John Keells Properties ඩුබායි සහ අබුඩාබි හි අනාගත ආයෝජකයින්ට ‘TRI-ZEN’ සහ ‘VIMAN’ නිවාස ව්‍යාපෘති ප්‍රදර්ශනය කරයි

WhatsApp Image 2024-05-10 at 11.53.45 AM (1) (LBN)

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ඩුබායි සහ අබුඩාබි හි අනාගත ආයෝජකයින් වෙත සිය දේපල සංවර්ධන ව්‍යාපෘති එළිදැක්වීම සඳහා හැටන් නැෂනල් බැංකුව සමගින් අත්වැල් බැඳගනු ලැබීය. John Keells Properties සමාගමට ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා අපේක්ෂාවෙන් සිටින අනාගත ආයෝජකයින් සඳහා සිය නවීනතම නිවාස සංවර්ධන ව්‍යාපෘති ද්විත්වය වන TRI-ZEN සහ VIMAN ව්‍යාපෘති පිළිබඳව ඉදිරිපත් කිරීමට කදිම අවස්ථාවක් මෙම සහයෝගීතාවය හරහා නිර්මාණය විය. මෙම අවස්ථාවන් අප්‍රේල් 30 වන දින අබුඩාබි හි Royal Rose හෝටලයේදී සහ මැයි 03 වන දින ඩුබායි හි Pullman Dubai Creek City Centre හිදී පැවැත්විණි.

 



 

ඩුබායි සහ අබුඩාබි හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහ John Keells Properties සමාගමේ නියෝජිත කණ්ඩායම මෙම අවස්ථාවන් සඳහා සහභාගී විය. මෙහිදී John Keells Properties කණ්ඩායම, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ පවතින අපේක්ෂාවන් හා අවශ්‍යතාවයන් පිළිබඳව ගැඹුරින් විස්තර කළේය. අනතුරුව එම කණ්ඩායම විසින් දැනට ක්‍රියාත්මක වන සිය දේපළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කරනු ලැබූ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමකින් පසුව කලාපීය සහ විදේශගත ආයෝජකයින් සමග ඒ සම්බන්ධව එකින් එක සාකච්ඡා පවත්වන ලදී.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි  උප සභාපති නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය. ” ඩුබායි සහ අබුඩාබි වල සිටින HNB හි ගනුදෙනුකරුවන් වෙත අපගේ ව්‍යාපෘති අඛන්ඩව ප්‍රවර්ධනය කිරීම සඳහා HNB බැංකුව සමගින් එක්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව රට තුළ නැවත ආයෝජනයන් කිරීමට සැලකිය යුතු උනන්දුවක් දක්වනවා. ඒ මගින් රටේ පවතින ආර්ථික වර්ධනය පිළිබඳව ඔවුන් කෙරෙහි පවතින විශ්වාසය පෙන්නුම් කෙරෙනවා. John Keells Properties සමාගම සැමවිටම ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක්. අපගේ අසමසම දේපළ ආයෝජන අවස්ථා මගින් විදෙස්ගතව ජීවත්වන සහ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජන ආකර්ශනය කර ගැනීමට අපි අඛන්ඩව කටයුතු කරනවා.”

John Keells Properties සමාගමේ නව නිවාස සංවර්ධනයන ව්‍යාපෘතීන් වන TRI-ZEN සහ VIMAN, ආයෝජකයින් සඳහා සුවිශේෂී වූ අසමසම වටිනාකම් රැසක් ඉදිරිපත් කර ඇත. VIMAN යනු John Keells Properties හි නවීනතම නිවාස ව්‍යාපෘතිය වන අතර එය ජා-ඇළ නගරය කේන්ද්‍ර කර ගනිමින් නිවාස සංවර්ධන ක්ෂේත්‍රය තුළ නව මානයකට පිවිස ඇත. VIMAN නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ කොළඹ නගරයට, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි හා ආරක්ෂිතව පදිංචිකරුවන්ට ජීවත්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කරමින්ය. මේ තුළ කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් හා සොබා සෞන්දර්ය මුසු වූ මනා සමබරතාවයකින් යුතු උසස් මට්ටමේ නවීන පහසුකම් සහ ප්‍රජාවට ජීවත්වීම සඳහා කදිම පරිසරයක් නිර්මාණය කර දේ.

කොළඹ 02 යුනියන් පෙදෙසේ පිහිටා ඇති TRI-ZEN මහල් නිවාස සංකීර්ණය ගොඩනැගිලි ත්‍රිත්වයකින් සමන්විත වන අතර, එහි සෑම නිවහනකම නිදන කාමරයක්, කාමර 2ක් සහ කාමර 3ක් වශයෙන් සැදුම්ලත් ඒකක ඇතුළත් වේ. මෙම නිවාස ව්‍යාපෘතියේ ස්මාර්ට් නිවාස තාක්ෂණයන් සහ ඒ සඳහා වන සැලසුම් අංගයන්ගෙන් සමන්විත උසස් සහ නවීන මහල් නිවාසයක ජිවිතයක් ගත කිරීම සඳහා ප්‍රවේශය සලසා දෙයි. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස John Keells Properties සමාගමේ ඉහළ පිළිගැනීම මෙම ව්‍යාපෘතිය හරහා තව දුරටත් ව්‍යාප්ත වී තිබීමද විශේෂත්වයකි.

මේ වන විට John Keells Properties සමාගම විසින් ඩුබායි සහ අබුඩාබි හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සමාගමේ උපාය මාර්ගික ප්‍රවේශයන්ට සහ නව සහයෝගීතාවයන් ඇතිකර ගැනීමට අවස්ථා සලසා දෙමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ තමන් සතුව ඇති පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කර තිබේ. ඔවුන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ඇතුළත් කරමින්, බුද්ධිමත් ආයෝජක ප්‍රජාවන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් සමගින් පෙළගැසී ඇති විවිධ ආකර්ශණිය වූ දේපල සංවර්ධන අවස්ථා සලසාදීම තුළින් John Keells Properties සමාගමේ කැපවීම විදහා දක්වනු ලබයි.

John Keells Properties සමාගම විසින් The Emperor, The Monarch, 7th Sense, OnThree20 සහ Cinnamon Life Integrated Resort ඇතුළු සාර්ථක සහ සුවිශේෂී අසමසම සංවර්ධන ව්‍යාපෘති ඉදිකරමින් සිය ජයග්‍රාහී ගමන්මග තහවුරු කර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන John Keells Properties සමාගම, දේපළ සංවර්ධනයන්හි විශ්වාසනීය නාමයක් දිනා ගනිමින්, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරමුණේ රැදෙමින් තවදුරටත් අඛන්ඩව කටයුතු කිරීමට අපේක්ෂා කරයි. නවෝත්පාදනය, දරාගැනීමේ ශක්තිය සහ විශිෂ්ටත්වය සඳහා වන කැපවීම සමගින් John Keells Properties සමාගම ශ්‍රී ලංකාව තුළ සහ කලාපයේ දේපළ වෙළඳාම් සංවර්ධනයේ නව යුගයක් ආරම්භ කිරීමට සූදානමින් සිටී.

John Keells Properties පිළිබඳව වැඩි විස්තර +94 702 294 294 දුරකථනය මගින් හෝ www.johnkeellsproperties.com වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව