මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්, රු. බිලියන 1..1 ක හිමිකම් නිකුතුව සඳහා අධි ඉල්ලුමක්

MD Mr Devas.jpg (LBN)

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MI Finance) සමාගමේ හිමිකම් නිකුතුව හරහා, රු. බිලියන 1.1 ක නව ප්‍රාග්ධනයක් හිමිකර ගැනීමට එම සමාගම සමත්ව තිබේ. එම සමාගමේ ක්‍රමෝපාය, කාර්යසාධනය සහ දිගුකාලීන වර්ධන ගමන්මග කෙරෙහි කොටස්හිමියන් සතු ආත්ම විශ්වාසය මනාව පිළිබිඹු කරමින් එම හිමිකම් නිකුතුව සඳහා අධි ඉල්ලුමක් හිමි විය.

මූලික කොටස් නිකුතුව ඉක්මවා යමින් මෙහිදී අයදුම්පත් හිමි වූ අතර, කොටස්හිමියන්ගේ ඉහළ සහභාගිත්වය තුළින් MI Finance හි දිශානතිය පිළිබඳ නොසැලෙන විශ්වාසයක් මෙන්ම, සමාගමේ මීළඟ වර්ධන අදියරට දායකවන මුල්‍ය පදනම ද ගොඩනගා ගැනීමට එම සමාගමට හැකි විය.




මෙම නව අරමුදල එක් කිරීම, MI Finance සමාගමේ ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් වීමට, මුල්‍ය නම්‍යශීලීතාව පුළුල් කිරීමට මෙන්ම සමාගමේ නියාමන ප්‍රාග්ධන මට්ටමට සහයෝගය ලබා ගැනීමට ද හේතු වේ. තවද එමගින්, ශ්‍රී ලාංකේය මුල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ පාරිභෝගිකයින් හට සේවය සැලසීමටත්, වර්ධනය පවත්වා ගැනීමටත්, ව්‍යාපාරික පුළුල් කිරීමේ සැලසුම් දියත් කිරීමටත් MI Finance සතු හැකියාව ඉහළ නැංවේ.

සියලු පාර්ශ්වකරුවන් හට දිගුකාලීන අගය නිර්මාණය කිරීම සඳහා නොසැලෙන අදිටනින් කටයුතු කරන MI Finance සමාගම, පාරිභෝගිකයින්, කොටස්හිමියන් සහ ආර්ථිකය සඳහා අඛණ්ඩව අර්ථවත් ප්‍රතිලාභ හිමිකර දෙමින් නව අවස්ථා උපයෝගී කර ගැනීමට මනාව ස්ථානගත වී තිබේ.

කොටස්හිමියන් MI Finance කෙරෙහි තබා ඇති නොවෙනස් විශ්වාසය සහ එහි වර්ධනය සඳහා ලබා දෙන සහයෝගය වෙනුවෙන් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා සිය කෘතඥතාව පළකර සිටියේය. “අපගේ හිමිකම් නිකුතුව සඳහා ලැබුණු ඉහළ ප්‍රතිචාරය මගින්, MI Finance ක්‍රමෝපායික සැලසුම සහ දිගුකාලීන දැක්ම කෙරෙහි අපගේ කොටස්හිමියන් තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු වනවා. වඩාත් සවිමත් මුල්‍ය පදනමක් සමගින් අප, නව අවස්ථා අත්කර ගැනීමටත්, සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන් තිරසර වර්ධනයක් සහ කල්පවත්නා අගයක් හිමිකර දීමටත් ඉතා හොඳින් සූදානම්ව සිටිනවා,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ස්ථාවර සහ ඉදිරිගාමී මුල්‍ය ආයතනයක් ලෙස MI Finance සතු මුල්‍ය ශක්තිය, විශ්වාසය සහ තිරසාරත්වය හා දිගුකාලීන වර්ධනය වෙනුවෙන් එම සමාගම දක්වන කැපවීම මෙම හිමිකම් නිකුතුවේ සාර්ථකත්වය මගින් නිරූපණය කෙරේ.

First Capital Advisory Services සමාගම මෙම හිමිකම් නිකුතුවේ උපදේශක සහ කළමනාකරු ලෙසත්, SSP Corporate Services සමාගම එහි රෙජිස්ට්‍රාර් ලෙසත් කටයුතු කළේය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව