LED විදුලි බල්බ, LED රූපවාහිනී, විද්‍යුත් උපකරණ හා උපාංග සඳහා හොඳම විසඳුම ZENOI වෙතින්

image (LBN)

 



 

 

විශ්වාසනීයත්වයකින් යුතු ඉලෙක්ට්‍රොනික් සහ විද්‍යුත් උපකරණ සඳහා වැඩිවන ඉල්ලුමත් සමඟ  LED රූපවාහිනි, LED විදුලි බල්බ, විදුලි ස්විච් සහ සොකට්, විද්‍යුත් උපකරණ හා උපාංග ඇතුළු ZENOI සන්නාමය යටතේ ඇති නිෂ්පාදන පෙළ අලෙවි කිරීමේ සහ බෙදා හැරීමේ ආයතනය වන ඉලෙක්ට්‍රොසෙන් ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගම දේශීය වෙළෙඳපොළේ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී තිබේ.

එම සමාගමේ නවීන තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන පෙළ පාරිභෝගිකයන්හට උසස් ගුණාත්මකභාවයෙන් යුතුව මිලදී ගැනීමට ඇති හැකියාව සහතික කරයි. Miniature Circuit Breaker (MCB), Molded Case Circuit Breaker (MCCB), සහ  Residual Current Circuit Breaker (RCCB) ඉතා ඉක්මනින් නිෂ්පාදන පෙළට එක්වීමට නියමිතය.

ලොව පිළිගත් සන්නාමයන්ගෙන් යුතු පැනලයන් සහිතව අඟල් 32′ සිට අඟල් 75′ දක්වා ZENOI  LED  රූපවාහිනි යන්ත්‍ර  නවීනතම ස්මාර්ට් Android OS 11+, ඩොල්බි ඩිජිටල් සහ පික්සල් 4k UHD තාක්ෂණයෙන් වෙළෙඳපොළට නිකුත් කෙරෙනුයේ කල් පැවැත්ම සහ විදුලිය පිරිමැස්ම සහිත වසර තුනක වගකීමක් සමඟ සාධාරණ මිලකටය. උසස් තත්ත්වයේ ගුණාත්මක භාවයෙන් යුතුව නිපදවනු ලබන LED  බල්බ සහ පැනලයන්  ද, 150w දක්වා අධි දීප්තිමත් හයි බේ විදුලි පහන්, 3w සිට 15 w විදුලි බල්බ, 50w දක්වා අධි බලැති විදුලි බල්බ, 6w සිට 40w  LED පැනල, ටියුබ් ලයිට්, සාමාන්‍ය සහ මොඩියුලර් ප්‍රිමියම් පරාසයකින් යුතු විදුලි ස්විච්, විදුලි පේනු, ඩෙකරේටිව් බල්බ, එඩිසන් බල්බ, විදුලි උපකරණ සහ උපාංග ලෙස Junction boxes, Ceiling rose, Sunk boxes, Deep sunk boxes, Pendant holder සහ 13A Plug top ද  ZENOI  නිෂ්පාදන පෙළට ඇතුළත්ය.

ඩේවිඩ් පීරිස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ඉලෙක්ට්‍රොසෙන් ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගම උසස් ප්‍රමිතියෙන් යුතු කල් පවතින නිෂ්පාදන, අලෙවියෙන් පසු විශ්වාසනීයත්වයෙන් යුතු සේවයක් සැපයීමට කැප වී සිටී. මෙම සමාගමේ සියලුම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, එකලස් කිරීම සහ දේශීය අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සහෝදර සමාගම වන පිළියන්දල මඩපාත පිහිටි ඉලෙක්ට්‍රොසෙන් ග්ලෝබල් පුද්ගලික සමාගමේ අති නවීන ඉලෙක්ට්‍රොනික් කර්මාන්තශාලාවේදී මනා තත්ත්ව පාලනයක් සහිත ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන නිපදවීමේ පරිසරයක් තුළ සිදු කෙරේ. එම ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන නිපදවීමේ සහ එකලස් කිරීමේ කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම ස්ථීතික විද්‍යුත් ආරෝපණවලින් ආරක්ෂාකාරී ලෙස තිරසාර ක්‍රියාකාරීත්ව පහසුකම්වලින් සමන්විතය. නූතන සියලුම ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරන ශ්‍රී ලංකාවේ එකම  රූපවාහිනී නිෂ්පාදනය ZENOI  සහ OEM LED රූපවාහිනී නිෂ්පාදනය වේ.

ZENOI රූපවාහිනී, LED බල්බ සහ විද්‍යුත් උපාංග ඉහළම දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සමන්විත වන අතර  උසස් නිමාව, කල් පැවැත්ම සහ විශ්වාසනීය නිෂ්පාදන වගකීමක් සහිතව සාධාරණ මිලකට මිලදී ගැනීමට හැකිවේ. LED රූපවාහිනි, LED විදුලි බල්බ සහ පැනලයන් හි තත්ත්ව පරීක්ෂණය සිදු කරන්නේ ලොව පිලිගත් තාක්ෂණයන්ට අනුවය.

සිල්ලර වෙළෙඳ සැල්, හාඩ්වෙයාර් වෙළෙඳසැල්, විද්‍යුත් උපකරණ වෙළෙඳසැල් සහ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල්වල ZENOI නිෂ්පාදන තෝරාගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලබාදී ඇත.

පාරිභෝගිකයන්ට නව්‍ය නිෂ්පාදන හා විසඳුම් සපයන අතරතුරම වේගයෙන් දියුණුවන ලෝකයක ශ්‍රී ලංකාවේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ අනාගතය හැඩගස්වා ගැනීමට හා තිරසරත්වය සඳහා ඉලෙක්ට්‍රොසෙන් ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගම සහ ඉලෙක්ට්‍රොසෙන් ග්ලෝබල් පුද්ගලික සමාගම කැප වී සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව