OPPO වෙතින් අනාගත Zero-Power Communication තාක්ෂණය පිළිබඳ ධවල පත්‍රිකාවක්

Oppo

 



 

 

 

දෙසැම්බර් 3, 2021 SHENZHEN – OPPO සමාගම පසුගියදා, බැටරි භාවිතා නොවන, රැහැන් රහිත සංඥා මගින් බලගැන්වෙන Zero-Power Communication අනාගත සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය. IoT අවකාශයේ මෙතෙක් ඉටු නොවූ අවශ්‍යතා හඳුනා ගනිමින්, අනෙකුත් සන්නිවේදන තාක්ෂණයන් හා සමගාමීව පවතින ආකාරයට ‘Zero-Power Communication’ තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා සැලසුමක් නිර්මාණය කිරීම මෙම ධවල පත්‍රිකාවේ අරමුණ වී ඇත.

වර්තමානයේ ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග බහුතරයක බැටරි භාවිතා වේ. බැටරි තාක්ෂණය මේ වනවිට විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇති නමුත් ප්‍රමාණය, වියදම, ආයුකාලය, භාවිතයේ පහසුව සහ පරිසර හිතකාමීත්වය යනාදිය සම්බන්ධ ගැටලු රාශියක් තවමත් පවතී.

Zero-Power Communication තාක්ෂණය තුළදී පරිසරයේ පවතින රේඩියෝ තරංග මගින් බලශක්තිය නිපදවා ගැනෙන නිසා බැටරි භාවිතා කිරීම අවශ්‍ය නොවන අතර, ප්‍රමාණයෙන් කුඩා, කාර්යක්ෂමතාව අතින් ඉහළ, වියදම් අඩු ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කළ හැකි වේ. මෙම තාක්ෂණය ගබඩා කටයුතු, කාර්ය සම්පාදනය සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර මෙන්ම, ස්මාර්ට් නිවාස, ඉලෙට්‍රොනික පළඳනා සහ අනෙකුත් අනිනවීන තාක්ෂණික උපාංග දියුණු කිරීම සඳහා අතිශයින් වැදගත් වනු ඇත.

“ජංගම සන්නිවේදන ක්ෂේත්‍රය එහි පළමු පරම්පරාවේ සිට සතරවැනි පරම්පරාව කරා පැමිණීමේදී එය ඇනලොග් භාවිතාවන්ගේ සිට දත්ත හරහා බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය වෙත පැමිණ තිබෙනවා. මේ සෑම පරිවර්තනයකදීම දත්ත සම්ප්‍රේෂණය වඩාත් වේගවත් වූවා. කෙසේ වුවත් ඊළඟ දශකය තුළ 5G තාක්ෂණය සහ ඉන් ඔබ්බට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන තාක්ෂණික දියුණුව තුළ දත්ත සම්ප්‍රේෂණයට සුපුරුදු ප්‍රමුඛත්වය හිමිවනු ඇතැයි අප සිතන්නේ නැහැ. ඒ වෙනුවට සමස්තයක් ලෙස සමාජයට වැඩි පහසුවක් සහ වැඩි තිරසාරත්වයක් ළඟා කරදීමට වැඩි අවධානයක් යොමුවේවි. Zero-Power Communication තාක්ෂණය මගින් නිෂ්පාදකයන්ට තම උපකරණ වලට බැටරි ඇතුළත් කිරීමේ අවශ්‍යතාව නැති වී යනවා. මෙය වියදම් අවම කරන සහ වඩාත් පරිසර හිතකාමී වන සාධකයක්. එම නිසා, B5G/6G යුගය වෙත පිවිසීමේදී මෙම තාක්ෂණය අපගේ අවධානයට දැඩිව යොමුවන එක් අංශයක් බවට පත්වේවි.” OPPO ප්‍රධාන 5G විද්‍යාඥ හෙන්රි ටෑන්ග් මහතා පැවසී ය.

දැනට පවතින තාක්ෂණය තුළ සන්නිවේදන දුර ප්‍රමාණය සීමිත වීම මෙන්ම කාර්යක්ෂමතාව සහ පද්ධති ධාරිතාව අවම වීම වැනි ගැටලු පවතී. එම නිසා RFID (Radio Frequency Identification) තාක්ෂණය කාර්මික සංවේදක පද්ධති, කාර්ය සම්පාදනය, ගබඩාකරණය සහ කුඩා පළඳනා නිෂ්පාදනය ආදිය සඳහා භාවිතා කිරීමේදී විවිධාකාර වූ අභියෝග මතු වේ.

සාම්ප්‍රදායික උපාංග මෙන් නොව, Zero-Power තාක්ෂණය භාවිතා වන උපාංග වලට රූපවාහිනී කුලුනු, FM ගුවන්විදුලි කුලුනු, ජංගම දුරකථන මධ්‍යස්ථාන සහ WiFi access points (Aps) ආදිය මගින් නිකුත් කෙරෙන ගුවන් විදුලි තරංග සිය බලශක්ති මූලාශ්‍රය ලෙස භාවිතා කිරීමට හැකියාව ඇත. මෙම ගුවන් විදුලි තරංග මගින් බලශක්තිය ලබාගැනීමෙන් අනතුරුව, එම තරංග වලට තම තොරතුරු එක්කර නැවත සම්ප්‍රේෂණය කිරීමට මෙම උපාංග වලට හැකියාව ඇති අතර එම ක්‍රියාවලිය Backscattering Communication ලෙස හැඳින්වේ.

තම නවෝත්පාදන කටයුතු වලට අමතරව, Zero-Power Communication පර්යේෂණ ව්‍යාපෘති 3GPP වෙත යෝජනා කිරීම සහ FuTURE සහ ICCC වැනි සම්මන්ත්‍රණ වලදී තම සොයාගැනීම් ඉදිරිපත් කිරීම වැනි ක්‍රම ඔස්සේ Zero-Power Communication තාක්ෂණය ප්‍රචලිත කිරීමට OPPO කටයුතු කරමින් සිටී. 2021 සැප්තැම්බර් මාසයේදී පැවති IMT-2030 6G Vision වැඩමුළුවේදී OPPO විසින් Zero-Power Communication Forum දියත් කරන ලද අතර, ඒ ඔස්සේ එම තාක්ෂණයේ භාවිතාව සහ තාක්ෂණික අවශ්‍යතා ආදිය සාකච්ඡා කිරීම සඳහා ක්ෂේත්‍රයේ අදාළ පාර්ශ්වයන්ට ආරාධනා කරන ලදි.

මානව වර්ගයාගේ යහපත ඉලක්ක කරගත් තම සන්නාම ප්‍රතිඥාවට සමගාමීව ඉදිරි වසර 3 ත් 5 ත් අතර කාලය තුළ Zero-Power Communication තාක්ෂණය දියත් කරමින්, වඩාත් සුහුරු, පහසු හා පරිසර හිතකාමී සන්නිවේදන පද්ධති නිර්මාණය කිරීම OPPO හි අපේක්ෂාව වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව