Mark and Comm සහ Meridian Creative Solutions නව සහයෝගීතාවකට මුලපුරයි

1- Mark and Comm partners Meridian

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශේෂීකරණ මහජන සබඳතා සහ සන්නිවේදන ආයතනයවන Mark and Comm සමාගම, Meridian Creative Solutions සමාගම සමඟ පසුගියදා විශේෂ සහයෝගීතාවකට පිවිසයේය. ඒ අනුව කීර්තිනාම ක්‍රමෝපාය සැලසුම්වල සිට තාක්ෂණික මෙහෙයුම් දක්වා  නූතන සන්නාමකරණ අවශ්‍යතා විසඳුම් සියල්ල එකම වහලක් යටතේ ලබාගැනීමේ අවස්ථාව සේවාදායකයින්ට හිමිවේ.

වසර 14කට වැඩි ක්‍රමෝපායික සන්නිවේදනයේ, සන්නාමකරණයේ, අර්බුද කළමනාකරණයේ, ආයතනික සබඳතා සහ මාධ්‍ය සබඳතා කළමනාකරණයේ පරිචයක් Mark and Comm සමාගම සතු අතර, Meridian Creative Solutions සමාගම සතුව විශේෂිත වූ මෘදුකාංග නිෂ්පාදනයේ, UI/UX නිර්මාණකරණයේ සහ ඩිජිටල් පද්ධති නිර්මාණයේ විශේෂඥතාවක් පවතී. ඒ අනුව සන්නාමකරණයට අදාළ සියලු ඩිජිටල් විසඳුම් ද පාරිභෝගිකයින් වෙත සැපයීමේ පහසුකම මෙම සහයෝගීතාව මගින් උදා වේ.

 



 

″සන්නාම කීර්තිය සහ ඊට අවැසි ඩිජිටල් පද්ධතිය තවදුරටත් වෙන වෙනම ලබාගත යුතු සේවාවන් නොවේ. ඒවා එකිනෙක මත රැඳුණු පෝෂණය වුණු එකම සේවාවක්. තමන්ගේ සන්නාමය හා බැඳුණු සන්නිවේදන අවශ්‍යතාවන් වෙනුවෙන් ඊටම අනන්‍ය වූ ඩිජිටල් පද්ධති ගොඩනඟාගැනීම සහ පවත්වාගෙන යාම වර්තමානයේ සෑම සමාගමකම අත්‍යවශ්‍යතාවක්. මෙම සහයෝගීතාව මගින් එම අත්‍යවශ්‍යතාව සපුරාලනවා″, යනුවෙන් Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා ප්‍රකාශ කළේය.

Mark and Comm සමාගම යනු ලොව පුරා රටවල් 100කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වූ GlobalCom මහජන සබඳතා ජාලයේ සාමාජිකයෙකි. ආසියානු පැසිෆික් කලාපයේ PRCA APAC ආයතනික සාමාජිකත්වය ද උසුළන Mark and Comm සමාගම සෙසු ගෝලීය සංවිධාන රැසක ද සාමාජිකත්වය දරයි. වර්ෂ 2011දී ආරම්භ වූ සමාගම තමන්ටම ආවේණික වූ සුවිශේෂී ක්‍රමෝපායික මහජන සබඳතා විසඳුම් සපයන අතර මෙරට මහජන සබඳතා කර්මාන්තය තුළ ද නායකත්ව සහ උපදේශක භූමිකාවක් පවත්වාගෙන යෑමට සමත්ව තිබේ.

Meridian සමාගම Next.js development, blockchain, Web3 development, custom ERP, CRM සහ POS systems වැනි මෘදුකාංග ඉංජිනේරු සේවා ද UI/UX design, සන්නාමකරණය, illustration, සහ ඇසුරුම්කරණ විශේෂඥතාව ආදී සේවා රැසක් ද සපයයි.

″යටිතල පහසුකම් පද්ධතියකින් තොර සන්නාම ක්‍රමෝපායක්, හුදෙක් න්‍යායාත්මක තලයේ පවතින අතර, සන්නාම අරමුණක් නොමැති තාක්ෂණයකුත් වැදගත්කමකින් තොරයි. මෙම සහයෝගීතාව තුළින් එම හිඩැස පිරවෙනවා. එනම් කීර්තිනාම කළමනාකරණ ක්‍රමෝපාය, ඩිජිටල් පද්ධතිගතකිරීම තුළින් වඩාත් ශක්තිමත් සහ තිරසර ඩිජිටල් අවකාශයක් නිර්මාණය කරගත හැකිවෙනවා″, යනුවෙන් Meridian Creative Solutions ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී විරාජ් ආදිහෙට්ටි මහතා පැවසුවේය.

SOZO Beverages, Rank Holdings, Geoffrey Bawa Trust, Hemsons International, සහ Moose Clothing වැනි දේශීය සමාගම් රැසක් සමඟ කටයුතු කර ඇති Meridian සමාගම, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල සේවාදායකයින් වෙනුවෙන් ද ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව සිදුකර තිබේ. ඇඟලුම් නිෂ්පාදනය, කඩසාප්පු කළමනාකරණ සහ සංචරක වැනි ක්ෂේත්‍රවල සේවාදයකයින් වෙනුවෙන්ම සැකසූ විශේෂ ඩිජිටල් පද්ධති කිහිපයක් ද Meridian සතුය.

ඒ අනුව මෙම සහයෝගීතාව තුළින් අතීතයේදී වෙන් වෙන් වශයෙන් පැවැති සන්නිවේදන, අලෙවිකරණ, නිර්මාණකරණ සහ තාක්ෂණික විසඳුම්, ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් සන්නාමකරණය වෙනුවෙන් භාවිත කිරීමේ නූතන ව්‍යාපාරික අවශ්‍යතාවට පරිපූර්ණ විසඳුමක් පිරිනමනු ඇත. විශේෂයෙන්ම ඩිජිටල් පරිවර්තනයක අවශ්‍යතාව දකින සාම්ප්‍රදායික සන්නාමවලට මෙන්ම ඒකාබද්ධ විසඳුම් සොයන වේගයෙන් වර්ධනය වෙන සන්නාමවලට ද, කලාපීය වෙළෙඳපොළට පිවිසීමට උත්සාහ දරන ජාත්‍යන්තර සන්නාම/ සමාගම්වලට ද පුළුල් සේවා සැපයීමට එය පිටුවහලක් වනු නිසැක ය.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව