Moon K Apparel තායිලන්තයේදී Iconic සම්මාන දිනයි

Moon K Apparel (LBN)

Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැළුම් ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස් තත්ත්වයේ ඇගැළුම් මිල දී ගන්නා තොග ගැනුම්කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි. දිග කලිසම්, ටී ෂර්ට්, කමිස, ක්‍රීඩා ඇඳුම් වැනි කාන්තා සහ පිරිමි ඇගැළුම් එහි නිෂ්පාදන අතර වේ. උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නවීන විලාසිතාවලට අනුව මසා නිම කළ ඇගැළුම් කල් පැවැත්මෙන් ඉහළ අතර සුව පහසුව සහතික කරයි.
 



 

විවිධ ප්‍රමාණ, මෝස්තර සහ වර්ණවලින් ඇගැළුම් මිල දී ගත හැකිය. ඉතා ඉක්මනින් සහ විශ්වාසනීය ලෙස නියමිත වේලාවට ඇණැවුම් භාර දෙයි. එය Moon K Apparel වෙතින් ඇගැළුම් මිල දී ගන්නා පාරිභෝගිකයන්ට විශාල පහසුවකි. ගුණාත්මකභාවය සහ සාධාරණ මිල එක් කරමින් ඇගැළුම් නිපදවන එම ආයතනයේ කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සේවා සපයයි. 0705958826 හෝ 0766083447 අංක ඔස්සේ සාමාන්‍ය ඇමතුමක් හෝ WhatsApp ඔස්සේ සම්බන්ධ වී තොග ඇණැවුම් දිය හැකිය. Moon K Apparel දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා තිබේ. 2024දී පැවති People’s Pinnacle 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ඇගැළුම් සමාගමට හිමි සම්මානයත්, වනිතාභිමානී 2025 සම්මාන උළෙලේදී මෝස්‌තර නව්‍යකරණ විශිෂ්ටතා සම්මානයත් දිනා ගැනීමට ඔවුන්ට හැකි විය. පසුගියදා පැවති CEMS-Global USA’s Textile Seriesහි ශ්‍රී ලංකා අදියරට එම ආයතනය සහභාගී වූයේ ගෝලීය ඇගැළුම් ක්ෂේත්‍රයේ නවතම වෙනස්කම් පිළිබඳ අවබෝධයක් ලැබීම ඉතා වැදගත් බැවිනි. Textech, Colombo Yarn & Fabric Show, Dye+Chem Sri Lanka වැනි වැඩසටහන්වලදී නව අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, නිෂ්පාදන ක්‍රමවේද පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමට ඔවුන්ට හැකි විය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව