John Keells Properties සමාගම NDB බැංකුව හා හවුල්කාරීත්වය ඇතිව ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා මූල්‍ය පහසුකම් සලසා දෙයි.

IMG_7297 (1) (1) (LBN)

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවීනතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ගැනුම්කරුවන් හට සුවිශේෂී වූ ණය මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා NDB බැංකුව සමගින් එක්ව ඇත.

NDB බැංකුව විසින් ලබා දෙනු ලබන නම්‍යශීලී වූ ණය මූල්‍ය විසඳුම් හරහා අනාගත නිවාස හිමියන් හට සිය මූල්‍ය හැකියාවන් තුළින් තම නිවාස ඉලක්කයට ගැලපෙන අයුරින් පහසු මූල්‍ය සැලසුම් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත. මෙහි නිවාස ගැනුම්කරුවන් සඳහා ඉක්මනින් සහ බාධාවකින් තොරව විමන් හි මහල් නිවාසයක් මිලදී ගැනීමට සහයක් වෙමින් හා ඔවුන්ව දිරි ගන්වමින් මෙම ණය පැකේජ සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

 



 

John Keells Properties සමාගම ප්‍රමුඛතම සුඛෝපභෝගී නිවාස අවකාශයන් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛයා ලෙස ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී තිබේ. ශ්‍රී ලංකාවේ නාගරික නේවාසික භූමි ප්‍රදේශ සැලසුම් කරමින්, විමන් හරහා ජා-ඇළ නගර මධ්‍යයේ ජීවන රටාවට, පරිවර්තනීය සුවිශේෂී වෙනසක් එක් කිරීමට එම සමාගම සූදානම් වේ.

මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties හි විකුණුම් සහ අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ශම්ස් මෙසේ පැවසීය. ”NDB බැංකුව සමග එක්වෙමින්, ජා-ඇළ පිහිටි විමන් හි නිවාස මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන්ට අනුව සුවිශේෂී නිවාස ණය පැකේජ සඳහා පහසුකම් සැලසීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. නිවාස ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් සහ උපාය මාර්ගිකව මූල්‍ය විසඳුම් ලබා දෙමින් පහසුවෙන් නිවාසක් හිමිකර ගැනීමේ ගමන් මග වේගවත් කිරීමට අප කරනු ලබන කැපවීම මෙම හවුල්කාරිත්වය තුළින් මනාව පිළිබිඹු වෙනවා.”

අනාගත ගැනුම්කරුවන්ට නම්‍යශීලී ආපසු ගෙවීමේ විසඳුම් මාර්ග ඉදිරිපත් කරමින් NDB බැංකුව සුවිශේෂී අයුරින් ස්ථානගත වී ඇති බැංකුවකි.

NDB Bank PLC හි ශාඛා ජාල කළමනාකරණ සහ නිෂ්පාදන සංවර්ධන උප සභාපති සියාන් හමීඩ් මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”NDB බැංකුව John Keells Properties සමාගම සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත්, ජා-ඇළ පිහිටි විමන් හි නිවාස හිමිකාරිත්වය සඳහා නම්‍යශීලී මූල්‍ය පහසුකම් සලසා දීමට හැකිවීම පිළිබඳවත් සතුටු වෙනවා. නිවසක හිමිකාරීත්වය අපේක්‍ෂාවෙන් සිටින නිවාස හිමියන්ට නේවාසික දේපළ මිලදී ගැනීම පිළිබඳව සලකා බැලීමට මෙය කදිම අවස්ථාවක්. ඒ වගේම අපගේ මූල්‍ය සැලසුම් ඔවුන්ට ගැලපෙන අයුරින් තෝරා ගැනීමට සකස් කර ඇති අතර එය විශ්වාසයෙන් යුතුව නිවසක හිමිකාරිත්වය ලබා ගැනීමේ ගමනක ආරම්භයට ශක්තියක් වෙනවා.”

විමන් නිවාස ව්‍යාපෘතිය හරහා ජා-ඇළ නවීන ජීවන රටාව නැවත අරුත් ගන්වමින්, පදිංචිකරුවන්ට තම අධ්‍යාත්මීය නිදහස්බව සුරක්ෂා කරමින් සෞන්දර්යාත්මක පරිසරයක් නිර්මාණය කර දේ. අක්කර 06 ක් පුරා විහිදී ඇති විමන්, මහල් නිවාස 418 ක හා නවීන පහසුකම්වල එකතුවකින් නිර්මාණය වේ. විමන් නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ,කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සුරක්ෂිත වූ, ජීවත්වීමට සුදුසු හිතකාමී වටපිටාවක් හා සරල නාගරිකත්වය රඳවා ගනිමිනි.

ජා-ඇළ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙය පදිංචි කරුවන් සඳහා සුපිරි වෙළඳසැල්, බැංකු, පාසැල්, අවන්හල් සහ රෝහල් ඇතුළු විවිධ පහසුකම් රැසකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සලසා දේ. ඊට අමතරව, කොළඹ වරාය හා ජා-ඇළ අතර අධිවේගී මාර්ගයට පිවිසීමට ඇති පහසුව විමන් සතු සුවිශේෂී ප්‍රතිලාබයකි. මෙම හවුල්කාරීත්වය යටතේ ශ්‍රී ලාංකිකයින්ට තම නිවාස සිහිනය සැබෑ කර ගනිමින්, පාරිසරික හා නාගරික ජීවන රටාව පිළිබඳ නව දැක්මක් සහිත විමන් නිවාස ව්‍යාපෘතිය සඳහා පහසුවෙන් ආයෝජනය කිරීමට හැකියාව ඇත.

ජා-ඇළ විමන් නිවාස ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර සහ පවතින මූල්‍ය ණය පැකේජ පිළිබඳව 0706 062 062 යන අංකය මගින්  John Keells Properties සමාගම අමතන්න. තවද www.viman.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද වැඩි විස්තර ලබා ගත හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව