OPPO ජපන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී කෙන්ගෝ කූමා සමග එක්වී Milan Design Week වෙනුවෙන් විශේෂ නිර්මාණයක් එළිදක්වයි

OPPO - Milan Design Week 2021 PR Image

 




 

 

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සහ නව නිෂ්පාදන සමාගමක් වන OPPO, ජපන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී කෙන්ගෝ කූමා සමග එක්වී Milan Design Week වෙනුවෙන් සුවිශේෂී නිර්මාණයක් එළිදක්වා තිබේ. සංගීතය, හා තාක්ෂණය ඇතුළුව බොහෝ අංග කැටිකොට ගත් මෙය හඳුන්වා ඇත්තේ ‘Bamboo Ring : Weaving a Symphony of Lightness and Form’ යනුවෙනි. එළඹෙන සැප්තැම්බර් 19 වන දින වනතුරු මෙය මිලාන් නගරයේ Cortile dei Bagni හිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, 2019 2019 London Design Festival වෙනුවෙන් OPPO සහ කෙන්ගෝ කූමා එක්ව ක්‍රියාවට නැංවූ ව්‍යාපෘතියේ තවත් ඉදිරි පියවරකි. උණ බට සහ කාබන් ෆයිබර් යන සැහැල්ලු, එහෙත් අතිශයින් ශක්තිමත් අමුද්‍රව්‍ය භාවිතයෙන් සිදුකළ එම නිර්මාණයේ අරමුණ වූයේ මිනිසුන් හා ස්වභාව ධර්මය අතර ඇති සහයෝගී සම්බන්ධතාව ගවේෂණය කිරීම ය. මෙම වසරේදී නවතම තාක්ෂණයන් භාවිතයෙන් සිදුකර ඇති මෙම නිර්මාණයට, Musicity සමග එක්ව ජපන් ජාතික වයලින් වාදන ශිල්පී මිදෝරි කොමාචි නිර්මාණය කළ සංගීත ඛණ්ඩයන්ද ඇතුළත් වේ.

සෘතු චක්‍රය පදනම් කරගත් මෙම නිර්මාණය, නරඹන්නන්ට එය වටා ඇවිද යමින් සිත් සේ එය රසවිඳීමට අවස්ථාව ලබාදෙයි. OPPO නිර්මාණයක් වන O Relax App තුළින් වාදනය වන, මිදෝරි කොමාචිගේ සුවිශේෂී වයලීනයේ (1920 වර්ශනයේ මිලාන් නගරයේදී නිෂ්පාදනය කරන ලද මෙම වයලීනය, පසුකාලීනව කාබන් ෆයිබර් යොදා වැඩිදියුණු කර ඇත) නාද රටාවන් සමග ස්වභාව ධර්මයේ නාදයන් සහ රෙයික්යවික්, බීජිං සහ ටෝකියෝ වැනි ලොව විවිධ නගර වල නාදයන් මෙහිදී මැනැවින් ඒකාත්මික වී තිබේ.

“OPPO යනු මානව කේන්ද්‍රීය සන්නාමයක්. අපගේ මූලික අවධානය යොමුවී තිබෙන්නේ මිනිසුන් වෙනුවෙන් නවෝත්පාදනයන් සිදුකිරීමටයි. මේ ආකාරයට නැවතත් කෙන්ගෝ කූමා සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. ඔහු ස්වභාව ධර්මය සහ සංස්කෘතිය ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා සිටින ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මේ හවුල්කාරීත්වය ඔස්සේ, ‘තාක්ෂණය යනු කලා ප්‍රභේදයකි’ යන දර්ශනය සහ ‘මානව වර්ගයා සඳහා තාක්ෂණය, ලෝකයට කාරුණික වීම’ යන අපගේ සන්නාම මෙහෙවර මුල්කරගෙන, එදිනෙදා ජීවිතයට වටිනාකම් එක්කිරීම සඳහා තාක්ෂණය සහ නිර්මාණකරණය යොදාගත හැක්කේ කෙසේද යන්න පෙන්වා දීමට අපට හැකිවී තිබෙනවා.” OPPO London Design Centre හි ප්‍රධානී Jintong Zhu පැවසී ය.

උණ බට සහ කාබන් ෆයිබර් වලින් නිමවා ඇති මෙම නිර්මාණයේ සැකිල්ල හරහා සංගීතය ගමන් කිරීමේදී එය සංගීත උපකරණයක් බවට පත්වීම විශේෂත්වයකි. OPPO London Design Centre හි සොයාගැනීමක් වන ව්‍යුහාත්මක සංගීත තාක්ෂණයන් භාවිතා කිරීම නිසා මෙය සිදුකිරීමට හැකියාව ලැබී ඇත. නව ස්පර්ශීය මෝටර, MEMS ස්පීකර් තීරු සහ Exciters ආදිය, වයලීනයේ නාදය ඇතුළුව අනෙකුත් සියලුම නාදයන් වඩාත් සුවිශේෂී සංධ්වනියක් බවට පත්කරයි.

“මම ගෘහ නිර්මාණ ශිල්පීය සැලසුම් නිර්මාණය කරන විට ඡායාදර්ශන වලට වඩා රිද්මය සහ ස්වරය පිළිබඳව උනන්දු වෙනවා. සමකාලීන සංගීතයෙන් අපට ගෘහ නිර්මාණ ශිල්පය සමග සමපාත වන නව රිද්මයන් හා ස්වරයන් නිර්මාණය කිරීම ගැන වටිනා පාඩම් රැසක් ඉගෙන ගැනීමට පුළුවන්. මෙම මණ්ඩපය, නරඹන්නන්ගේ දෘශ්‍ය හා ධ්වනි අත්දැකීම් ඒකාබද්ධ කරමින් ගෘහ නිර්මාණ ශිල්පයේ නව රිද්මයන් සහ ස්වරයන් ගවේෂණය කිරීමක් ලෙස හැඳින්විය හැකියි.” කෙන්ගෝ කුමා පැවසී ය.

Milan Design Week වැඩසටහන නිමාවීමෙන් පසුව මෙම Bamboo Ring නිර්මාණය ඉතාලියේ ටේ‍රන්ටිනෝ හි Arte Sella Park වෙත ප්‍රදානය කිරීමට OPPO කටයුතු කරනු ඇත. Arte Sella Park යනු සෙලා කඳුකර නිම්නය ආසන්නයේ පිහිටි, ස්වාභාවික දේවල් ප්‍රදර්ශනයට තබා ඇති එළිමහන් කලා කෞතුකාගාරයකි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව