Nelna Agri Development 2023/2024 අඹ වාරයේදී අඹ කිලෝ මිලියනයක් නෙලා ගැනීමට සූදානමින් සිටී

IMAGE-1 (LBN)

 


 

 

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Nelna Agri Development සමාගම 2023/2024 අඹ වාරයේදී (නොවැම්බර් සිට අප්‍රේල්)  අඹ කිලෝ මිලියන 1ක වාර්තාගත අස්වැන්නක් නෙලා ගැනීමට සුදූනමින් සිටී. එයින් අඹ 400,000 kgත් 300,000 kgත් අතර ප්‍රමාණයක් එක්සත් ජනපදය, ප්‍රංශය, ස්වීඩනය, සිංගප්පූරුව, ඩුබායි, කටාර්, බහරේන් සහ මාලදිවයින යන රටවලට අපනයනය කරමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපේක්ෂා කරයි. වර්තමානයේදි Nelna අඹ සඳහා ඉහළම වෙළෙඳපොළක් ඇත්තේ මාලදිවයිනේ සහ මැදපෙරදි‌ග රටවලය. එසේම Nelna අඹ භාවිත කරමින් අතුරු නිෂ්පාදන රැසක් ඉදිරි උත්සව සමයේදී වෙළෙදපොළට හඳුන්වා දීමටද සමාගම බලාපොරොත්තු වේ.

රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල අක්කර 750කට අධික බිම් ප්‍රමාණයක අඹ ගස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් වගා කරමින් ශ්‍රී ලංකාවේ විශාලම අඹ වගාව සිදු කරන Nelna Agri Development රසයෙන් සහ ගුණයෙන් පරිපූර්ණව සෙෘඛ්‍යාරක්ෂිතභාවයෙන් අනූනව පරිසර හිතකාමී සහ ජන හිතකාමී ක්‍රම ඔස්සේ නෙල්නා අඹ නිපදවයි. වියළි කළාපයේ දිස්ත්‍රික්කවල ජන ජීවිතය නඟා සිටවීම සඳහා Nelna Agri Development සුවිශාල දායකත්වයක් සපයයි. වර්තමානයේදී සමාග‌මේ සේවක සේවිකාවෝ 400කට අධික ප්‍රමාණයක් සේවය කරති. Global GAP ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇති නෙල්නා අඹ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්ත්ව කළමනාකරණ ක්‍රම යටතේ අන්තර්ජාතික ප්‍රමිතිවලට අනුව නිපදවයි. “ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන අපනයන බෝගයක් බවට අඹ පත් කිරීම Nelna Agri Development සමාගමේ ප්‍රධාන අරමුණක්. සාම්ප්‍රදායික අපනයන බෝග වගාවෙන් ඔබ්බට යමින් නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් ඉහළ ඵලදාවක් ලැබෙන ලෙස රසයෙන් සහ ගුණයෙන් පරිපූර්ණව අඹ නිෂ්පාදනය කිරීමට අප සමාගම කටයුතු කරනවා. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉහළ ඉල්ලුමක් නෙල්නා අඹවලට ලැබීම අපගේ නිෂ්පාදනවල ඉහළ ප්‍රමිතිය තහවුරු කරන සාක්ෂියක්.” Nelna Agri Development අධ්‍යක්ෂිකා පුන්‍යා නයනක්කාර මහත්මිය පැවසීය.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව