Janashakthi Life හි විශිෂ්ටයන්ට බාලි සංචාරයක්

01 Image (LBN)

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් අතරින් ඉහළම දක්ෂතා පෙන්නුම් කළ විශිෂ්ටයන් පිරිසකට පසුගියදා ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට අවස්ථාව උදා විය. Janashakthi Life සමාගම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය 31 වැනි සංවස්තරය සැමරීමට සමගාමීව මෙම සංචාරය සිදු විය.

Janashakthi Life සමාගම තුළ ක්‍රියාත්මක වනුයේ කාර්යසාධනය මූලික කරගත්, එහි සාමාජික සාමාජිකාවන්ට ප්‍රමුඛත්වය හිමි වන ආයතනික සංස්කෘතියකි. එම ආයතනික සංස්කෘතිය තුළදී කාර්ය මණ්ඩලයේ සාර්ථකත්වයට නිසි ඇගයුම් හිමි වන අතර, ඔවුන්ගේ අනාගත දියුණුව දිරිගන්වනු ලැබේ. එමෙන්ම එය සාමූහිකත්වය තුළින් ජයග්‍රහණ අත්කර ගැනීමට අනුබල දෙන සාධනීය සංස්කෘතියකි. මෙම සංචාරයද එම සාධනීය සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සමාගම දරන උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව