John Keells Properties සමාගම ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තබමින් නව යුගයක් කරා පිය නගයි.

3 (2) (LBN)

John Keells Properties සමාගම, සිය දේපළ වෙළඳාම් සංවර්ධනයේ පෙරළිකාර ව්‍යාපෘතියක් වන ජා-ඇළ පිහිටි නවීනතම VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2024 අගෝස්තු මස 26 වැනි දින මුල්ගල් තබමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම අවස්ථාව සඳහා John Keells Properties සමාගමේ ප්‍රධානීන් වන දේපල අංශයේ සභාපති නයන මාවිල්මඩ, දේපල අංශයේ අංශ ප්‍රධානී ඉනෝක පෙරේරා, මූල්‍ය කටයුතු ප්‍රධානී රවී විජේවන්ත, දේපළ කළමනාකරණ අංශ ප්‍රධානී රුසිරු අබේසිංහ, විකුණුම් හා අලෙවි ප්‍රධානී නදීම් ශම්ස් යන මහත්වරුන් සහභාගී විය.

 




 

2023 වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කරනු VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විටත් සුවිශේෂී සාර්ථකත්වයක් ලඟා කර ගෙන ඇත. එහි පළමු අදියර යටතේ නිවාස 114ක් සහ දෙවන අදියර යටතේ තවත් නිවාස 76ක් හඳුන්වාදීමටත් පියවර ගැනිණි. වර්තමානය වන විට එම අදියර දෙකේම නිවාස 70%ක් අලෙවි වී අවසන්ව තිබීම විශේෂත්වයකි.

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වූ නයන මාවිල්මඩ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”John Keells Properties සමාගම නාගරික ප්‍රදේශයක නේවාසික දේපළ වෙළඳපොළට පිවිසෙමින් ආරම්භකරනු ලැබූ ප්‍රථම නිවාස ව්‍යාපෘතිය මෙය වන අතර, අප හට එය සතුටට කරුණක්. සමබරතාවය, ස්වභාව සෞන්දර්යාත්මක බව සහ නවීන සුව පහසුව යන මූලධර්ම මුසු කරගනිමින් පදිංචිකරුවන් සඳහා අසමසම වූ ජීවන අත්දැකීමක් ලබා දීමට VIMAN සූදානම් වේ. අපගේ දැක්ම වන්නේ මෙහි නිවැසියන් සඳහා පරිසර හිතකාමී ජීවන රටාවක් ගත කිරීමට අවශ්‍ය ප්‍රවේශය හා ආරක්ෂිත බව තහවුරු කෙරෙන වටපිටාවක් සමගින් ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර දීමයි.”

මෙහිදී ඉනෝක පෙරේරා මහතා අදහස් දක්වමින් මෙසේද පැවසීය. ”මෙහි පළමු සහ දෙවන අදියරේ නිවාස වලින් මේ වන විට 70%ක් අලෙවි කර අවසන්වී තිබීම තුළින් VIMAN සඳහා ලැබී තිබෙන ඉහළ ප්‍රතිචාරය මනාව පිළිඹිබු වෙනවා. මෙම මුල්ගල් තැබීමේ අවස්ථාව තුළින් තම පවුල් සඳහා හොඳ ආයෝජනයක් සහ වඩාත් ආරක්‍ෂිත ජීවන රටාවක් බලාපොරොත්තුවෙන් සිටින ආයෝජකයින්ව තවදුරටත් ආකර්ෂණය කර ගනු ඇතැයි අපි විශ්වාස කරනවා. 2023 වසරේ සැප්තැම්බර් මස 19 වැනි දින ආරම්භ කරනු ලැබූ මෙහි පළමු අදියරේ නිවාස වැඩි ආකර්ෂණිය ඉල්ලුමක් තුළ මාස හයක් වැනි කෙටි කලක් ඇතුළත සම්පූර්ණයෙන්ම අලෙවි විය. VIMAN නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ නිවාස සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් සඳහා දැනට සීමිත වූ කාලයක් ඉතිරිව පවතී.”

ජා- ඇළ නගර මධ්‍යයේ අක්කර 06 ක් පුරා විහිදී ඇති VIMAN, අදියර 4ක් යටතේ මහල් නිවාස 418 ක හා නවීන පහසුකම්වල එකතුවකින් නිර්මාණය වේ. VIMAN නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ, කොළඹ නගරයට පහසුවෙන් පිවිසීමට හැකිවන පරිදි සුරක්ෂිත වූ, ජීවත්වීමට සුදුසු, පදිංචිකරුවන්ට හිතකාමී වටපිටාවක් හා සරල නාගරිකත්වය රඳවා ගනිමිනි. VIMAN නිවාස ව්‍යාපෘතිය හරහා සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් සහ රෝහල් ඇතුළු විවිධ පහසුකම් රැසකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සලසා දේ. තවද, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා කොළඹ වරාය අධිවේගී මාර්ගය ඇතුළු ප්‍රධාන මහා මාර්ගවලට පිවිසීමට ඇති හැකියාව මගින් පදිංචිකරුවන්ට සුව පහසු හා වේගවත් ජීවන රටාවක් සහතික කර දෙනු ලබයි.

හරිත උයනක් කේන්ද්‍ර කර ගනිමින් පිහිටි ‘VIMAN’ නිවාස ව්‍යාපෘතිය තුළ පිහිනුම් තටාකයක්, ව්‍යායාම් ශාලාවක්, භාවනා ස්ථාන, ක්‍රීඩා අවකාශයන්, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩා පිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීම සඳහා වන මංතීරු, එළිමහන් ක්‍රීඩාංගනයක් සහ විදුලි වාහන ආරෝපණය කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසක් සමන්විතය. විශේෂයෙන්ම ‘ VIMAN’ ව්‍යාපෘතිය හරහා බලශක්ති කාර්යක්ෂමතාවය සහිතව ක්‍රියාත්මකවන සූර්ය බලශක්තියෙන් බල ගැන්වූ නිවාස, හරිත අවකාශයන් සමගින් ප්‍රශස්ත ප්‍රජාවක් බිහිකිරීම සමාගමේ අරමුණ වේ. නවීන සුව පහසුව හා තිරසර ජීවන රටාවක් නිර්මාණය කිරීමේ John Keells Properties සමාගම සතු කැපවීම හා අධිෂ්ඨානය එම අරමුණ තුළින් මැනවින් විදහා දක්වයි.

VIMAN නිවාස ව්‍යාපෘතිය පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි John Keells Properties කාර්යාල පරිශ්‍රයේ ඉදිකර ඇති ආදර්ශ මහල් නිවාසය වෙත පැමිණ එය නැරඹීමට සමාගම අනාගත ආයෝජකයන් වෙත ආරාධනා කරයි. එමෙන්ම John Keells Properties සමාගම ප්‍රමුඛ පෙළේ බැංකු සමග සහයෝගීතාවය ඇතිව නිවාස ගැනුම්කරුවන්හට අවශ්‍ය පරිදි ලබා ගත හැකි නිවාස ණය යෝජනා පිළිබඳ විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට සහය ලබා දේ. මේ පිළිබඳ වැඩි විස්තර 0706 068 068 යන දුරකථන අංකය හරහා John Keells Properties සමාගම ඇමතීමෙන් හෝ www.viman.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැකිය.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව