්වීම අවම කරන අතර, එහි තිරය අංශක 50 ත් 120 ත් අතර කෝණයන් අනුව නිදහසේ රැඳවීමටද අවස්ථාව සලසා දෙයි. OPPO Find N සඳහා මේ දක්වා ඇණවුම් මිලියනයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇත.

MWC 2022 හිදී 5G/6G, device form factor, imaging, flash charge, සහ AR වැනි අංශ රාශියක් සම්බන්ධයෙන් OPPO අත්පත් කරගෙන ඇති ප්‍රගතිය හා ජයග්‍රහණ දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාවිය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව