
MD Computers.lk පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පරිගණක සහ උපාංග අලෙවි වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ඩබ්. ජී. එම්. ධනංජය සහ අධ්‍යක්ෂ ජී. ඩී. මඳුරංගනී වෙත සම්මානය පිරිනමන ලදී. MD Computers.lk 2011දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස හෝමාගමදී ආරම්භ විය. 2015 වන විට කුඩා ප්‍රදර්ශනාගාරයක්ද ඇරැඹීම දක්වා වර්ධනය වූ එහි වර්තමානයේදී සේවිකාවෝ 28ක් සේවය කරති. ශ්‍රී ලංකාවේ විශාලම අලුත් සහ භාවිතා කළ පරිගණක සහ ලැප්ටොප් අලෙවිසැල ලෙස නමක් දිනා ඇති MD Computers.lk වෙතින් ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ක්‍රීඩා පරිගණක, මැක්බුක්, මොනිටර්, ප්‍රොසෙසර්, මදර්බෝඩ්, ග්‍රැෆික් කාඩ්, දත්ත ගබඩා උපාංග, RAM, හාඩ් ඩිස්ක්, ඩිස්ප්ලේ, පවර් ඇඩප්ටර්, බැටරි, ලැප්ටොප් සඳහා අවශ්‍ය උපාංග මෙන්ම පරිගණක ක්‍රීඩාවල යෙදෙන්නන්ට පුටු, කූලින් පෑඩ්, ජෝයිස්ටික්, සබ්වූෆර් වැනි සියලුම උපාංග මිල දී ගත හැකිය.
උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාවක් සැපයීම ප්‍රමුඛ කර සළකන MD Computers.lk පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා අනුව අතේ ඇති මුදලට ගැළපෙන නිෂ්පාදන තෝරා ගැනීමට මඟ පෙන්වයි. පාරිභෝගිකයන්ට නව්‍ය පරිගණක සහ උපාංග සඳහා ඇති ප්‍රවේශය සහතික කරන කාර්ය මණ්ඩලය තාක්ෂණික ලෝකයේ සිදු වන වෙනස්කම් පිළිබඳව පූර්ණ අවබෝධයක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත වේ. එම සමාගම අලෙවියෙන් පසු සේවා සැපැයීමේදී ඉදිරියෙන්ම සිටී. පාරිභෝගිකයා පළමු කර ගත් ප්‍රවේශය නිසා දිවයින පුරා සිටින දහස් ගණනකගේ විශ්වාසය දිනා ගැනීමට MD Computers.lk ආයතනයට හැකි වී ඇත. ඔවුන්ගේ වෙබ් අඩවිය වන http://www.mdcomputers.lk හි නිෂ්පාදන සියල්ල සහ මිල ගණන් පැහැදිලිව සඳහන් කර තිබේ. Google ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින එම සමාගම 4.7ක ශ්‍රේණිගත කිරීමක් ලබා ඇත.