LANKAQR ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව කොළඹ පැවැත්වූ වැඩසටහනට කොමර්ෂල් බැංකුවේ පූර්ණ සහාය

LANKAQR promo - Diyatha Uyana

ජාතික හදිසි ප‍්‍රතිචාර (QR) කේත පද්ධතිය වන LANKAQR ඔස්සේ ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කොළඹ පැවැත්වුණු වැඩසටහනට කොමර්ෂල් බැංකුව සිය පූර්ණ සහයෝගය දක්වන ලදී.

මෙම වැඩසටහන ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ‘දියත උයන’ පරිශ‍්‍රයේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනී ටී. එම්. ජේ. වයි. පී. ප‍්‍රනාන්දු මහත්මිය, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඞී. කුමාරතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.

මෙම ප‍්‍රවර්ධනයෙහි කොටසක් ලෙස, LANKAQR පද්ධතියට ඇතුළු වූ පළමු QR කේත පදනම් කරගත් ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් පහසුකම ඔස්සේ එම සති අන්තයේදී ‘දියත උයන’ පරිශ‍්‍රයෙහි මිලදීගැනීම් සිදු කල ගිණුම්හිමියන්ට බැංකුව විසින් දෛනික සීමාවකට යටත්ව 20% ක මුදල් ආපසු පිරිනමන ලදී. මීට අමතරව, LANKAQR ජනප‍්‍රිය කරවීම සඳහා කොමර්ෂල් බැංකුවේ අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් පැලවත්ත සහ බත්තරමුල්ල නගරවල වෙළෙඳසැල් වෙත ගොස් ComBank Q+ ඇප් පහසුකම සඳහා වෙළෙඳ මහත්ම මහත්මීන් ලියාපදිංචි කිරීමක්ද කළේය. මෙම වෙළෙඳසැල් වලින් 2021 ජනවාරි 31 වනදා දක්වා ComBank Q+ ඇප් පහසුකම භාවිතා කරමින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පාරිභෝගිකයින්ට බැංකුව විසින් 20% ක මුදල් ආපසු ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

 




 

 

ComBank Q+ මගින් සිල්ලර පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් යන දෙපාර්ශවයටම සේවා සම්පාදනය කර තිබේ. බැංකුව විසින් මෑතකදී එළිදැක්වූ සියළුම පොයින්ට්-ඔෆ්-සේල් (POS) යන්ත‍්‍රවලට LANKAQR ගණුදෙනු කිරීමේ හැකියාව ඇතුළත් කර තිබේ. බැංකුව විසින් හඳුන්වාදී තිබෙන ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුමද LANKAQR යටතේ ගනුදෙනු සැකසීමට සහතිකකරණය කර ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර 2020 වසරේදී දේශීය සහ ජාත්‍යන්තර සම්මාන 25 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගන්නා ලදී. බැංකුව සතුව මේ වනවිට ශ‍්‍රී ලංකාව පුරා ශාඛා 268 ක මෙන්ම ATM සහ CRM යන්ත‍්‍ර 885 ක ජාලයක් ඇත.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව