Nova 5T ආකර්ෂණීය Crush Green වර්ණයෙන් වෙළද පොළට හඳුන්වා දෙයි.

Nova 5T Crush Green

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයින් වන Huawei විසින් Huawei Nova5T මාදිලියේ ස්මාර්ට් දුරකථන සඳහා පරිශීලක සිත් ඇඳ බැඳ ගන්නා සුළු Crush Green වර්ණය හඳුන්වා දී ඇත.  මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Nova 5T, Midsummer Purple සහ Black වර්ණයන්ගෙන් ද වෙළද පොළ තුල දක්නට ලැබෙන අතර ඒ සඳහා විශාල පාරිභෝගික කැමැත්තක් සහ ආකර්ෂණයක් පවතී.

දිනෙන් දින වෙනස් වන ජංගම දුරකථන තාක්ෂණය හා බැඳුණු නව ප්‍රවණතාවයන් රැසක් Nova 5T සඳහා එක් කර ඇති අතර, පසුපස කවරයේ දැකිය හැකි 3D ඩිසයිනින් එක සුවිශේෂී වේ. මේ තුලින් ඉතා අලංකාර ස්මාර්ට් දුරකතනයක අත්දැකීම විඳ ගැනීමට පරිශීලකයාට අවස්ථාව හිමි වේ.

8GB of RAM සහ 128GB මතක ධාරිතාවයක් ඇති Nova 5T,  3,750mAh බැටරියකින්  සහ  22.5W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ.   මේ තුලින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී  50% සිය Nova 5T  දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 5T තුලින් ලැබේ.

පැහැදිළි හා සමීප දසුන් ඡායාරූප ගත කිරීමටත්, ඉතා පුළුල් ආකාරයෙන් ඡායාරූප ලබා ගැනීමටත් Huawei Nova 5T හි  48MP  ප්‍රධාන කාච, 16MP ultra wide-angle,  2MP macro, සහ  2MP bokeh lens සතු Rear කැමරා 4 උපකාරී වේ. දුරකතනයේ ඉදිරිපස සෙල්ෆි කැමරාව එහි  FullView Screen ය මත පිහිටා ඇති අතර එය 32MP f/2.0 කාචයෙන් යුක්තය. AI තාක්ෂණයෙන් බල ගැන්වුණු කැමරාව  නිසා අඩු ආලෝක තත්වයකදී වුවත් පැහැදිළි ඡායාරූප ලබා ගැනීමේ හැකියාවත්, blur-free වීඩියෝ ගැනීම පහසු කරයි.

තවද දුරකථනය භාවිතා කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබේ.  48 MP ප්‍රධාන පිටුපස කැමරාව  Sony ½-inch CMOS සෙන්සරයෙන් යෙන් යුක්තව ඇති නිසා මෙම දුරකථනය  අතිශයින් වෘත්තීමය ඡායාරූප උපාංගයක් ලෙස ද භාවිතා කල හැක.  මීට  අමතරව, Huawei 5T  හි ඇති  ISO sensitivity ප්‍රමුඛ පෙළේ වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන අතර  Huawei Nova 5T හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ස්වරූපයක් ලබා දෙයි.

මෙම දුරකතනයේ කැමරාවේ ඇති ඉහළ ගුණාත්මකභව නිසා vlogger-worthy විඩීයෝ නිර්මාණය කිරීමට බොහෝ දෙන පෙළඹෙනු ඇත.  මෙම දුරකතනයේ ඇති  EMUI 9.1 පෙරළිකාර අත්දැකීමක් පාරිභෝගිකයාට නිසැකයෙන්ම ගෙන දේ.

රුපියල් 69,999.00 සුවිශේෂී මිලකට Crush Green වර්ණයෙන් එන Huawei Nova 5T, දැන් සියලුම Huawei Experience සෙන්ටර්ස් සහ  දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වෙතින් මිලදී ගත හැකි වෙයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව