LMD සඟරාව විසින් නිකුත් කරන ලද සමාරම්භක ආයතනික සන්තුෂ්ඨි දර්ශකයේ (Corporate Happiness Index) ශ්‍රී ලංකාවේ බැංකු අතරින් කොමර්ෂල් බැංකුව පළමු ස්ථානයට පත්ව ඇත.
PepperCube උපදේශක ආයතනය විසින් මෙම සමාරම්භක මුලපිරීම වෙනුවෙන් සිදු කරන ලද සමීක්ෂණයේ දී සළකා බලන ලද ගුණාංග 16 හි ලබාගත් ඉහළ ස්ථාන පදනම් කරගෙන එම ශ්‍රේණිගත කිරීමේ සියළුම ක්ෂේත්‍ර වල සමස්ත පස්වන ස්ථානය ලබා ගනිමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ “ප්‍රීතිමත් ම දෙවන නිවහන්” අතරින් එකක් ලෙස තේරී පත් විය.
මෙහි විශේෂ කරුණක් වූයේ, එසේ සලකා බලන ලද ගුණාංග 16න් 14ක ම බැංකූ ක්ෂේත්රයේ ඉහළම ලකුණු ලබා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් වීමයි. සේවකයින් සම්බන්ධ මූලික වශයෙන් වැදගත් අංශ වන ‘වැටුප් පරිමාණයන්’, ‘දීමනා සහ වරප්‍රසාද’, ‘වෘත්තීය ප්‍රගතිය’, ‘රැකියාවේ පරිසරය’, ‘ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවය’, ‘සෞඛ්‍ය සහ යහපැවැත්ම’, ‘රැකියාව සහ ජීවිතයේ සමතුලිතතාවය’, ‘සේවා ස්ථානයේ විවිධත්වය’ සහ ‘සේවා ස්ථානයේ නම්යශීළී බව’ වැනි අංශ ඒ අතර විය.
තවද, ‘මූල්‍ය ස්ථාවරත්වය’, ‘ආයතනික නායකත්වය’, ‘සේවා ස්ථානයේ සුහදබව’, ‘විවෘත සංස්කෘතිය’, සහ ‘විනෝදාත්මක ක්‍රියාකාරකම්’ යන අංශ සඳහාද බැංකු අංශයේ අංක එක බවට පත් වීමට ද කොමර්ෂල් බැංකුව සමත් විය.
බැංකු අංශය තුළ කැපී පෙනෙන නායකත්වයට අමතරව, සමීක්ෂණයට අදාළ ගුණාංග 16න් 10ක් සඳහා කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ සියලුම ක්ෂේත්‍ර වල ඉහළම ස්ථාන ලබා ගත් ආයතන පහ අතර වූ අතර, ගුණාංග 15ක් සඳාහා ශ්‍රී ලංකාවේ පළමු සමාගම් 10 අතර විය.
බැංකුව විසින් සමස්ත ශ්‍රේණිගත කිරීමේ දී ‘මූල්‍ය ස්ථායීතාව’ සහ ‘සේවා ස්ථානයේ සුහදබව’ යන ගුණාංගවලින් දෙවන ස්ථානය ද, ‘වෘත්තීය ප්‍රගතිය’ හි තෙවන ස්ථානයත්, ‘සේවා ස්ථානයේ විධත්වය’ සහ සේවා ස්ථානයේ නම්යශීළී බව’ සඳහා සිව්වන ස්ථානයත් ලබා ගන්නා ලදී.
“අද කාලයේ වේගවත් ව දිවෙන ආයතනික පරිසරයන් තුළ රැකියා ස්ථානයේ සතුට අතිශයින් වැදගත්වනවා, රැකියා ස්ථානයේ යහපැවැත්ම පිළිබඳ අවබෝධය නැවත අර්ථ දැක්වීම සහ මෙම ක්ෂේත්රයේ ඔවුන්ගේ ප්‍රගතිය සළකා බලා එම ආයතන ශ්‍රේණීගත කිරීමට ගත් LMD සඟරාවේ මෙම පෙරළිකාර උත්සාහය අපි අගයනවා,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසීය.
“අපගේ, සේවක පිරිසට ඔවුන්ගේ වෘත්තීන් ගොඩනගා ගැනීමේදී හැකියාවන් සියල්ල ම ඔප්නංවා ගැනීමට හැකි සංස්කෘතියක් රැකියා ස්ථානය තුළ ගොඩනැගීම කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කරනවා. අපගේ විශාලතම ශක්තිය අපගේ සේවක පිරිස වන බැවින් සේවක පිරිසේ සෞඛ්‍යයට මෙන් ම ආයතනයේ ඵලදායීතාවයට ද අහිතකර ලෙස බලපෑ හැකි රැකියාව ආශ්රිත ආතතිය අවම කිරීම ඇතුළුව ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම කෙරෙහි අපි ඉතා දැඩි සැළකිල්ලක් දක්වන්නෙමු.”
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.