‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ සහතික ප්‍රදානෝත්සවයේ දෙවන අදියර සාර්ථකව නිම වෙයි

Pintharoo Shilpee Second Convocation (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව පින්තාරු ශිල්පීන් වෙත NVQ ජාතික වෘත්තීය සුදුසුකම ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘JAT පින්තාරු ශිල්පී අභිමන් වැඩසටහනේ දෙවන අදියර අති සාර්ථකව නිම කෙරිණි. 2021 වසරේ දී ආරම්භ කරන ලද ‘JAT පින්තාරු ශිල්පී අභිමන් වැඩසටහන, පින්තාරු කරුවන්ට සහ වඩු කාර්මිකයින්ට වෘත්තීයමය පිළිගැනීම, මූල්‍ය ස්ථාවරත්වය සහ වෘත්තීය පුහුණුව ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර, එම වැඩසටහන දැව ආලේපන කර්මාන්ත ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් JAT හෝල්ඩින්ග්ස් සමාගමේ කැපවීම පිළිබිඹු කරයි. මෙම දිගු කාලීන වැඩසටහන මගින් දැව පින්තාරු කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රමිතීන් වැඩිදියුණු කරමින්, එම ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයින්ගේ වෘත්තීයමය කුසලතා වර්ධනය කිරීම හරහා ඔවුන් බල ගැන්වීම  අරමුණු කරයි.

‘JAT පින්තාරු ශිල්පී අභිමන් සහතික පත් ප්‍රදානෝත්සවයේ දෙවන අදියර  2023 ජුනි මස 16 වන දින JAT හෝල්ඩින්ග්ස්  ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර, එහි දී   දැව නිර්මාණ ශිල්පීහු 113 දෙනෙක් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය වෙතින්, දැව අත්කම් (ගෘහ භාණ්ඩ නිම කිරීම) පිළිබඳ  NVQ අදියර 3 සහතිකය හිමි කර ගත්හ. ඒ අනුව ‘JAT පින්තාරු ශිල්පී අභිමන්වැඩසටහන මගින් සහතික පත් හිමි කර ගත් සමස්ත දැව පින්තාරු කරුවන් සංඛ්‍යාව 250 ඉක්මවයි. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරියේ (NAITA) උප සභාපති, එස්.එච් හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙවර ‘JAT පින්තාරු ශිල්පී අභිමන්‘  වැඩසටහනට සම්භාවනීය අමුත්තෝ, JAT කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ ඇතුළු  විශාල පිරිසක් සහභාගි වූහ.

මෙවර ‘JAT පින්තාරු ශිල්පී අභිමන් සහතික ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශන, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය උදේන වික්‍රමසිංහ, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරියේ උප සභාපති එච්. එස්. හරිස්චන්ද්‍ර සහ JAT හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ (විකුණුම් හා තාක්ෂණ) වසන්ත ගුණරත්න යන මහත්වරුන්  විසින් පවත්වන ලදී.  ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරියේ සභාපති රුචික අමරසේකර  සහ JAT හෝල්ඩින්ග්ස් සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයකි.

දැනට අදියර දෙකක් ක්‍රියාත්මක වී ඇති ‘JAT පින්තාරු ශිල්පී අභිමන්වැඩසටහනට ,  2019 වසරේ දී ආරම්භ කෙරුණු JAT Loyalty වැඩසටහන ද ඇතුළත් වන අතර, සාම්ප්‍රදායික Loyalty වැඩසටහන්වලින් වෙනස් වන මෙම වැඩසටහන මගින් JAT යාවජීව පාරිභෝගිකයින්ට (නිරන්තරයෙන් JAT නිෂ්පාදන තෝරා ගන්නා දැව ශිල්පීන්ට) කොමර්ෂල් බැංකුව සමඟ එක් ව නිකුත් කරන ලද හර කාඩ් පත් හරහා  සුවිශේෂී  මූල්‍ය ප්‍රතිලාභ ඇතුළු  වරප්‍රසාද භුක්ති විඳීමේ අවස්ථාව ලබා දෙයි.  මෙම සුවිශේෂී මූල්‍ය සවි බල ගැන්වීම යටතේ ඉතුරුම් සහ ආයෝජන අවස්ථා හරහා දැව පින්තාරු කරුවන්ගේ මූල්‍ය  ස්ථාවරත්වය සහ  දිගු කාලීන මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කිරීම අරමුණු කරයි.

මෙවර ‘JAT පින්තාරු ශිල්පී අභිමන්වැඩසටහනේ ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වූ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරියේ (NAITA) උප සභාපති, එස්.එච් හරිස්චන්ද්‍ර මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “JAT හෝල්ඩින්ග්ස්  සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය අතර මෙම සහයෝගීතාව හරහා  දැව පින්තාරු ක්ෂේත්‍රය සැබවින්ම පරිවර්තනයකට ලක් වුණා කිව්වොත් මා නිවැරදියි. මෙහි දී දැව පින්තාරු ක්ෂේත්‍රයේ නිරත දක්ෂ ශිල්පීන්ගේ වෘත්තීය අපේක්ෂාවන් ඉහළ නැංවීම වගේ ම, සමස්ත දැව පින්තාරු කර්මාන්තයේ  තත්ත්වය ඉහළ නැංවීමත් අපගේ ප්‍රධාන අරමුණක්.  මෙම වැඩසටහන, සහතික පත් ලාභීන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරා ඉගෙනීමට, නිපුණතා සංවර්ධනයට වගේ ම ජාත්‍යන්තර මට්ටමේ රැකියා අවස්ථා ලබා ගැනීමටත් උපකාරී වනවා.යනුවෙනි.

මෙහි දී JAT හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ (විකුණුම් හා තාක්ෂණ) වසන්ත ගුණරත්න මහතා අදහස් දක්වමින්,  ‘JAT පින්තාරු ශිල්පී අභිමන්වැඩසටහන, පින්තාරු ශිල්පීන් වෙත ලබා දෙන උපාධියක් හා සමානයි. ඒ වගේ ම මෙය  දැව පින්තාරු ක්ෂේත්‍රය තුළ ලබා ගත හැකි ඉහළ ම සුදුසුකමක් විදියට හඳුන්වා දීමට පුළුවන්.  ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන JAT ,   එම ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට සමත් වුණා කිව්වොත් මා නිවැරදියි. වසර ගණනාවක් පුරා මේ රටේ  පින්තාරු ශිල්පීන් පුහුණු කිරීම වෙනුවෙන් කැප වූ අපගේ තාක්ෂණික පුහුණු වැඩසටහන් ආරම්භ වුණේ 1999 වසරේ දී බවත් සිහි පත් කළ යුතු ම යි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර අරමුණු අතරින්  1 (දරිද්‍රතාව තුරන් කිරීම),  4 (ප්‍රමිතියෙන් උසස්  අධ්‍යාපනය),  8 (ආර්ථික වර්ධනය) සහ 9 (කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම් වර්ධනය) යන ඉලක්ක ඇතුළු ඉලක්ක කිහිපයක් සාක්ෂාත් කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින්  ‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහන ක්‍රියාත්මක වේ.

JAT හෝල්ඩින්ග්ස් සමාගම යනු ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත ආලේපන බුරුසු වෙළෙඳපොළේ ප්‍රමුඛයා වන අතර, තීන්ත, සුඛෝපභෝගී නිවාස සහ කාර්යාල ගෘහ භාණ්ඩ යන ක්ෂේත්‍ර ආශ්‍රිතව නිෂ්පාදන හා සේවා  ලබා දෙන  ප්‍රධානතම සමාගමක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ පිහිටා ඇති අති නවීන නිෂ්පාදනාගාර  දෙකකින් සහ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයකින් සමන්විත JAT හෝල්ඩින්ග්ස් සමාගම නවෝත්පාදන හඳුන්වා දීමේ ප්‍රමුඛයෙකු ලෙස ස්ථාවරත්වයට පත් වී ඇත. අභියෝගාත්මක කාලවල දී පවා සිය මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වූ JAT හෝල්ඩින්ග්ස් සමාගම ෆිච් රේටින්ග්ස් විසින් සිදු කරනු ලබන ශ්‍රේණිගත කිරීමෙහි ‘AA(lka)’ ජාතික ශ්‍රේණිගත කිරීම හිමි කර ගැනීමට සමත් වී ඇත. එමෙන් ම කීර්තිමත් LMD ශ්‍රේණිගත කිරීම මගින් ‘වඩාත් සම්මාන ලාභී ආයතනය’ ලෙස ශ්‍රේණිගත කෙරුණු JAT හෝල්ඩින්ග්ස් සමාගම, සේවය කිරීම සඳහා සුදුසු විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ද සම්මානයට පාත්‍ර වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව