
2025 අප්‍රේල් 25, කොළඹ. JAT Holdings සමාගම දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන් ක්‍රියාවට නංවන JAT Loyalty වැඩසටහන නවතම මුහුණුවරකින් යළි දියත් කර තිබේ.
2019 වසරේදී ආරම්භ කරන ලද JAT Loyalty වැඩසටහන සඳහා මේ වන විට දැව පින්තාරු ශිල්පීන් 165,000 කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇත. ක්ෂේත්රය තුළ නිසි ඇගයීමක් හිමි නොවන මෙම ශිල්පීන්ගේ ජීවිත නගාසිටුවීම අරමුණු කරගත් මෙම වැඩසටහන, පෙර අදියරවලට සාපේක්ෂව පූර්ණ වෙනසකට ලක් කර ඇති අතර නව වැඩසටහන දැව පින්තාරු ශිල්පීන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ දියුණුව කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් වැඩිදියුණු කර නැවත දියත් කරන ලදි.
එයටතේ දැව පින්තාරු ශිල්පීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආවරණය වන ආකාරයට පරිපූර්ණ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමටද JAT Holdings සමාගම පියවර ගෙන ඇත. මෙමගින් ඔවුන්ට රෝහල්ගත වීමේදී දැරීමට සිදුවන වියදම් සඳහා මූල්‍යමය පිටිවහලක් හිමි වන අතර, අදාළ කාලසීමාව තුළ ආදායම් මාර්ගයට සිදුවන බලපෑම් සඳහාද මූල්‍යමය රැකවරණයක් හිමි වේ. මෙය දැව පින්තාරු ශිල්පීන්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සුවිශාල සහනයක් වනු නිසැකය. මෙම රක්ෂණ ක්‍රමය Gold, Silver සහ Bronze වශයෙන් සමාජිකත්ව තල තුනක් හඳුන්වා දී ඇති අතර, එමගින් සාමාජිකයන්ට විවිධ ප්රතිලාභ හිමි වේ.
එමෙන්ම මෙම ශිල්පීන්ගේ දරුවන් අතරින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වන දරුවන් වෙනුවෙන් ‘සිසු වරුණ’ නමින් මුදල් ත්‍යාග ක්රමයක්ද, දේශීය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන සිසුන් වෙනුවෙන් ‘සරසවි අත්වැල’ නමින් මූල්‍යමය අත්වැලක්ද හඳුන්වා දී ඇත. මීට අමතරව දැව පින්තාරු ශිල්පීන්ගේ දරුවන් අතරින් පාසල් යන වයසේ පසුවන දරුවන්ට අවශ්‍ය පොත්පත් හා ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළක්ද JAT Holdings සමාගම මගින් ක්‍රියාවට නංවා තිබේ.
“JAT සමාගම තීන්ත හා දැව ආලේපන ක්ෂේත්රය තුළ මෙතරම් සාර්ථක වී තිබෙන්නේ දැව පින්තාරු ශිල්පීන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය නිසයි. එම විශ්වාසයට කෘතගුණ දැක්වීමක් වශයෙන් අප වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අතරින් ප්‍රමුඛතම වැඩසටහනක් වන්නේ ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහනයි. ඒ යටතේ අප වසර කිහිපයක පටන් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය හෙවත් NAITA සමග එක් වී දැව පින්තාරු ශිල්පීන්ට NVQ සුදුසුකම් සපුරාලීමට අවස්ථාව උදාකර දෙමින් සිටිනවා. එය ඔවුන්ට ඉහළ තලයේ වෘත්තීය සුදුසුකම් සමගින් සමාජය තුළ වඩාත් ඉහළ පිළිගැනීමක් හිමි කරගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ඊට අමතරව ඔවුන්ගේ පවුල්වලටත් යහපතක් සිදු වන ආකාරයට JAT Loyalty වැඩසටහන වැඩිදියුණු කිරීමට අප පියවර ගත්තා. මේ යටතේ Loyalty ප්රතිලාභ මෙන්ම, දැව පින්තාරු ශිල්පීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් සුවිශේෂී රක්ෂණ ක්‍රමයකුත් හඳුන්වා දී තිබෙනවා. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නංවමින්, දැව පින්තාරු ශිල්පීන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් වඩාත් යහපත් අනාගතයක් උදා කර දීම අපගේ ඉලක්කයයි.” JAT Holdings PLC හි අධ්යක්ෂ (අලෙවි) ඩිල්ශාන් රුද්‍රිගෝ මහතා පැවසී ය.
නව වැඩසටහන 2024 දෙසැම්බර් 03 දින නුගේගොඩ Raffles Hotel හිදී නිල වශයෙන් දියත් කරන ලදි. එයට JAT Holdings සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් හා අධ්යක්ෂවරුන් මෙන්ම දැව පින්තාරු ශිල්පීන් 100 දෙනෙකුට අධික පිරිසක්ද සහභාගී වූහ.
JAT Loyalty වැඩසටහනේ ස්ටිකරය සහිත Sayerlack Water Base නිෂ්පාදනයක් මිලදී ගෙන අසුරනයේ ඇති ස්ටිකරය සූරා එහි සඳහන් කේතය 076 399 0990 වෙත SMS පණිවිඩයක් යොමු කිරිම තුළින් මෙම වැඩසටහනට ඇතුළත් විය හැක. එක් Loyalty ලකුණක් රුපියල් 1 කට සමාන වන අතර මේ ආකාරයට ලකුණු 7500 ක් එක්රැස් කරගැනීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුව මගින් නිකුත් කරනු ලබන විශේෂ JAT Loyalty ඩෙබිට් කාඩ්පත හිමිකර ගැනීම සඳහා සුදුසුකම් ලබයි.
ඉදිරියටත් දැව පින්තාරු ශිල්පීන්ගේ යහපත වෙනුවෙන් මෙබඳු වැඩසටහන් ක්‍රියාවට නැංවීම JAT Holdings සමාගමේ අරමුණ වී තිබේ.