MAS, SLC සමඟ අත්වැල් බැඳගනිමින් 2023 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමෙහි නිල ඇඟලූම් අනුග‍්‍රාහකයා ලෙස නැවතත් පෙරට

Image 1 - Official Jersey Handover (LBN)

 



 

 

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings 2023 වසරේ පෙබරවාරි මාසයේ දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ (ICC) කාන්තා T-20 ලෝක කුසලානයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලූම් අනුග‍්‍රාහක ලෙස එක්වෙමින් කාන්තාවන් සවිබල ගන්වයි.

2007-2008 වසරේ සිට MAS විසින් SLC සමඟ විශ්වාසනීය සබඳතාවක් ගොඩනඟා ගනිමින් ජාතික කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතාව ඉහළ නැංවීම සඳහා සුවපහසුව සහ ක‍්‍රියාශීලිත්වය වැඩිදියුණු වන අන්දමින් ජාත්‍යන්තර මට්ටමේ කී‍්‍රඩා ඇඟලූම් සැලසුම්කර නිෂ්පාදනය කරන අතර 2012 සිට දශකයකට වැඩි කාලයක් කණ්ඩායම සඳහා නිල ඇඟලූම් අනුග‍්‍රාහකත්වය ලබා දී ඇත. එමෙන්ම 2008-2010 වසර වල ජාතික කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කණ්ඩායම් අනුග‍්‍රාහකයා ද විය.

මෙම අනුග‍්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් MAS Holdings අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ අම්රා අක්බාර් සඳහන් කළේ, ”MAS විසින් කාලාන්තරයක් පුරාවට SLC සමඟ අත්වැල් බැඳගනිමින් කී‍්‍රඩක කිී‍්‍රඩිකාවන් වෙනුවෙන් ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි, උසස් ප‍්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරන ලද නව කී‍්‍රඩා ඇඟලූම් හඳුන්වා දී තිබෙනවා. ජාතික පිරිමි කි‍්‍රකට් කණ්ඩායමේ ජර්සි වෙනුවෙන් අප භාවිතා කරන තාක්ෂණික හා නව්‍ය භාවිතයන් යොදාගනිමින් නැවත වරක් අපගේ ජාතික කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමෙහි නිල ඇඟලූම් අනුග‍්‍රාහකයා වීමට ලැබීම අපිට සතුටක්.” යනුවෙනි.

ජර්සිය නිර්මාණය කර නිෂ්පාදනය කර ඇත්තේ MAS Active (Pvt) Ltd වන අතර මිනිස් සිරුරේ දහඩිය ග‍්‍රන්ථි පිළිබඳ පර්යේෂණ කිරීමෙන් පසු මෙම නවතම ජර්සිය MAS Active කණ්ඩායම විසින් නිර්මාණය කරන ලදී. දකුණු අප‍්‍රිකාවේ උෂ්ණත්වය සහ කාලගුණික රටා ඇතුළු ක‍්‍රීඩා පිටියේ පාරිසරික තත්වයන්ට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇති මෙම ඇඟලූම්, ක‍්‍රීඩාව අතරතුර අපහසුතාවයන් වළක්වා ගැනීමට සහ ක‍්‍රීඩකයාගේ කාර්ය සාධනය ඉහළ නැංවීමට සහය දක්වයි. MAS Active විසින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ගේ නැවුම් බව සහ සුවපහසුව සඳහා දහඩිය වේගයෙන් වාෂ්ප කිරීමට හැකි රෙදි වලින් නිපදවන ලද අතර මෙය wicking සහ තෙතමනය කළමනාකරණ තාක්ෂණයට අමතරව සුවපහසු බව පවත්වා ගැනීම සඳහා සකස් කරන ලද සැහැල්ලූ, ඉහළ අවශෝෂක හැකියාව සහිත, නම්‍යශීලී රෙදි භාවිතා කරමින් නිර්මාණය කර ඇත.

”අපගේ කාන්තා කණ්ඩායමට මෙරටට ජයග‍්‍රහණය රැගෙන ඒමට හැකි වේවායි අපි සුබ පතනවා. ඒ වගේම ඔවුන්ගේ ජයග‍්‍රහණය කරා යන ගමනට අත්වැලක් වීමට ලැබීම මහත් ගෞරවයක්.” යනුවෙන් අම්රා අක්බාර් වැඩිදුරටත් පැවසීය. තවද, කාන්තාවන් සවිබල ගැන්වීමෙහි වැදගත්කම අවධාරණය කරමින්, MAS හි ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂිකා, රජිතා ජයසූරිය පැවසුවේ, ”මෙරට සියළුම ක්ෂේත‍්‍ර වල කාන්තාවන් දිරිගන්වමින් ඔවුන්ගේ සැඟවුණු දක්ෂතා සහ හැකියාවන්වලට වටිනාකමක් එකතු කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.” යනුවෙනි.

තවද ශ‍්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩා කණ්ඩායම් සඳහා MAS හි සහය පිළිබඳව අදහස් දක්වමින් රජිතා ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේ, ”විශේෂයෙන්ම මෙවැනි මුලපිරීම් තුළින් ශ‍්‍රී ලංකාවේ පැරා ඔලිම්පික් ක‍්‍රීඩිකාවන්ට සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ක‍්‍රීඩිකාවන්ට ශක්තියක් වීමට අපට හැකි වී තිබෙනවා.” යනුවෙනි.

MAS පිළිබඳව

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 118,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 17 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. ඇඟලූම් තාක්ෂණය, FemTech, start-ups, සැපයුම් සංවිධානය සහ ලොව පුරා විහිදුණු ඇඟලූම් උද්‍යාන ආදිය තුළින් MAS සන්නාමය වේගවත් ලෙස පුළුල් වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව