නිව් ඇන්තනීස් (New Anthoney’s) සෙසු කර්මාන්තකරුවන් අභියෝගයට ලක්කරමින්, ශ්‍රී ලංකාවේ එකම 100% ප්‍රතිජීවකවලින් තොර කුකුළුමස් නිෂ්පාදකයා ලෙස සිය ප්‍රමිතිය ඉහළ නංවයි

Logo - New Anthoney's

ශ්‍රී ලංකාවේ ඕනෑම සුපිරි වෙළඳසැලකට ඔබ ගමන් කළහොත් රාක්ක පුරා කුකුළුමස් නිෂ්පාදන බහුලව දැකගත හැකිය. නමුත් එහිදී ඔබට දැකගත නොහැකි සුවිශේෂී දෙයක් වන්නේ, එම සතුන් රැකබලා ගැනීම කළ ආකාරය පිළිබඳව පවතින විනිවිද භාවයයි. පාරිභෝගිකයන් කිසිවක් නොදන්නා පරිදි ප්‍රතිජීවක (Antibiotics) භාවිතය වසන් කරමින්, ‘ස්වභාවික’, ‘නැවුම්’ සහ ‘ගොවිපොළෙන් සපයන ලද’ වැනි වචන අලෙවිකරණය සඳහා භාවිත කිරීමට මෙම කර්මාන්ත වසර ගණනාවක් තිස්සේ කටයුතු කර ඇත. මෙවැනි පසුබිමක, එක් නිෂ්පාදකයෙකු පමණක් මීට සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් තෝරාගෙන තිබේ. ඒ සඳහා තහවුරු කරන ලද විද්‍යාත්මක සාක්ෂි ද ඔවුන් සතු වීම විශේෂත්වයකි.




ලෝක ආහාර වැඩසටහන (World Food Programme) මෙහි ඇති බරපතළකම කිසිදු සැඟවීමකින් තොරව මෙසේ පැහැදිලි කරයි. “වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙති. මේ අතර, දුර්වල ආහාර විවිධත්වය සහ පෝෂ්‍යදායී ආහාර සඳහා ඇති ප්‍රවේශය සීමිත වීම හේතුවෙන් වයස අවුරුදු 18-60 අතර කාන්තාවන්ගෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් අධික බර හෝ ස්ථුලතාවයෙන් පෙළෙති.” මේවා වෙනත් රටක සංඛ්‍යාලේඛන නොවේ. මේ අද දවසේ ශ්‍රී ලංකාවේ පවතින සැබෑ තත්ත්වයයි. ආහාර කර්මාන්තයේ බහුතරයක් මෙම ගැටලු සඳහා නිහඬතාවයෙන් ප්‍රතිචාර දක්වද්දී, නිව් ඇන්තනීස් ෆාම්ස් ආයතනය සිය නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රතිජීවක භාවිතය මුළුමනින්ම තුරන් කිරීමේ වැදගත්කම (Zero-antibiotic)  ප්‍රායෝගිකව පෙන්වා දී තිබේ. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ දැනට ක්‍රියාත්මක අවබෝධතා ගිවිසුම (MoU) හරහා අඛණ්ඩව විද්‍යාත්මකව සහතික කරනු ලබයි.

නිව් ඇන්තනීස් ෆාම්ස් යනු තම සැපයුම් දාමයේ සත්ත්ව පාලන ක්‍රියාවලිය තුළදී ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකරන බවට කිසිදු කොන්දේසියකින් තොරව ප්‍රකාශ කළ හැකි ශ්‍රී ලංකාවේ එකම කුකුළුමස් නිෂ්පාදකයා වේ. සත්ත්ව ආහාර ලබාදීමේ පියවරේදී, සතුන් ඇතිදැඩි කරන කාලය තුළදී හෝ බිත්තරයෙන් පැටවුන් බිහි වන දා සිට  අවසන් නිෂ්පාදනය ලබන තෙක් කිසිදු අවස්ථාවක ප්‍රතිජීවක භාවිත කරනු නොලැබේ. මෙය හුදෙක් වෙළඳ ප්‍රචාරණ පාඨයක් පමණක් ම නොවේ. එය ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ඉහළපෙළේ අධ්‍යාපන ආයතනයක් විසින් ස්වාධීන රසායනාගාරයක සිදුකල පරීක්ෂණ මඟින් තහවුරු කරන ලද නිෂ්පාදන ප්‍රමිතියකි. මෙරට වෙනත් කිසිදු කුකුළුමස් නිෂ්පාදකයෙකුට මෙවැනි සහතිකයක් ඉදිරිපත් කළ නොහැක.

මෙම විද්‍යාත්මක තහවුරු කිරීම සඳහා නිල ව්‍යූහයක් පවතී. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති එකම ISO/IEC 17025 ප්‍රමිතියෙන් යුත් රසායනාගාරය වන පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨය හරහා නිව් ඇන්තනීස් ආයතනයේ ප්‍රතිජීවකවලින් තොර නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව ස්වාධීන පරීක්ෂාවට ලක් කෙරේ.

 

 

 

ගුණාත්මකභාවයට කිසිදු හානියක් සිදු නොකර, උපරිම පෝෂණයක් ලබා දීම

නිව් ඇන්තනීස් ආයතනය සිය නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩනගා ඇත්තේ, කර්මාන්තයේ අනෙක් බොහෝ දෙනා ප්‍රමාණවත් ලෙස අවධානය යොමු නොකරන සුවිශේෂී මූලධර්මයක් පදනම් කරගනිමිනි. එනම්, ගොවිපොළේ සිට අවසාන නිෂ්පාදනය දක්වාම විහිදෙන සැබෑ ආහාර සුරක්ෂිතතාවයයි. ජෛව ආරක්ෂණ පහසුකම්, සෑම අදියරකදීම ක්‍රියාත්මක වන දැඩි පශු වෛද්‍ය අධීක්ෂණය, නිෂ්පාදන ක්‍රියාවලියේ මුල සිට අගටම තොරතුරු සොයාගත හැකි වීම සහ සෑම සත්ත්ව කණ්ඩායමක් කෙරෙහිම පවතින අඛණ්ඩ වගවිම මෙයට ඇතුළත් වේ. මේවා හුදෙක් ප්‍රචාරණ පත්‍රිකාවකට පමණක් සීමා වූවක් නොවේ. මෙය ඔවුන්ගේ ‘ප්‍රතිජීවකවලින් තොර’ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව තහවුරු කරන, පාරිභෝගිකයාට සැබවින්ම විශ්වාසය තැබිය හැකි විශ්වාසනීය සහතිකයයි.

ශ්‍රී ලංකාවේ පවතින පෝෂණ ඌණතාවය පියවීම සඳහා ඇති වඩාත්ම ඵලදායී සහ දැරිය හැකි විසඳුමක් වන්නේ කුකුළුමස් ය. මිනිස් සිරුරට තනිව නිපදවිය නොහැකි ආහාර මඟින්ම ලබාගත යුතු සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මෙයින් සිරුරට ලබා දෙයි. විශේෂයෙන්ම වර්ධනය වන දරුවෙකුට මෙය මඟහැරිය නොහැකි පෝෂණයක් වන අතර, එය කායික මෙන්ම බුද්ධිමය වර්ධනයේ මූලික පදනම වේ. ඒ අනුව බ්‍රොයිලර් සතුන්  100% ක් ප්‍රතිජීවකවලින් තොරව පාලනය කරන සමාගමක් ලෙස නිව් ඇන්තනීස් ආයතනය කරන්නේ හුදෙක් කුකුළු මස් විකිණීමක් පමණක් නොව වඩාත් සෞඛ්‍ය සම්පන්න ජාතික ආහාර පද්ධතියක් කෙබඳු විය යුතුද යන්න ක්‍රියාවෙන්ම පෙන්වා දීමකි.

 

ශ්‍රී ලාංකීය මුළුතැන්ගෙයට ගැළපෙන ලෙස නිමවා ඇත

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ක්‍රමයට කුකුළුමස් පිළියෙල කිරීම සඳහා වැඩි ශ්‍රමයක් සහ කාලයක් වැය වන අතර, එය කාර්යබහුල පවුල්වලට දිනපතා ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට බාධාවක් වී ඇත. නිව් ඇන්තනීස් ආයතනය ඊට සෘජු විසඳුමක් ලබා දී තිබේ. ඒ අනුව, කෑමට පිළියෙල කළ හැකි පරිදි ඉතා පිරිසිදුව එක හා සමාන ප්‍රමාණවලින් කපා වෙන් කරන ලද ඔවුන්ගේ නව නිෂ්පාදන පෙළ මගින් ඉවුම් පිහුම් ක්‍රියාවලිය තුළ ඇති අපහසුම සහ වෙහෙසකරම පියවරයන් ඉවත් කිරීමට සමත් වී ඇත. විශේෂ කරුණ නම්, එමඟින් නිෂ්පාදනයේ නැවුම් බව, සනීපාරක්ෂාවට හෝ ගුණාත්මකභාවයට කිසිදු ලෙසකින් හානියක් නොවීමයි. එමගින් කැපුම් ලෑල්ල අසල වැය කරන කාලය මෙන්ම ආහාර අපතේ යාම ද අවම වන අතර පවුලටම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා වැඩි ඉඩක් වෙන් කර දෙයි .

 

සත්ත්ව සුබසාධනය අතුරු කාරණාවක් නොවේ, එය අපගේ ව්‍යාපාරයයි

ඕනෑම නිෂ්පාදනයක් පාරිභෝගිකයා අතට පත්වීමට පෙර, අවධානය යොමු කර යුතු නමුත් ලංකාවේ සෙසු නිෂ්පාදකයන් මඟහරින කාරණා රැසක් නිව් ඇන්තනීස් ආයතනය විසින් සැලකිල්ලට ගෙන ඇත. නිව් ඇන්තනීස් හි කුකුළන්ගේ සුබසාධනය (Bird welfare) යනු හුදෙක් වාර්තා පොත්වලට සීමා වූවක් නොවේ. එය පාරිභෝගිකයාට  ලැබෙන ආහාරයේ ගුණාත්මකභාවය කෙරෙහි ඍජුවම බලපාන නිෂ්පාදන දර්ශනයකි. ශ්‍රී ලංකාවේ කුකුළුමස් ක්ෂේත්‍රයේ බහුතරයකගේ ප්‍රවේශය වී ඇත්තේ සතුන්ගේ ප්‍රමාණය සහ වර්ධන වේගය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමයි. නමුත් නිව් ඇන්තනීස් සිය සමස්ත ක්‍රියාවලියම ගොඩනඟා ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් පදනමක් මතය.

පළමු දින සිටම, සෑම අදියරක්ම ඉතා නිරවද්‍ය ලෙස කළමනාකරණය කරනු ලබයි. කෘතිම ලෙස සතුන්ගේ වර්ධන කාලය කෙටි කිරීම්, සීමාවට වඩා සතුන් රඳවා තැබීම් හෝ වැඩි ලාභයක් තකා ප්‍රමිතියෙන් තොර කෙටි ක්‍රම භාවිත කිරීම මෙහි දී සිදු නොවේ. සතුන්ට අවශ්‍ය ඉඩකඩ සහ වාතාශ්‍රය ලබා දෙමින්, සතුන්ගේ ජීවන රටාවට අනුකූලවම ඔවුන්ව රැකබලා ගැනීම සිදු කරනු ලබයි. සමස්ත කර්මාන්තයේ පොදු ක්‍රමවේදය මීට හාත්පසින්ම වෙනස්වේ. මෙවැනි කැපවීමක් සිදු කිරිමට නම් ඉහළ පිරිවැයක් දැරීමට සිදුවේ. කෙසේ වෙතත්, අවසානයේදී උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් බිහිවන බැවින් නිව් ඇන්තනීස් ආයතනය එම පිරිවැය ස්වේච්ඡාවෙන්ම දරනු ලබයි.

සතුන් ප්‍රවාහනය කිරීම පවා සිදු කරන්නේ මෙවැනිම දැඩි ප්‍රමිතියක් යටතේය. ප්‍රවාහනයේදී ප්‍රමාණවත් ඉඩක් ලබාදීම, සන්සුන්ව හැසිරවීම සහ දැඩි නීතිරීති අනුගමනය කිරීම සිදු කෙරේ. මස් පිණිස සතුන් භාරදෙන අවස්ථාවේදී ඔවුන් ලක්වන මානසික ආතතිය (Stress) මස්වල ගුණාත්මකභාවයට ඍජුවම බලපාන බැවින් නිව් ඇන්තනීස් ආයතනය සෑම පියවරකදීම ඒ පිළිබඳව සැලකිලිමත් වේ. සෙසු කර්මාන්තකරුවන් බහුතරයක් අනුගමනය නොකරන ප්‍රමිතියක් වන්නේ මෙයයි.

උසස් සත්ව සුබසාධනය මඟින් සෞඛ්‍ය සම්පන්න සතුන් බිහි කරයි. සෞඛ්‍ය සම්පන්න සතුන් මඟින් උසස් තත්ත්වයේ කුකුළුමස් නිෂ්පාදනය කරනු ලබයි. මෙය හුදෙක් සටන් පාඨයක් නොවේ. මෙය නිව් ඇන්තනීස් ගන්නා සෑම මෙහෙයුම් තීරණයකම පදනම වන අතර මෙය ඔවුන්ගේ අවසාන නිෂ්පාදනයෙන් මනාව පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රෝටීන ඌණතාවය පිළිබඳ ගැටලුව, පවතින අවම ප්‍රමිතියෙන් පමණක් සෑහීමකට පත්වන සමාගම්වලට විසඳිය නොහැක. වඩාත් පහසු සහ ලාභදායී විකල්ප තමන් ඉදිරියේ තිබිය දී පවා, නිවැරදි ක්‍රමවේදයන් සඳහා ආයෝජනය කිරීමට තරම් ශක්තිමත් ප්‍රතිපත්තියක් ඇති නිෂ්පාදකයන්ට පමණක් එය කළ හැකිය. නිව් ඇන්තනීස් ෆාම්ස් ආයතනය අද වන විට එම නිවැරදි මඟ තෝරාගෙන ඇති අතර, රටේ සමස්ත ජනතාවගේ සෞඛ්‍යය ඉන් වඩාත් යහපත් වනු නිසැකයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව