NOLIMIT ‘අසීමිත’ වෙතින් අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට විශේෂ වැඩසටහනක්

Aseemitha Image (LBN Fill)

 



 

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අලෙවිසැල් ජාලයක් වන NOLIMIT, රටේ ආර්ථික හා බලශක්ති අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. NOLIMIT ප්‍රජා සත්කාර ඒකකය වන ‘අසීමිත’ මගින් සම්බන්ධීකරණය කර ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහන යටතේ පසුගියදා රටේ පවුල් 2,000 කට වියළි ආහාර සලාක බෙදාදෙන ලදි. මහනුවර, කුරුණෑගල, කෑගල්ල, මීගමුව, රත්නපුර, වත්තල, මහරගම, පානදුර සහ කොළඹ යන ප්‍රදේශ වල තෝරාගත් පවුල් අතර මෙම වියළි ආහාර සලාක බෙදාදීම සිදු විය.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, NOLIMIT හි ව්‍යාපාර ක්‍රමෝපාය, විකුණුම් හා අලෙවිකරණ ප්‍රධානී රනීස් ෂෙරිෆ් මහතා කියා සිටියේ, මේ සඳහා තෝරාගත් ප්‍රදේශ වල පවුල් රැසක් රටේ දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවන්ට මුහුණ දෙමින් සිටින බවයි. “මේ නිසා වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස සහ වගකීම් සහගත ආයතනික සන්නාමයක් ලෙස, ජනතාවට උපකාර කිරීම අපගේ යුතුකමක් බව අපට පෙනී ගියා. අපගේ අලෙවිසැල් පිහිටා ඇති ප්‍රදේශ වල පීඩාවට පත් පවුල් 2,000 ක එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් වියළි සලාක පරිත්‍යාග කිරීමට අප තීරණය කළේ ඒ නිසයි. මේ අර්බුදය සුළුපටු එකක් නොවන නමුත්, අප එකිනෙකා රැකබලා ගනිමින්, රට ගොඩනැගීමට එකට එක්වී වැඩ කරන්නේ නම්, එය ජයගැනීමට අපට හැකියාව ලැබේවි. පසුගිය වසර 30 කාලය තුළ NOLIMIT ආයතනය 1,800 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත, පාරිභෝගිකයන් මිලියන ගණනක් සිටින සමාගමක් බවට වර්ධනය වී තිබෙනවා. අප සියයට සියයක්ම දේශීය හා සමාජයීය වශයෙන් වගකීම් සහගත පාරිභෝගික සන්නාමයක් නිසා, ශ්‍රී ලාංකිකයන්ගේ තිරසාර පැවැත්ම අපට අතිශයින් වැදගත්.” රනීස් ෂෙරිෆ් මහතා වැඩිදුරටත් පැවසී ය.

NOLIMIT ‘අසීමිත’ වැඩසටහන මගින් සෞඛ්‍යය, ළමා රැකවරණය, අධ්‍යාපනය, සංස්කෘතිය සහ ක්‍රීඩා යනාදී අංශ ආවරණය කෙරේ. සමාජයට සැබෑම යහපතක් සිදුවන ආකාරයට අර්ථවත් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම එහි අරමුණ වී ඇත. තම ව්‍යාපාර කටයුතු තිරසාර ලෙස පවත්වාගෙන යාමට NOLIMIT සෑම විටම උත්සහ කරන අතර, ජනතාවටත් පරිසරයටත් යහපත සලසන වැඩසටහන් ඔස්සේ ‘අසීමිත’ වැඩසටහන ඒ සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙයි. පරාර්ථකාමී සහ ශක්තිමත් ලෙස සමාජ සුභසාධන කටයුතු වල යෙදීම තුළින්, වඩාත් යහපත් හෙට දවසක් උදෙසා NOLIMIT සතු අරමුණු සහ ඉලක්ක යථාර්ථයක් බවට පත්කළ හැකි බව ‘අසීමිත’ වැඩසටහනේ විශ්වාසය වී ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව