John Keells CG Auto, BYD ප්‍රදර්ශනාගාරය හා සේවා මධ්‍යස්ථානය විවෘත කරමින් BYD SEALION 6 DM-i (Plug-in Hybrid) රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Image 02
  • Plug-in Hybrid EV තාක්ෂණයෙන් යුතු DM-i මාදිලියේ BYD SEALION 6 මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
  • EV මෝටර් රථ සඳහා යටිතල පහසුකම් සහ තිරසාර ප්‍රවාහනය සංවර්ධනය කිරීමට කැපවීම ශක්තිමත් කරයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD මගී වාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, Plug-in Hybrid තාක්ෂණයෙන් සමන්විත BYD DM-i මාදිලියේ BYD SEALION 6 DM-i මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් විදුලි මෝටර් රථ (EVs) සඳහා වූ BYD ප්‍රදර්ශනාගාරය හා සේවා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කළ බව සාඩම්බරයෙන් නිවේදනය කළේය.

 




 

අංක 447, යුනියන් පෙදෙස කොළඹ 02 හි අති උත්කර්ෂවත් ලෙස පැවති මෙම විවෘත කිරීමේ උත්සවයට BYD Auto Industry Co. Ltd හි මෝටර් රථ අලෙවි අංශයේ (ආසියානු පැසිපික් කලාපය) සාමාන්‍යාධිකාරී Liu Xueliang ඇතුළුව John Keells සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ CG Corp Global කළමනාකාර අධ්‍යක්ෂ නිර්වානා කුමාර් චෞද්‍රි යන මහත්වරුන් එක්ව සිටීයේය.

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය කරා රැගෙන යාමට සහාය දැක්වීමේ BYD හි කැපවීම අවධාරණය කරමින් BYD Auto Industry Co. Ltd හි මෝටර් රථ අලෙවි අංශයේ (ආසියානු පැසිපික් කලාපය) සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතා පැවසුවේ “පසුගිය වසර 27 තුළ විවිධ කලාප ආවරණය කරමින් තිරසාර ප්‍රවාහනය සහ යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කිරීමට අප අවධානය යොමු කරනු ලැබුවා. බැටරි, විදුලි මෝටර, ඉලෙක්ට්‍රොනික පාලන පද්ධති සහ මෝටර් රථ මාදිලිවල chips වැනි තාක්ෂණයන් පිළිබඳ අප සතු ප්‍රවීණත්වය සහ පළපුරුද්ද නව බලශක්ති වාහනවල ගෝලීය ප්‍රමුඛයා බවට පත් වීමට අපට උපකාරී වුනා. මෙම දැනුම හා තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් තිරසාර ප්‍රවාහන කර්මාන්තයක් ගොඩනැගීමට උපකාර කිරීමට හැකිවීම පිළිබඳව අපිට ඉතා සතුටුයි.” යනුවෙනි.

BYD SEALION 6 DM-i ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් plug-in hybrid තාක්ෂණයෙන් යුතු ප්‍රථම මෝටර් රථය වන අතර එමගින් විදුලියෙන් ක්‍රියාකරන BYD හි Dual Motor – Intelligence (DM-i) plug-in hybrid උසස් තාක්ෂණය මැනවින් පෙන්නුම් කරයි. අමතර එන්ජින් පද්ධතියකින් සහාය දක්වන BYD SEALION 6 DM-i සතු අති ප්‍රබල විදුලි මෝටරය සහ විශාල ධාරිතාවයකින් යුතු බැටරිය වෙනත් විදුලි වාහනවලින් BYD SEALION 6 DM-i විශේෂයෙන් කැපී පෙනෙන සාධකයක් ලෙස හැඳින්විය හැකිය.

ඉතා කාර්යක්ෂම එන්ජිම සහ විදුලි hybrid පද්ධතියකින් සමන්විත BYD SEALION 6 DM-i හි powertrain නිර්මාණය කර ඇත්තේ එය 30% කින් සැහැල්ලු‍ හා කුඩා වන පරිදි වන අතර ඉන් මෝටර් රථයේ කාර්යක්ෂමතාව සහ කාර්යසාධනය වැඩි දියුණු කරයි. මීට අමතරව කිලෝමීටර 1092ක් දක්වා දිගු ධාවන කාලයක් සහිත BYD SEALION 6 DM-i අවශ්‍ය ආකාරයට හැසිරවිය හැකි අඟල් 15-6’’ තිරය (rotating touchscreen), head-up display, Ocean Aesthetics Design Concept සහ Oceanic Crystal ගියරය වැනි  අති නවීන විශේෂාංගවලින් ද සමන්විත වෙයි. අංක 186, වොක්ෂෝල් වීදිය, කොළඹ 2 හි පිහිටි සේවා මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ පළමු NEV කේන්ද්‍ර කරගත් සේවා ස්ථානය වේ. අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම සේවා ස්ථානය නිර්මාණය කර ඇත්තේ John Keells CG Auto වෙතින් මිලදී ගන්නා විදුලි සහ plug-in hybrid මෝටර් රථවලට සේවා සැපයීම සඳහාය. මෙහිදී පාරිභෝගිකයින්ට BYD වෙතින් නිශ්චිත පුහුණුවක් ලබා ඇති පළපුරුදු වෘත්තිකයන්ගෙන් සහාය ලබා ගත හැකි අතර අධි වෝල්ටීයතා අලු‍ත්වැඩියාවන් සහ සේවා සඳහා විශේෂිත මෙවලම් සහ උපකරණවලින් ද මෙය සමන්විත වේ.

තවද මෙම සේවා ස්ථානය මෝටර් රථවල දෝෂ හඳුනා ගැනීමේ පද්ධතිය Vehicle Diagnostic System (VDS), වාහනයක රේඩාර් සංවේදක නිවැරදිව ක්‍රියා කරන බව සහතික කරමින් ඒවා වෙනස් කිරීමට හා සියුම් ලෙස සකස් කිරීමට භාවිතා කරන පද්ධතිය (radar calibration system) සහ බැටරි පරීක්ෂා කිරීමේ උපකරණ ඇතුළු විශේෂිත BYD මෙවලම්වලින් ද 30kW ක ඉක්මනින් charge කිරීමේ පහසුකම් සහිත චාර්ජරයක්, විදුලි මෝටර් රථ charge කිරීමට හා පරීක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර ඇති 7kWක wall චාර්ජරයකින් ද සමන්විත වේ.

මීට අමතරව බැටරියේ උෂ්ණත්වය ප්‍රශස්තව පවත්වා ගෙන යා හැකි විශේෂ ස්ථානයක්, මෝටර් රථ නඩත්තු සේවා පහසුකම්, vehicle detailing, wheel alignment, brake bleeding, A/C recharging සහ සේදීමේ පහසුකම්වලට අමතරව පාරිසරික ආරක්ෂණ පියවරවලින් ද මෙම සේවා ස්ථානය සමන්විත වේ.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසුවේ “2023 නොවැම්බර් මාසයේදී BYD සමඟ ඇති කර ගත් අපගේ හවුල්කාරිත්වය ජෝන් කීල්ස් සමූහයට මෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවා. මෙම සහයෝගීතාවය තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා අපගේ කැපවීම සමඟ අනුකූල වන අතර මේ හරහා පරිසරයට හා සමාජයට සුබවාදී හා වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන විකල්ප භාවිත කිරීමට සැලකිය යුතු වෙනසක් රට තුළ ඇති කිරීමට හැකි වනවා. තවද BYD හි උසස් තාක්ෂණයෙන් යුත් නව බලශක්ති වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් අපට අපගේ මෝටර් රථ හා සේවා පරාසය තවත් පුළුල් කිරීමට හැකිවනවා වගේම රටේ පාරිසරික අරමුණු සඳහා සහාය වීමට ද හැකියි.”

“මීට අමතරව දිවයින පුරා EV charge කිරීමේ පුළුල් ජාලයක් පිහිටුවීම, උසස් තාක්ෂණය හා මෙවලම්වලින් සමන්විත නවීනතම සේවා මධ්‍යස්ථානයක් ගොඩගැනීම ඇතුළුව විශ්වසනීය සැපයුම් දාමයක් පවත්වාගෙන යාමත් සහ මෙම වෙනසට සහාය වීම උදෙසා දක්ෂ කාර්මික ශිල්පීන්ට රැකියා ලබා දීමෙන් නව බලශක්ති වාහන සඳහා ශක්තිමත් යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කිරීමටත් අපි කැපවී සිටිනවා. එමෙන්ම මෙම උත්සාහය වඩාත් පරිසර හිතකාමී අනාගතයකට හේතු වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වැඩිදියුණු කරනු ඇති බවත් අපි විශ්වාස කරනවා.” යනුවෙනි.

මෙම උත්සවය අමතමින් CG Corp Global කළමනාකාර අධ්‍යක්ෂ නිර්වාන කුමාර චෞද්‍රි මහතා “ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනය කරා යන ගමනට සහයෝගය දැක්වීමට හැකි වීම පිළිබඳව CG Corp Global ආඩම්බර වනවා. BYD හි උසස් තාක්ෂණයෙන් යුත් NEVs හඳුන්වාදීම අපගේ පාරිසරික ඉලක්ක කරා ළඟා වීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒවගේම ශ්‍රී ලංකාවේ ආර්ථික හා පාරිසරික දියුණුව කරා රැගෙන යන නව අදහස් දිරිමත් කිරීමට සහ ඒවාට සහාය දැක්වීමට ද සමාගම කැපවී සිටිනවා.” යනුවෙන් සඳහන් කළේය.

John Keells CG Auto පුද්ගලික සමාගම (JKCG) යනු John Keells Holdings PLC හි අනුබද්ධිත සමාගමකි. 2023 වසරේදී මෝටර් රථ කර්මාන්තයට පිවිසි JKCG Auto ශ්‍රී ලංකාවේ BYD මගී වාහන, අමතර කොටස් සහ සේවා සඳහා බලයලත් බෙදාහරින්නා වේ. එම සමාගම නව බලශක්ති වාහන (NEV) පිළිබඳ පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට, NEV සඳහා නව ප්‍රමිතීන් සැකසීමට සහ ශ්‍රී ලංකාවේ EV සඳහා යටිතල පහසුකම් පද්ධතිය සංවර්ධනය කිරීමට කැපවී සිටී.

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 150 කට අධික ඉතිහාසයකට හිමිකම් කියන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

වසර 140 කට අධික ඉතිහාසයක් ඇති CG Corp Global යනු ඩුබායි හි පිහිටි කීර්තිමත් බහුජාතික සමාගමක් වන අතර එහි Global Electric Mobility ප්‍රධාන මූලස්ථානය සිංගප්පූරුවේ පිහිටා ඇත. අද වන විට එම සමාගම නේපාලයේ විශාලතම හා ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම බවට වර්ධනය වී ඇත. මේ වන විට CG Corp Global පුද්ගලයින් 20,000කට සේවය සලසා ඇති අතර විවිධ ව්‍යාපාරික අංශ ආවරණය කරමින් රටවල් 32කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ.

බැටරි නිෂ්පාදකයෙකු ලෙස 1995 දී ආරම්භ කරන ලද බහුජාතික අධි-තාක්ෂණික සමාගමක් වන BYD, මෝටර් රථ, දුම්රිය ප‍්‍රවාහනය, නව බලශක්තිය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ආවරණය කරන පුළුල් විවිධාංගීකරණය වූ ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇත. චීනය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, බ‍්‍රසීලය, හංගේරියාව සහ ඉන්දියාව ඇතුළුව ලොව පුරා කාර්මික උද්‍යාන 30 කට අධික සංඛ්‍යාවක ක‍්‍රියාත්මක වන BYD තාක්ෂණික නවෝත්පාදනයන් පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම උදෙසා භාවිතා කිරීමට කැපවී සිටී. ශුන්‍ය කාබන් විමෝචන බලශක්ති විසඳුම් සඳහා විශේෂිත වූ BYD හි නව බලශක්ති වාහන මහාද්වීප 6 ක, රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක සහ නගර 400 කට වඩා වැඩි සංඛ්‍යාවක ක‍්‍රියාක්මක වේ. ෆෝචූන් ග්ලෝබල් 500 සමාගමක් ලෙස හොංකොං සහ ෂෙන්සෙන් කොටස් වෙළඳපොලවල ලැයිස්තුගත කර ඇති BYD හරිත ලෝකයක් කරා යන ගමනේදී කැපවීමෙන් කටයුතු කරයි. වැඩි විස්තර සඳහා www.bydglobal.com වෙත පිවිසෙන්න.

වසර 140 කට අධික ඉතිහාසයක් ඇති CG Corp Global යනු ඩුබායි හි පිහිටි කීර්තිමත් බහුජාතික සමාගමක් වන අතර එහි Global Electric Mobility ප්‍රධාන මූලස්ථානය සිංගප්පූරුවේ පිහිටා ඇත. අද වන විට එම සමාගම නේපාලයේ විශාලතම හා ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම බවට වර්ධනය වී ඇත. මේ වන විට CG Corp Global පුද්ගලයින් 20,000කට සේවය සලසා ඇති අතර විවිධ ව්‍යාපාරික අංශ ආවරණය කරමින් රටවල් 32කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ. CG Corp Global 2001 වසරේ සිට විශේෂයෙන්ම කොළඹ Taj Samudra, Jet Wing, CHC, etc. වැනි ප්‍රමුඛ පෙළේ හෝටල් සමඟින් ශ්‍රී ලංකාවේ අඛණ්ඩව ආයෝජනය කර ඇත. මීට අමතරව, සමාගම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ එහි ජනතාව කෙරෙහි විශ්වාසය පෙන්නුම් කරමින් කොළඹ යුනියන් බැංකුව හරහා මූල්‍ය සේවා අංශයේ සැලකිය යුතු අත්පත් කර ගැනීම් සිදු කර ඇත.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව