ශ්‍රී ලංකාව තුළ පුළුල්ව ව්‍යාප්ත වී ඇති ජංගම දුරකථන මූල්‍ය හුවමාරු මාධ්‍ය වන mCash තම ඩිජිටල් මූල්‍ය ගණුදෙනු වර්ධනය කිරීම උදෙසා මොබිටෙල් ආයතනය මෑතකදී Visa සමඟ ඉතා සුවිශේෂී සහයෝගීතාවක් ඇතිකර ගත්තේය. ශ්‍රී ලංකාවේ ජංගම මූල්‍ය මාධ්‍ය සංකල්පයට විප්ලවීය වෙනසක් එක්කළ මොබිටෙල් mCash දිගින් දිගටම නව්‍ය තාක්ෂණික විශේෂාංග හඳුන්වාදෙමින් සහ ජනතා ජීවන විලාසිතාවට ගැළපෙන අයුරින් ජංගම මූල්‍ය හුවමාරු ක්‍රමය හරහා විවිධ මංපෙත් විවර කරතිබේ. මෙම වර්දනය දිගින් දිගටම පවත්වාගනිමින් සිය පාරිභෝගික ජනතාවට උපරිම වරප්‍රසාද ලබාදීමට කැපවන මොබිටෙල් ආයතනය mCash වල භාවිතාව ගුණාත්මකව වැඩිදියුණු කිරීම උදෙසා Visa සමඟ සහයෝගීතා ගිවිසුමකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයන්ට නව නිෂ්පාදන සහ ආකර්ෂණීය සේවා රැුසක් අත්විඳගැනීමට අවස්ථාව සලසාදීම මොබිටෙල්හි අරමුණයි. මීට අමතරව, දිවයින පුරා විසිරී සිටින 20000කට වැඩි mCash සේවා නියෝජිතයන්ට ද මෙම සහයෝගීතාව නිසා ගුණාත්මකව වැඩිදියුණු වූ ජංගම මූල්‍ය තාක්ෂණ අත්දැකීම් ලබාගැනීමට හැකිවන අතර, පාරිභෝගිකයන්ට උසස් සේවාවක් ලබාදීම උදෙසා ඔවුන් සතුව ඇති ඩිජිටල් ශක්‍යතාවය වැඩිදියුණු කරමින් ඔවුන්ට තවදුරටත් විවිධ වරප්‍රසාද ලබාගැනීමේ හැකියාව ද උදාකර දී තිබේ. ජංගම මූල්‍ය ගිණුමට මුදල් බැර කිරීම – Top Ups, මුදල් යැවීම සහ ගෙන්වා ගැනීම, එදිනෙදා බිල්පත් ගෙවීම, ආයතනික බිල්පත් ගෙවීම, අන්තර්ජාලය හරහා ගෙවීම් , පුණ්‍යාධාර සිදුකිරීම්, ඩිජිටල් ස්ථාවර නියෝග සිදුකිරීම් සහ B2B ව්‍යාපාර විසඳුම් සිදුකිරීම් ආදී විශාල පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් ඔබේ ජංගම දුරකථනය හරහා සිදුකරගැනීමට mCash පහසුකම් සළසයි.
මෙම සහයෝගීතාව පිළිබඳ අදහස් දැක්වූ මොබිටෙල් ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා, ”සෑම අවස්ථාවකදීම අසමසම පාරිභෝගික සේවාවක් ලබාදීම අපේ ප්රමුඛ අරමුණයි. එසේම, mCash පාරිභෝගිකයන් සඳහා නව්‍ය සහ ගුණාත්මකව වැඩිදියුණු කළ භාවිතාවන්ගේ පහසුව ඇතිකිරීමට වීසා සමඟ සහයෝගීතාවක් ඇතිකරගැනීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත්වෙනවා. Visa ආයතනය මිලියන ගණනක්වූ තම සේවා භාවිතා කරන්නන් අතර ඩිජිටල් මූල්‍ය හුවමාරු පහසුකම් පවත්වාගැනීම සඳහා දිරිමත් කරන ලෝකයේ ප්‍රචලිත ආයතනයකි.”
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ Visa ආයතනයෙහි ඉන්දියානු සහ දකුණු ආසියාතික කලාපයේ කළමනාකරු ආර්. රාමචන්ද්‍රන් මහතා, ”ශ්‍රී ලංකාවේ ජංගම වාණිජ සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට අප සිදුකරන කාර්යයට සහයෝගයක් වීමට මොබිටෙල් එකතුවීම පිළිබඳව අපි වඩාත් සතුටට පත්වෙනවා. Visa ජාලය තුළ සිටින මිලියන ගණනක්වූ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට තම ජංගම දුරකථනය හරහා වේගවත්, සහ ආරක්ෂාකාරී ගෙවීම් අත්දැකීමක් ලබාදීමට අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
ගුණාත්මකව වර්ධනය කළ වේගවත් සහ ආරක්ශාකාරී මූල්‍ය ගණුදෙනු ජංගම දුරකථනය හරහා සිදුකරගැනීම ක්‍රමවත් කිරීමට විවිධ ක්ෂේත්රවලට අයත් පුළුල්ව පැතිරුණු ප්‍රධාන ආයතන සමඟ mCash විසින් සහයෝගීතාවය වර්ධනය කරගෙන තිබේ. මීට අමතරව දිවයින පුරා විහිදුණු විශාල සේවා දායකයන් සහ වර්ධනය වන පාරිභෝගික පදනමක් සහිතව පසුගිය වසර කිහිපය තුළදී mCash විසින් ඉහළ ආයතනික වර්ධනයක් අත්පත්කරගැනීමට සමත්වී තිබේ.