Mark and Comm විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන දිනයි

1- Mark and Comm PR Agency of the Year Rest of SA (1)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන සමාගමක්වන Mark and Comm සමාගම පසුගියදා පැවැති Campaign’s Agency of the Year Awards 2025 සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගැනීමටත්, Rest of South Asia PR Agency of the Year කාණ්ඩයේ  (දකුණු ආසියානු) එකම ජයග්‍රාහකයා බවට පත්වීමට සමත්විය. මෙම සම්මාන උළෙල දෙසැම්බර් 2 වැනිදා මුම්බායි නුවර ITC Maratha හෝටලයේදී පැවැත්වුණි.

Campaign Asia-Pacific Agency of the Year Awards යනු ආසියානු පැසිෆික් කලාපයේ දැන්වීම්කරණ, අලෙවිකරණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වය අගයනු වස් සංවිධානය කරනු ලබන කීර්තිමත්ම සම්මාන උළෙලයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් විනිශ්චය කරනු ලබන සම්මාන උළෙලේදී නිර්මාණකරණය, මාධ්‍ය, ඩිජිටල්, මහජන සබඳතා සහ විශේෂිත කාණ්ඩ යටතේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් සම්මාන පිරිනැමේ.
 



 

″අපේ සේවාදායකයින් වෙනුවෙන් උසස් ප්‍රතිඵල රැගත් මහජන සබඳතා ක්‍රමෝපාය සැකසීමට අපේ කණ්ඩායම දරන උත්සාහයට ලැබුණු වටිනා ඇගයුමක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකියි. එහිදී සම්මාන සඳහා නිර්දේශිත එකම මහජන සබඳතා ආයතනය බවට පත්වීම හරහාත් විවිධ ග්‍රාහක පිරිස් වෙනුවෙන් ගැලපෙන සන්නිවේදන විසඳුම් සැපයීමට අපි ලබාදෙන දායකත්වය හොඳින් පිළිබිඹු වෙනවා″, යනුවෙන් මෙම ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා ප්‍රකාශ කළේය.

2011 වසරේදී ආරම්භ කරන ලද Mark and Comm සමාගම මේ වනවිට තාක්ෂණ, කෘෂිකර්මාන්ත, ඇඟලුම්, සාමාන්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වෙළෙඳාම් (FMCG), මූල්‍ය සහ රක්ෂණ, සංචාරක, අධ්‍යාපන, ප්‍රවාහන සහ තිරසර යන අංශවලට අයත් දේශීය සහ බහුජාතික සන්නාම රැසකට සේවා සපයයි.

Mark and Comm සමාගම ගෝලීය මහජන සබඳතා ජාල කිහිපයක ද සක්‍රීය සාමාජිකත්වය දරයි. ලෙව රටවල් 100කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මකවන ස්වාධීන මහජන සබඳතා ආයතන 80කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන GlobalCom මහජන සබඳතා ජාලයේ සාමාජිකත්වය මෙන්ම, තවත් ගෝලීය මහජන සබඳතා ආයතන දෙකක් සමඟ Mark and Comm සමාගම සහයෝගීතාවක් පවත්වාගෙන යයි. PRCA APAC සංවිධානයේ ආයතනික සාමාජිකත්වය දරන අතර, තන්සිල් තාජුඩීන් මහතා PRCA APAC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද CIPR හි ජාත්‍යන්තර කමිටු සාමාජිකයෙකු ද වේ.

මෑතකදී Hootsuite සහ Talkwalker තාක්ෂණ විසඳුම් සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම බලයලත් නියෝජිත ලෙස ද Mark and Comm සමාගම තෝරාපත්කරගැනුණි. ඒ අනුව වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ශ්‍රී ලාංකික සහ මාලදිවයින් වෙළෙඳපොළ වෙත සමාජ මාධ්‍ය නිරීක්ෂණය, මාධ්‍ය නිරීක්ෂණය සහ සමාජ මාධ්‍ය කළමනාකරණ විසඳුම් සැපයීමේ හැකියාව ද සමාගම සතු ය.

මේ අතර Women in Tech Sri Lanka සහ ZeroPlastic Movement වැනි සමාජ වැඩසටහන් වෙනුවෙන් අයකිරීමකින් තොරව විවිධ සේවා සපයමින් මෙරට මහජන සබඳතා සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට ද සමාගම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ.

″මෙම සම්මානය අපට තවත් ඉදිරියට යාමට විශාල ශක්තියක් සපයනවා. අපේ සේවාදායකයින්ට සුපුරුදු ක්‍රමෝපායික විශිෂ්ටත්වය පිරිනැමීමටත්, විවිධ සහයෝගීතාවන් ඔස්සේ සමාජයට ප්‍රතිලාභ සැලසීමටත් ක්‍රියාකරන අතරේ  Mark and Comm සමාගම ගෝලීය තලයට ඔසවා තැබීම අපේ අභිප්‍රායයි″, යනුවෙන් Mark and Comm අධ්‍යක්ෂිතා සහ උපදේශන ප්‍රධානී චාමනී නානායක්කාර මහත්මිය පැවසුවාය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව