
කොළඹ පසුගියදා කොලඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති LankaPay Technnovation 2019 , සම්මාන උලේලේදී Fintech කාණ්ඩය යටතේ ශී‍්‍ර ලංකාවේ ප්‍රමුඛතම ජංගම මූල්‍ය සේවා සපයන්නා වන mCash ජනප්‍රියතම විද්‍යුත් ගෙවීම් කිීරීමේ මාධ්‍ය” ට හිමි රිදී සම්මානය හිමි කර ගැනීමට සමත්විය.
නොකඩවා තුන්වෙනි වසරටත් LankaClear පුද්ගලික සමාගම විසින් සංවිධානය කළ Lankapay Technnovation සම්මාන උළෙලල මුල්‍ය ගනුදෙණු වලදී පාරිභෝගික සුවපහසුව ඉහළ තලයකට ගෙනයාම වෙනුවෙන් ගොඩනගන නව පාරිභෝගික ප්රවණතා හදුනාගෙනල ඒවාට සාර්ථක විසදුම් ලබාදෙන නව්‍ය වූ මූල්‍ය ගෙවීම් තාක්ෂණ ඇඟයීම සිදු කරයිග පාරිභෝගිකයන්ගේ මුල්‍ය ගනුදෙණු වලදී සුවපහසුව වර්ධනය කිරීමට විවිධත්වයෙන් පිරුණු සේවා රැසක් ලබාදීම වෙනුවෙන් අසමසම තාක්ෂණික එළඹුමකින් වෙළදපළට අවතීර්ණ වූ mCash සිය සේවා වඩාත් හොදින් ව්‍යාප්ත කිරීම සදහා බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ නව්‍ය තාක්ෂණික සේවා සපයන්නන් ද ඒකාබද්ධකරමින් ඉතා විශිෂ්ට ජයග්‍රාහී ගමනක් පැමිණ තිබේ.
නව්‍ය තාක්ෂණික හදුන්වාදීම් වෙනුවෙන් ඩිජිටල් ක්ෂේත්රයේ නායකත්වය ගැනීම, ජංගම මූල්‍ය ගෙවීම් වේදිකාවන් අතර තත්ත්වය උසස් කිරීමට mCash කළ කැපවීම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම උදෙසා mCash දැක්වූ දායකත්වය මෙම සම්මානය ලැබීම හරහා මනාව පිළිඹිබු වේ. මුදල් හුවමාරු රහිත ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැංවීම වෙනුවෙන් සිය සහයෝගය ලබාදීමේ මූලික දැක්ම පෙරදැරිව ඉදිරියට යන mCash වැඩිවන නව අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නවීන තාක්ෂණික ප්රවණතා තම සේවාවන්ට එකතුකරගනිමින් සහ ඩිජිටල් තාක්ෂණයෙන් ඒකාත්මික වූ සාර්ව ආර්ථික රටාවක් ගොඩනැංවීමට දැනුමෙන් සන්නද්ධ වූ පරිවර්තනීය සමාජයක් ගොඩනැංවීම වෙනුවෙන් සිය සහාය ලබාදෙයි.
වසර ගණනාවක් මුළුල්ලේ අඛණ්ඩව වර්ධනය වන සේවාදායකයින් සමග ඉහළ ආයතනික වර්ධනයක් අත්පත් කරගැනීමට මෙන්ම, තම නව්‍ය වූ සේවාවන් හරහා තම දෛනික මූල්‍ය ගෙවීම් කටයුතු කාර්යක්ෂමව හා පහසුවෙන් කරගන්නා, දිවයින පුරා විසිරුණු විශාල පාරිභෝගික ජාලයක් ඇති කරගැනිමටද ඔවුන් සමත් වී ඇතග 2017 වසරේදී SLIM Brands Excellence සම්මාන උළෙලේදී ර්“Online Brand of the Year” සදහා රිදී සම්මානය දිනාගැනීම 2019 වසරේදී “Most Innovative Digital Financing Product Sri Lanka” මෙන්ම “Digital Finance Partnership Sri Lanka” 2018 ලෙස International Business Magazine සගරාව මගින් ලබාදුන් ජාත්‍යන්තර සම්මාන දෙකක් දිනාගැනීමට සමත්වීම ජංගම මූල්‍ය සේවාවේ mCash ලබා ඇති විශිෂ්ඨත්වය පිලිබිඹු කරයිග
වැඩිදියුණු කළ සුවපහසුවක් ජංගම මූල්‍ය ගෙවීම් වේදිකාවක් හරහා පාරිභෝගිකයන්ට වඩාත් ඉහළ සේවාවක් ලබාදීම වෙනුවෙන් mCash විසින් විවිධ ක්ෂේත්රයන්ට අයත් දෙස් විදෙස් ආයතන රැුසක් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන අතර, මූල්‍ය හුවමාරු වඩාත් වේගවත්ව කාර්යක්ෂමව සිදුකිරීමට එතුළින් ඔවුන් සමත්වී තිබේ. මුදල් තැන්පත් කිරීම, මුදල් ලබාගැනීම, මුදල් යැවීම සහ ගෙන්වා ගැනීම, එදිනෙදා බිල්පත් ගෙවීම, ආයතනික බිල්පත් ගෙවීම, භාණ්ඩ මිලදී ගැනීම, ඔන්ලයින් ගෙවීම් සිදුකිරීම, පුණ්‍ය කටයුතු සදහා මුදල් පරිත්‍යාග කිරීම, ඩිජිටල් ණය ලබාගැනීම, ඩිජිටල් ස්ථාවර නියෝග ලබාදීම සහ B2B වෙළද විසදුම් ලබාදීම ආදී විශාල පරාසයක පැතිරුණු මූල්‍ය සේවා රැසක් mCash විසින් සිදුකරයි.