JAT Holdings විද්‍යුත් වාහන ආරෝපණ ක්ෂේත්‍රය නැංවීම වෙනුවෙන් Volt Charge සමඟ අත්වැල් බැඳ ගනී

VOLT - EV CHARGER (LBN)

 



 

 

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන  JAT Holdings, සෞදි අරාබිය ආශ්‍රිතව ක්‍රියාත්මක ලොව කීර්තිමත් සමාගමක් වනVolt Charge (VC), සමඟ  සහයෝගිතාවක් ගොඩනඟා ගනිමින්, ගෝලීය විද්‍යුත් වාහන (EV) ආරෝපණය කිරීමේ ක්ෂේත්‍රය ආශ්‍රිතව විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානමින් සිටී.  සෞදි අරාබිය පදනම් කරගත් Safari Group, QSS Robotics සහ Sri Lankan tech trailblazer Cyrus යන සමාගම් සමග හවුල්කාරිත්වයන් ගොඩනඟා ගනිමින් ක්‍රියාත්මක වන  Volt Charge, විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රය ආශ්‍රිතව ප්‍රමිතීන් සැකසීමේ මෙහෙවරක යෙදී සිටින අතර, JAT Holdings මෙම මෙහෙවර සඳහා සිය උපරිම දායකත්වය ලබා දෙයි.

JAT Holdings නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා මෙම සහයෝගීතාව පිළිබඳව සිය අදහස් දක්වමින්, “Volt Charge සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් නවෝත්පාදනයන් පිළිබඳ අපගේ දැක්ම පිළිඹිබු කරනවා.  මෙම හවුල් ව්‍යාපාරය හරහා ලොව පුරා විද්‍යුත් වාහන ආරෝපණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ විවිධ දක්ෂතා සහිත වෘත්තිකයින් සහ සම්පත් ඒකරාශී කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. තිරසාර අනාගතයක් කරා යන ගමන් මඟේ දී සමාන අදහස් සහිත හවුල්කරුවන් සමඟ එක් ව හරිත ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැංවීමට හැකි වීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. ” යනුවෙනි.

Cyrus EV Charger Pvt Ltd සතු සන්නාමයක් වන Cyrus, විද්‍යුත් වාහන ආරෝපණය කිරීම සහ ආරෝපණ උපාංග නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නව සේවා ලබා දීම අතින් පෙරමුණ ගෙන සිටී.  ලෝකයේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රය නව මානයකට යොමු කරමින් 2020 වසරේ දී ජිනීවා ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයේ දී එළිදක්වන ලද ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යුත් සුපිරි මෝටර් රථය නිෂ්පාදනය කිරීමේ පුරෝගාමියා වන ආචාර්ය බෙෂාන් කුලපාලගේ නායකත්වයෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ විශාලතම මෙම  විද්‍යුත් වාහන ආරෝපණ ජාලය නිර්මාණය කර ඇත.

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින්, ආචාර්ය කුලපාල මහතා පැවසුවේ, “තාක්ෂණික හවුල්කරුවෙකු විදියට වගේ ම  විද්‍යුත් වාහන ආරෝපණ ක්ෂේත්‍රයේ අනාගතය ගොඩනංවන ගෝලීය ව්‍යවසායක  කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.  Volt Charge උසස් තාක්‍ෂණය හඳුන්වා දෙමින්, නවෝත්පාදන හරහා ගෝලීය තිරසාරත්වය වෙනුවෙන් කැප වීම පිළිබඳව අපි ස්තුති වන්ත වෙනවා.” යනුවෙනි.

Volt Charge සමඟ ගොඩනඟා ගත් මෙම සහයෝගීතාව JAT Holdings හි අනාගතය සහ එහි ගෝලීය පැවැත්ම පුළුල් කරමින් නිෂ්පාදන හා සේවා සමූහය විවිධාංගීකරණය කිරීමට ශක්තියක් ලබා දෙයි.  JAT Holdings,  Safari සහ QSS වෙතින් සිදු කරන ඩොලර් මිලියන ගණනක ආයෝජන මෙන් ම විද්‍යුත් වාහන  ආරෝපණ තාක්‍ෂණය පිළිබඳ Cyrus හි ප්‍රවීණත්වය උපයෝගී කර ගනිමින්, ඇමරිකානු ඩොලර් බිලියන 90 ක ගෝලීය ව්‍යාපෘතියක් දියත් කිරීමට අරමුණු කරයි.

Volt Charge, සිය නවීනතම 22kW Level-2 චාජරය හඳුන්වා දෙමින් විද්‍යුත් වාහන ආරෝපණ ක්ෂේත්‍රය වෙත නව මුහුණුවරක් ලබා දීමට සමත් වී ඇති අතර, රැහැන් රහිත ආරෝපණ විසඳුම් සහ රොබෝ ආරෝපණ විසඳුම් වැනි නව සේවාවන් හඳුන්වා දීමට අරමුණු කරයි.

ප්‍රථම Volt Charge EV චාජර් කට්ටලය 2024 මාර්තු මාසය වන විට වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට සූදානමින් සිටින Volt Charge සෞදි අරාබියේ ආරම්භ කළ සිය නවතම නිෂ්පාදන කම්හල මඟින් ගෝලීය වශයෙන් පවතින අති නවීන චාජර් අවශ්‍යතා සපුරාලීමට කැප වෙයි.

Volt Charge හි  40% ක කොටස්වල හිමිකාරිත්වය JAT Holdings සතු වන අතර, Volt Charge ශ්‍රී ලංකාවේ අති නවීන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයකින් සහ රියාද් හි පිහිටි අති නවීන නිෂ්පාදන කම්හලකින් සමන්විතය.

සෞදි අරාබියේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන Safari සමූහය, එහි ප්‍රමුඛතම කොන්ත්‍රාත් සමාගමක් ලෙස කීර්තියට පත් වී ඇති අතර, එය සේවක සේවිකාවන් 12,000 කට අධික සංඛ්‍යාවකින් සමන්විත සමාගමකි.  එමෙන් ම උසස් තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම පිළිබඳ විශේෂඥතාවක් සහිත සමාගමක් වන QSS Robotics සමාගම මෙම සුවිශේෂී සහයෝගීතාව සඳහා සිය විශේෂඥ දැනුම එක් කරයි.

JAT Holdings,   Volt Charge සමඟින්, එක් වෙමින් ගෝලීය විද්‍යුත් වාහන  ආරෝපණ ක්ෂේත්‍රය  තිරසාර මෙන් ම නව මානයකට ගෙන යාමේ අරමුණින් ක්‍රියාත්මක වේ.  මෙම සුවිශේෂී සහයෝගීතාව මගින්, JAT Holdings දකුණු ආසියාව, අප්‍රිකාව සහ  මැදපෙරදිග ආදී වශයෙන් පුළුල් පරාසයක් ආවරණය කරන ප්‍රමුඛතම සමාගමක් ලෙස ස්ථාවරත්වයට පත් වී ඇත

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව