JAT Holdings මූලික කොටස් නිකුතුව මේ සතියේ ඇරඹේ

JAT-Holdings-logo (1)

2021 ජුලි 17, කොළඹ: ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගමේ මූලික කොටස් නිකුතුව මෙම සතියේ ආරම්භ වේ. බොහෝ දෙනෙකු තුළ විශාල උනන්දුවක් ඇතිකළ මෙම කොටස් නිකුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම එකතුවක් හිමි සමාගමක ආයෝජනය කරමින් ප්‍රතිලාභ රාශියක් හිමිකරගැනීම සඳහා ආයෝජකයන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව සහිත, වර්ධනය ඉලක්ක කරගත් සමාගමක් ලෙස, ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු වෙළඳපොළ තුළද කැපීපෙනෙන ප්‍රගතියක් ඉක්මනින් අත්පත් කරගැනීමට JAT Holdings සමත් විය.

CAL සමාගම සහ NDB Investment බැංකුව මගින් කළමනාකරණය කරනු ලබන JAT Holdings හි මූලික කොටස් නිකුතුව තුළදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 82,904,846 ක් නිකුත් කෙරෙනු ඇති අතර එම කොටසක මිල රු. 27ක් ලෙස දැක්වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව