LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ ATM ජාලයට රන් සම්මානය

LankaPay Technovation Awards 2022

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම වෙනුවෙන් පැවැත්වූ 2022 LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට වසරේ හොඳම පොදු ATM සවිබල ගන්වන්නාට හිමි රන් සම්මානය ප‍්‍රදානය කරන ලදි.

පසුගිය වසරට සාපේක්ෂව එක් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් සිදුකළ ගනුදෙනු ප‍්‍රමාණය සඳහා ඉහළම වර්ධනය වාර්තා කිරීම, වැඩිම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු ප‍්‍රමාණයකට පහසුකම් සැපයීම සහ ටෙලර් යන්ත‍්‍ර ජාලය කි‍්‍රයාවිරහිත වූ කාලය අඩුම අගයකට පවත්වා ගැනීම ඇතුළු කරුණු බැංකුවට මෙම රන් සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට බඳුන් කර තිබේ. කොමර්ෂල් බැංකුවේ සමස්ත ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය මගින් ලංකාපේ කාඞ්පත් පිළිගන්නා අතර මෙම ජාලය පොදු ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පද්ධතියටද (CAS) සම්බන්ධ කර ඇත.

මීට අමතරව, මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුව විසින් රිදී සම්මාන තුනක් සහ කුසලතා සම්මානයක්ද දිනා ගන්නා ලදි.

EMV (Europay, Mastercard and Visa) ඒකාබද්ධ තාක්ෂණය භාවිතා කරමින් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු අත්පත් කරගැනීම සහ සැකසීම සඳහා සිය සමස්ත ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය යොමුකළ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර ලංකාපේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය ඔස්සේ ඉතාමත් සුරක්ෂිතව ගනුදෙනු කිරීමට EMV ගනුදෙනු සිය කාඞ්පත් පදනමට හඳුන්වාදුන් පළමු බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි. මේ තුළින් ලංකාපේ ජාලයේ තිබෙන අනිකුත් බැංකුවල ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ ඉතාමත් සුරක්ෂිත ලෙස ගනුදෙනු කිරීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් පත් හිමියන්ට ලැබී ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව