My Emirates Pass වැඩසටහන තුළින් සුවිශේෂී දීමනා 700 කට අධික ප්‍රමාණයක්

Shopping,And,Entertainment,,Mall,Inside.,Two,Beautiful,Girls,With,Paper

මෙම ශීත ඍතුවේ සංචාරක සමය සඳහා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා එමිරේට්ස් හි My Emirates Pass වැඩසටහන සුවිශේෂී දීමනා 700 කට අධික සංඛ්‍යාවකට ප්‍රවේශය ලබා දී ඇත. වසර පුරා ක්‍රියාත්මක වන ප්‍රතිලාභවලට අමතරව සංචාරකයින්ට මෙමගින් ඔවුන්ගේ ඩුබායි සංචාරය උපරිමයෙන් ගත කිරීමට එමිරේට්ස් විසින් දීමනා හඳුන්වා දී ඇත.

2026 මාර්තු 31 වන දින දක්වා ඩුබායි හරහා හෝ ඩුබායි වෙත පියාසර කරන එමිරේට්ස් මගීන් හට ඉහළම භෝජන අත්දැකීම්, ගෝලීය මට්ටමේ සාප්පු සවාරි අත්දැකීම්, ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ නිස්කලංක සුඛෝපභෝගී සම්බාහනාගාර සඳහා වට්ටම් ලබා ගත හැකිය. මුළු පවුලේ චාරිකාවක්, යුවලකගේ විවේකී නිවාඩුවක් හෝ තමන් වෙනුවෙන් වූ සංචාරයක් සඳහා ඩුබායි වෙත පැමිණෙන අයට My Emirates Pass වෙතින් අද්විතීය අත්දැකීම් රාශියක් හිමි වනු ඇත.
 



 
My Emirates Pass ප්‍රතිලාභ ලබා ගැනීම දැන් පෙරටත් වඩා පහසු කර ඇත. මෙම ප්‍රතිලාභ භුක්ති විඳීමට මඟීන් කළ යුත්තේ ඔවුන් සහභාගී වන ස්ථාන වලදී වලංගු හැඳුනුම්පතක් ද සමඟ තම එමිරේට්ස් බෝඩිං පාස්පත පෙන්වීම පමණි.

ඩුබායි හි රන්වන් වෙරළ තීරයන්, ගෝලීය මට්ටමේ ආගන්තුක සත්කාර සේවා හෝ සංස්කෘතික ආකර්ෂණයන් සොයමින් සිටින සියලු අමුත්තන් සඳහා නගරය අවස්ථා සපයයි. My Emirates Pass වෙතින් ඩුබායිහි ආර්ටේ කෞතුකාගාරය සහ මෙසී අත්දැකීම ඇතුළු තවත් ආකර්ෂණීය අත්දැකීම් වෙනුවෙන් අසමසම ඉතිරියක් සහ අසමසම ප්‍රවේශයක් හිමි වෙයි.

මීට අමතරව, 2025 දෙසැම්බර් 5 වන දින සිට 2026 ජනවාරි 11 වන දින දක්වා පැවැත්වෙන ඩුබායි සාප්පු සවාරි වැඩසටහන තුළින් My Emirates Pass හරහා අමුත්තන් හට ආකර්ෂණීය වට්ටම් සමඟින් සුවිශේෂී සාප්පු අත්දැකීම් හිමි කර ගත හැක.

එමිරේට්ස් කොළඹ සිට ඩුබායි දක්වා සතිපතා ගුවන් ගමන් 28 ක් ක්‍රියාත්මක කරන අතර වැඩිදුර විස්තර සඳහා emirates.com වෙත පිවිසෙන්න.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව