ජාතික බල ශක්ති කාර්යක්ෂමතා සම්මාන උළේලේදී Maxtherm ලංකා සමාගම රිදී සම්මාන දිනයි

Maxtherm

විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය සංවිධානය කළ ජාතික බල ශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී 2025 වසරේ විශිෂ්ටම බල ශක්ති කාර්යක්ෂමතා සේවා සපයන්නාට හිමි රිදී සම්මානය ඉංජිනේරු ගයා සිරිවර්ධනගේ හා අජන්ත මුහන්දිරම්ගේ අධ්‍යක්ෂකත්වයෙන් යුත් Maxtherm ලංකා පෞද්ගලික සමාගමට හිමි විය. සමාගම සම්මාන උළෙලේදී විශිෂ්ටම තාක්ෂණික සැපයුම්කරු අංශයේ ප්‍රමුඛයා වීම සුවිශේෂ වේ. මෙම අංශයේ රන් සම්මානය කිසිවෙකුටත් හිමි නොවුණි. පොසිල ඉන්ධන යොදන බොයිලේරු ජෛව ඉන්ධනවලින් ක්‍රියා කරවීමේ ක්‍රමවේදයකින් මෙහෙයුම් වියදම 75%කින් අඩු කිරීමටත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙන් 35%ක පමණ පිරිවැය ඉතිරි කිරීමටත් සමාගමට හැකි වී ඇත. මෙම සම්මානය පිරිනැමීමට හේතු වූ ප්‍රධාන කාරණය වන්නේ පසුගිය වසර තුන තුළ සමාගම රට තුළ බල ශක්තිය පිරිමැසීමයි. සමාගම දරවලින් ක්‍රියා කරන කර්මාන්තශාලා රැසකට තාක්ෂණික මැදිහත්වීම් කර දර කියුබික් මීටර් 8000ක් ඉතිරි කර තිබේ. පොසිල ඉන්ධනවලින් ක්‍රියා කරන බොයිලේරු ජීව ඉන්ධනවලින් ක්‍රියා කරන බොයිලේරු බවට පත් කිරීමෙන් දැවි තෙල් හා ඩීසල් ලීටර් මිලියන 8ක් ඉතිරි කර තිබේ. ඒ හරහා වසර තුනකදී රටට ඉතිරි කළ මුදල ඩොලර් මිලියන 66කි.  කාබන්ඩයොක්සයිඩ් කිලෝ මිලියන 40ක් පරිසරයට මුදා හැරීම නැවැත්වීමටද විදුලි බලය යුනිට් 140,000ක් ඉතිරි කිරීමටද සමාගමට හැකි විය. කර්මාන්තශාලාවල කාර්ය මණ්ඩල පුහුණු කිරීම, කර්මාන්තශාලාවල සවි කරන බොයිලේරු නිසි කාර්යක්ෂමතාවෙන් ක්‍රියා කිරීම, පරිසර අමාත්‍යංශයේ පරිසර තත්ත්ව වාර්තාවලට අනුව බොයිලේරු පැවැතීම, අහිතකර වායු පිටවීම පාලනයට පියවර ගෙන තිබීම, කාර්ය මණ්ඩලය, ඉංජිනේරුවන්, බොයිලර් ක්‍රියාකරුවන් ප්‍රමාණය, මානව සම්පත් කළමනාකරණය ආදියද සම්මානය පිරිනැමීමේදී අවධානය යොමු කර ඇත.



මෙම සම්මාන උළෙලේදීම මීට පෙරත් සමාගම ඇගැයීමට ලක් වී තිබේ. විශිෂ්ටම තාක්ෂණික සපයන්නා ලෙස 2016දී රන් සම්මානයත්, 2014දී  ලෝකඩ සම්මානයත්, 2017දී  රිදී සම්මානයත් දිනා ඇත. Maxtherm සමාගම බොයිලේරු ආශ්‍රිත ඉංජිනේරු සේවා සැපැයීම ඇරැඹුවේ 2002දීය. සමාගම වර්තමානයේදී වාෂ්ප නිෂ්පාදනය හා සැපැයීම සහ ප්‍රාග්ධනය සැපැයීම ඇතුළුව සවි කිරීම, හැසිරවීම සහ නඩත්තු සේවා සැපැයීම සිදු කරයි. සමාගම මෙරට ප්‍රමුඛ ආයතන රැසක බොයිලේරුවලට වාෂ්ප සපයන අතර දිනකට ජෛව ස්කන්ධ වාෂ්ප කිලෝ ලක්ෂ 02කට අධික ප්‍රමාණයක් නිපදවයි. පුනර්ජනනීය ජෛව ස්කන්ධ ඉන්ධන උපරිම ලෙස භාවිත කරමින් වාෂ්ප නිපදවීමට සමාගම කටයුතු කරයි. Maxtherm ලංකා සමාගම් සමූහයට Maxtherm ලංකා, Maxterm ඉංජිනිරින් සහ Maxtherm එනර්ජි කෙයා යන පෞද්ගලික සමාගම්‍ තුන අයත් වේ. දැවි තෙල් හෝ ඩීසල් භාවිතයෙන් වාෂ්ප සකසන කර්මාන්ශාලාවලට  ඒ සඳහා වැය වන මුදලෙන්  60%ක් පමණ අඩුවෙන් වාෂ්ප සැපැයීමට සමාගම ක්‍රියා කරයි. දර, දහයියා වැනි ඉන්ධන යොදා ගෙන බොයිලේරු ක්‍රියාත්මක කරන විට කිසිදු පරිසර හානියක් සිදු නොවන බවට සමාගම 100%ක් වග කියයි. Maxtherm ලංකා සමාගම ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයෙන් ක්‍රියා කරන ලංකාවේ විශාල ව්‍යාපෘතියක් වන ගල්ඔය ස්කාගාරයේ පරිසර දූෂණය අවම කිරීමේ (අංශු විමෝචන) ව්‍යාපෘතිය නිර්මාණය කර ස්ථාපනය කර ඇත. රට තුළ බැහැර කරන කසළ ඉන්ධනයක් ලෙස කාර්යක්ෂමව බොයිලේරුවලට යොදා ගැනීමට අදාළ පර්යේෂණ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව