Megakem Engineering නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කරමින් MEGAKEM MEGALASTIC SUPER 540 එළිදක්වයි

MEGAKEM IMAGE - 1 (LBN)

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Megakem Engineering පෞද්ගලික සමාගම MEGAKEM සන්නාමය යටතේ නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කරමින් සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබේ. ගම්පහ විවෘත වූ නව ප්‍රදර්ශනාගාරය සහ රාජගිරියේ පිහිටි ප්‍රතිසන්නාමගත ප්‍රදර්ශනාගාරය එම සමාගමේ වර්ධන උපායමාර්ග පිළිබිඹු කරයි. ඉහත කී ප්‍රදර්ශනාගාර දෙක විවෘත කිරීමට අමතරව එම සමාගමේ ප්‍රතිසන්නාමගත Water Proofing නිෂ්පාදනයක් වන MEGAKEM MEGALASTIC SUPER 540 එළිදැක්වීමද සිදු විය. උසස් තත්ත්වයෙන් සහ ක්‍රියාකාරිත්වයෙන් යුතු නිෂ්පාදනයක් වන එහි තේමාව වන්නේ ‘ඉංජිනේරුවන්ගේ ප්‍රමුඛ Water Proofing නිර්දේශය’ යන්නයි. එම නිෂ්පාදනය ඉදි කිරීම් ක්ෂේත්‍රයේ පෙරළියක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. නව ප්‍රදර්ශනාගාර විවෘත කිරීමේ සහ MEGAKEM MEGALASTIC SUPER 540 එළිදැක්වීමේ උත්සවයට බිටුමික්ස් සමූහයේ සභාපති අශෝක සිරිවර්ධන මහතා, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සේවක සේවිකාවන් සහ බෙදා හැරීමේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මේ හරහා නව්‍යකරණය, ගුණාත්මක බව සහ පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීමට සමාගම සතු කැපවීම වඩාත් තහවුරු වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව