Mercedes-Benz EQ සමඟ DIMO ශ්‍රී ලංකාව තිරසාර අනාගතයක් කරා ගෙනයයි

Owners of DIMO's Mercedes-Benz EQ with their new vehicles, accompanied by DIMO officials (LBN)

මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ   පුරෝගාමියෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සුඛෝපභෝගී වාහන වෙළෙඳපලේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ තුලින් තිරසාර  සුඛෝපභෝගී මෝටර් රථ අත්දැකීමක් තිළිණ කරයි.

 



 

තිරසාර ප්‍රවාහනය පිළිබඳ ප්‍රමුඛත්වය ගනිමින් Mercedes-Benz EQA 350 4MATIC, EQE 350 4MATIC SUV, EQS 450+, සහ Mercedes-AMG EQS 53 4MATIC වැනි වාහන මාදිලි මෙරට රථ වාහන ක්ෂේත්‍රයට හඳුන්වාදීමට සහ බෙදාහැරීමට DIMO කටයුතු කර ඇත. එමෙන්ම නුදුරේදීම මෙරටට ගෙන්වීමට නියමිත Mercedes-Benz EQB 250, EQE 350+, සහ EQS 450 4MATIC SUV සමඟින් මෙරට බලයලත් නියෝජිතයන් අතර විද්‍යුත් වාහන (EV) අංශයේ පුරෝගාමීයා ලෙස සිය ස්ථානය තහවුරු  කරගැනීමට DIMO සමත් වනු ඇත.

DIMO වෙතින් හඳුන්වාදෙන ලද මෙම Mercedes-Benz EQ රථ, ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට සහ  කාළගුණික තත්ත්වයන්ට මනාව ගැළපෙන සේ නිමවා ඇති අතර  පාරිභෝගික  අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන්ම පාරිභෝගික කැමැත්ත මත  නිර්මාණය  කර ඇත. සෘජුවම Mercedes-Benz AG කර්මාන්තශාලාවෙන් මෙරට වෙළෙඳපල වෙත බෙදාහරින මෙම සෑම වාහනයක් සඳහාම  Mercedes-Benz AG Global නිෂ්පාදක වගකීම හිමිවන අතර වාහන මාදිලිය අනුව වසර 8-10 අතර කාල  පරාසයක් පවතින අධි වෝල්ටීයතාවයකින් (HV) යුත් බැටරි සදහා වගකීමක් ද  පිරිනමයි. එමෙන්ම  EQ වාහන පෙළ ප්‍රශස්ත බැටරි ධාරිතාවයකින් යුක්ත වන අතර, එක් ආරෝපණයක් මඟින් කිලෝමීටර 400 සිට 700 දක්වා  ධාවන පරාසයක් ලබා දෙයි. පරිසරයට බලපෑමක් සිදු නොවන පරිදි මෙම HV බැටරි බැහැර කිරීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා  විශේෂ ක්‍රියාවලියක් අවශ්‍ය වේ.  අනාගත ලෝකයට ගැළපෙන පරිදි කටයුතු කරන ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන අංශයේ පුරෝගාමියා වන  DIMO, වගකීමෙන් යුතුව මෙම බැටරි  බැහැර කිරීම සඳහා සුවිශේෂී  යාන්ත්‍රණයක්  ක්‍රියාවට නංවා ඇත.  ඒ අනුව ආයු කාලය අවසන් බැටරි ප්‍රතිචක්‍රීකරණය සඳහා අපනයන කරන සමාගම් කිහිපය අතරට DIMO සමාගම ද එක් වෙමින් සිය ක්‍රියාවලියේ තිරසාර බව සහතික කර තිබේ.

තවද, විනිවිදභාවයකින් යුතුව මිල ගණන් සඳහන් කිරීම, නිල බිල්පත් අගයන් සහ බදු ප්‍රතිපත්තීන්ට අනුකූලව කටයුතු කිරීම ඔස්සේ DIMO සදාචාරාත්මක බව සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් දක්වන නොසැලෙන කැපවීම මැනවින් පිළිබිඹු වේ.  වගකිව යුතු ආනයනකරුවෙකු ලෙස DIMO සිය වාහන මේ රටට ගෙන්වීමේ සහ ලියාපදිංචියේ සිට අලෙවියෙන් පසු පුළුල් සේවාව දක්වා පරිපූර්ණ අත්දැකීමක් සිය පාරිභෝගිකයන්ට ලබාදෙයි.

අලෙවියෙන් පසු සේවාවට අමතරව, විද්‍යුත් වාහන සඳහ EQ චාජර් සහ සූර්ය පද්ධති ස්ථාපනය කිරීම සඳහා පහසුකම් ද DIMO මඟින් සපයන අතර පාරිභෝගිකයන්ට සමස්ත විද්‍යුත් වාහන පද්ධතිය ගොඩනැඟීමට  පහසුකම් සලසා දෙයි.  Mercedes-Benz EQ වාහන පෙළ DIMO හි තිරසාර නිෂ්පාදන පරාසය සවිබල ගන්වයි.

Mercedes-Benz EQ වාහනයක සාඩම්බර හිමිකරුවෙකු වන වෛද්‍ය සම්පත් රුද්‍රිගෝ මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. “සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයන් සඳහා DIMO හි කැපවීම සහ එහි විනිවිදභාවය  මම සැබවින්ම අගය කරනවා. හදවතට සමීප වූ සුඛෝපභෝගී අත්දැකීමක් සිය පාරිභෝගිකයන්ට පිරිනැමීම සඳහා දක්වන කැපවීම  ඔවුන්ගේ සෑම ක්‍රියාවකින්ම පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා ලෙස DIMO නියමිත කරුණු සපුරාලමින් ආනයනය කරන ලද වාහන පාරිභෝගිකයා වෙත ලබාදෙන අතර අලෙවියෙන් පසු පුළුල්  සේවාවක් ද පිරිනමනවා.”

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසුවේය. “අපගේ පාරිභෝගික ජනතාවට වඩාත් විශ්වසනීය ,උසස් සහ තිරසාර මෝටර් රථ විසඳුම් ලබා දීමට  DIMO අපි කැපවී සිටිනවා. මෙරට විද්‍යුත් ප්‍රවාහන අංශයේ සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරන Mercedes-Benz EQ වාහන පෙළ පාරිභෝගිකයින් අපේක්ෂා කරන මට්ටමටත් වඩා උසස් ආකාරයෙන් නිර්මාණය වී තිබෙන බව අපි විශ්වාස කරනවා.”

වාහන බෙදාහැරීමෙන් ඔබ්බට ගමන් කරන DIMO අලෙවියෙන් පසු අසමසම සේවාවක්  සැපයීමට ද කැපවී සිටියි.  Mercedes-Benz ප්‍රවීණයන්ගේ අනුග්‍රහය සහිත විශේෂඥ දැනුමෙන්  යුත් සහතික ලත් කාර්මික ශිල්පීන් කණ්ඩායම,  Mercedes-Benz AG නිර්දේශිත මෘදුකාංග යාවත්කාලීන කිරීම, කලින් කලට අවශ්‍ය සේවා සැපයීමේ පැකේජ, Mercedes-Benz සේවා පිළිබඳ සුවිශේෂී වැඩසටහන්, පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවාව, සහ වාහනය රැගෙන යාම සහ භාරදීම පිළිබඳ නොමිලේ සේවාව ඇතුළු සේවා රැසක් මේ යටතේ පිරිනමනු ලබයි. තවද, අලුත්වැඩියා කටයුතු සඳහා වසරක  වගකීමක් ද මෙහිදී හිමිවන  අතර නියම Mercedes-Benz genuine parts  භාවිත කිරීම සහ Mercedes-Benz AG නිර්දේශිත විශේෂ මෙවලම් සහ උපකරණ භාවිතය සමඟ පාරිභෝගිකයන්ට  අත්දැකීමක්  භුක්ති විඳිය හැකිය.

ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් ලෙස සවිමත්  විද්‍යුත් වාහන පද්ධතියක වැදගත්කම හඳුනා ගනිමින්, DIMO විද්‍යුත් වාහන හිමිකරුවන්ට පහසුවෙන්  ප්‍රවේශ විය හැකි විද්‍යුත් ආරෝපණ ජාලයක් නිර්මාණය කිරීම සඳහා බලශක්ති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය විශේෂඥ දැනුම යොදාගනිමින් දිවයින පුරා යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සිටියි. අනාගතයේදී වාහන ආනයන කිරීමේ පහසුකම්  නැවත ස්ථාපනය වූ විට නවතම EQ විද්‍යුත් රථ පෙළ DIMO හි Mercedes-Benz හිමිකරුවන්ට අත්දැකීමෙ අවස්ථාව උදාවනු ඇත.

සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයන්,  අලෙවියෙන් පසු සුවිශේෂී සේවාව සහ ශක්තිමත් විද්‍යුත් රථ පද්ධතියක් ගොඩනැගීම සඳහා දක්වන කැපවීම හරහා ශ්‍රී ලංකාව  තිරසාර අනාගතයක් කරා යන ගමනේ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස DIMO ස්ථානගත ක‍රයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව