John Keells Properties හි VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය, එහි ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර රුපියල් බිලියන 4.2 ක අලෙවියක් ලැබීය.

Courtyard Image 02 (LBN)

ජා-ඇල VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය 2024 අගෝස්තු 26 වැනි දින වනවිට එනම් ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර රුපියල් බිලියන 4.2 කට අධික අලෙවියක් උපයා ගැනීමට සමත් විය. ඒ අනුව John Keells Properties හි මෙම විශිෂ්ට ජයග්‍රහණය හරහා ආයෝජකයින් සහ නිවාස ගැනුම්කරුවන් යන දෙඅංශයේම මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා ඇති දැඩි ඉල්ලුම සහ උනන්දුව අවධාරණය කරයි.
 



 

ජා-ඇල VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය යනු තවත් එක් මහල් නිවාස ව්‍යාපෘතියක් නොව; එය තදාසන්න නාගරික ජීවන රටාවට අද්විතීය සංකල්පයක් වන අතර ස්වභාවික නිස්කලංක වටපිටාවක් සමඟ නවීන පහසුව සමපාත කිරීමට නිර්මාණය කර ඇත. අක්කර 6ක් පුරා විහිදී පවතින භූමි  ප්‍රමාණයෙන් 65%ක් ම විවෘත අවකාශයන් සහ පහසුකම් සඳහා වෙන් කර ඇති අතර, ජා-ඇල VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය, හුදෙක් මහල් නිවාස නම් වූ සංකල්පයෙන් මඳක් ඔබ්බට යමින් නවීනත්වය මුසු වූ තවත් බොහෝ දේ පිරිනමයි. භාවනා මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩා පිටි , එළිමහන් ක්‍රීඩාංගණ සහ බයිසිකල් පැදීම/ඇවිදීම සඳහා වූ මංතීරු ඇතුළුව මනාව සැලසුම් කර ඇති පහසුකම් 15කට අධික ප්‍රමාණයක් සමඟින් ඉදිවන මෙම නිවාස ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ පරිපූර්ණ ජීවන අත්දැකීමක් නිර්මාණය කිරීම යි.

ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties හි දේපළ අංශයේ ප්‍රධානී John Keells සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපති ඉනෝක පෙරේරා මහතා මෙසේ පැවසීය, “මෙම ව්‍යාපෘතිය John keells properties විසින් තදාසන්න නාගරික මහල් නිවාස වෙළඳපොළ වෙත හඳුන්වා දුන් පළමු ව්‍යාපෘතිය යි. ඒ අනුව ‘නව ලෝකයන් නිර්මාණය කිරීම.’ යන අප සමාගමේ දැක්මට මෙම ව්‍යාපෘතිය මනාව ගැලපෙනවා. ජා-ඇල VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත්තේ හුදෙක්ම නිවාස සඳහා පමණක් ම නොව, ස්වභාවධර්මය‍, සහජීවනය, පරිසර හිතකාමී ජීවන රටාව සමඟින් ප්‍රශස්ත ප්‍රජා වටිනාකම් වර්ධනය වන ජීවන රටාවක් පිරිනැමීමටය. ඒ අනුව VIMAN සතුව අප සියලු දෙනාම අපේක්ෂා කරන සාමය‍, සතුට හා සමානාත්මතාවය සපිරි නවීන පහසුකම් මුසු වූ සුරක්ෂිත වටපිටාවක් පවතී.”

2023 සැප්තැම්බර් මස ඇරඹුණු ජා-ඇල VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය ආරම්භයේ සිට ම බුද්ධිමත් නිවාස ගැනුම්කරුවන්ගේ සහ ආයෝජකයින්ගේ අවධානය ඉක්මනින් දිනා ගැනීමට සමත් විය. පළමු අදියර දෙක තුළ දී නිවාස ඒකක 75%ක් අලෙවි වූ අතර,ඒ අනුව මෙම ව්‍යාපෘතිය තදාසන්න නාගරික ජීවනෝපාය සඳහා නවමු කඩයිමක් සලකුණක් කර ඇත. මෙම දැවැන්ත ඉල්ලුම හරහා ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහ John Keells Properties කෙරෙහි ඇති විශ්වාසය ගැන වඩාත් කතාබහට ලක් වී ඇත. John Keells Properties හි විකුණුම් සහ අලෙවි ප්‍රධානී සහ John Keells සමූහ ව්‍යාපාරයේ උප සභාපති නදීම් ෂම්ස් මහතා මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේ පැවසීය, “මීට පෙර අත් නොවිඳි ප්‍රතිචාරයක් සමඟින්, විශේෂයෙන් ම ඉදිකිරීම් ආරම්භ කිරීමටත් මත්තෙන් රුපියල් බිලියන 4.2 ක අලෙවියක් සිදුකිරීමට ලැබීමම, ජා-ඇල VIMAN ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා සුවිශේෂී බව මනාව අවධාරණය කරනවා. තිරසාරත්වය සමඟ සවිමත් ප්‍රජාවක් පිළිබඳ හැඟීමක් ඇති කරන සංවර්ධනයක් ආරම්භ කිරීමට ලැබීම ගැන අපි ඇත්තෙන්ම ආඩම්බර වෙනවා. මෙය පවුලක් ලෙසට එක්ව මෙන්ම තනි පුද්ගලයෙකු ලෙසට වෙන් වෙන්ව වුවද සැබවින්ම සාර්ථකත්වය ළඟා කරගත හැකි ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකියි.”

පරිසර හිතකාමී ජීවිතයක් ගත කිරීම සඳහා John keells properties හි පවතින උනන්දුව හා කැපවීම පිළිබිඹු කරමින්‍, ජා-ඇල VIMAN ව්‍යාපෘතියේ  මූලික පදනම වනුයේ තිරසාරත්වය යි. සූර්ය බලයෙන් බලගැන්වෙන නිවාස, EV ආරෝපණ මධ්‍යස්ථාන සහ බහුල හරිත අවකාශයන් විසින් බලශක්ති කාර්යක්ෂමතාව සහ පාරිසරික වගකීම කෙරෙහි ව්‍යාපෘතිය  තුළ පවතින අවධානය පිළිඹිබු කරයි. එහි උපායමාර්ගික පිහිටීම සුපිරි වෙළඳසැල්, පාසල්, රෝහල් සහ කොළඹ වරායට පිවිසීමේ මාර්ගය ඇතුළුව අධිවේගී මාර්ගය වැනි ප්‍රධාන පහසුකම් සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙන අතර, මෙමගින් ජා-ඇල VIMAN ව්‍යාපෘතිය ජීවත් වීමට පහසු හා සරල නාගරිකත්වය මුසු වූ පරිපූර්ණ සම්මිශ්‍රණයකි.

ජා-ඇල VIMAN ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරේ මහල් නිවාසවලින් 75% කටත් වඩා වැඩි නිවාස ප්‍රමාණයක් අලෙවි වී ඇති බැවින්, මෙම සුවිශේෂී වූ ප්‍රජාවට ලබා දිය හැකි දේ පිළිබඳ ව සොයාබැලීමට මෙය සුදුසුම කාලයයි. නවමු ජීවන රටාවේ සහ නැවුම් සොබාදහමේ සුසංයෝගය අත්විඳීමට අවස්ථාව සලසා දීමට ⁣සහතික වන ජා-ඇල VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය සතුව ඇත්තේ තවත් සීමිත නිවාස ඒකක සංඛ්‍යාවක් පමණි. වැඩිදුර විමසීම් සඳහා හෝ එම නිවාස නැරඹීමට අවස්ථාවක් වෙන් කර ගැනීම සඳහා කරුණාකර John Keells Properties සමාගමේ 0706 068 068 අංකය අමතන්න, නැතහොත් www.viman.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ද ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

John Keells Properties සමාගම විසින් The Emperor, The Monarch, 7th Sense, OnThree20, සහ TRI-ZEN වැනි ඉහළ මට්ටමේ සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති තුළින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ‘නව ලෝකයන් නිර්මාණය කිරීම’ යන සමාගමේ දැක්ම විදහා දක්වන අතර සුඛෝපභෝගී හෝටල්, මහල් නිවාස, කාර්යාල අවකාශයන් සහ විනෝදාස්වාද ස්ථානයන්ගෙන් සමන්විත Cinnamon Life හි City of Dreams මෙම දැක්මෙහි කේන්ද්‍රීය ස්ථාන අතර වේ. මෙවර ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග John Keells Properties ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වයට නැවත නවමු අර්ථකතනයක් ලබා දෙමින් ස්වභාවධර්මය, තිරසාරත්වය සහ නවීන පහසුකම් සුසංයෝග කරමින් තදාසන්න නාගරික නිවාස වෙළඳපොළ තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඉදිරිපත්ව සිටී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව