ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී බදු පසු ලාභයේ 40.5% ක වර්ධනයක් වාර්තා කරයි

Capture

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. (Janashakthi Finance PLC) 2026 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස හයක කාලසීමාව සඳහා රුපියල් මිලියන 198.6 ක විගණනය නොකළ බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මෙය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා කළ රුපියල් මිලියන 141.3 ට සාපේක්ෂව 40.5% ක වර්ධනයකි.

පෙර වසරේ මුල් මාස 6 ට සාපේක්ෂව මෙම වසරේදී සමාගමේ ණය සහ තැන්පතු වටිනාකම්වල වර්ධනයක් මෙන්ම ශුද්ධ මෙහෙයුම් ආදායමේ වර්ධනයක්ද වාර්තා වී තිබේ. පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි අඛණ්ඩව අවධානය යොමුකරමින්, සුපරීක්ෂාකාරී වර්ධනයක් සමඟ තිරසාර ලාභාදායීත්වයක් වාර්තා කරමින් මෙම ප්‍රගතිය ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යාම සමාගමේ අරමුණ වී ඇත.




සමාගමේ බදු පෙර ලාභය 1.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 245.6 ක් ලෙස වාර්තා වී ඇති අතර, ශුද්ධ මෙහෙයුම් ආදායම 11.0% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,591.7 ක් ලෙස වාර්තා වී තිබේ. 2026 සැප්තැම්බර් 30 දින වන විට ණය සහ අයවිය යුතු මුදල්වල මුළු වටිනාකම රුපියල් බිලියන 32.94 ක් වූ අතර, එය 2025 සැප්තැම්බර් 30 දිනට සාපේක්ෂව 23.5% ක වර්ධනයකි. එම කාලසීමාව තුළ සමාගමේ තැන්පතුවල මුළු වටිනාකම රුපියල් බිලියන 19.36 ක් දක්වා 14.7% කින් වර්ධනය වී තිබේ.

2026/27 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා ජනශක්ති ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 108.2 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය ඊට පෙර කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 90.4 ට සාපේක්ෂව 19.7% ක වර්ධනයකි. ශුද්ධ මෙහෙයුම් ආදායම 10.0% කින් අඩු වී රුපියල් මිලියන 754.0 ක් ලෙස වාර්තා වූ අතර, බදු පෙර ලාභය 22.3% කින් පහළ ගොස් රුපියල් මිලියන 107.3 ක් ලෙස වාර්තා විය.

මෙම කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මෙසේ පැවසීය: “මෙම ප්‍රතිඵල මගින් වගකීම්සහගත වර්ධනයක් පවත්වාගෙන යාම කෙරෙහි අප දක්වන අවධානය මැනැවින් පිළිබිඹු වනවා. පාරිභෝගික අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන අතරම, අපගේ පාර්ශ්වකරුවන් සියලුම දෙනාට දීර්ඝකාලීනව ප්‍රතිලාභ පිරිනමන ශක්තිමත් සහ තිරසාර මූල්‍ය ආයතනයක් ගොඩනැංවීම අපගේ ප්‍රධානතම ඉලක්කයයි.”

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය: “මෙම අර්ධ වාර්ෂික කාර්යසාධනය ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ ණය සහ තැන්පතු පදනම අඛණ්ඩව පුළුල් වීමේ ප්‍රවණතාව මැනැවින් පිළිබිඹු කරනවා. සැලසුම් විධිමත් ලෙස ක්‍රියාවට නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණය ඔස්සේ මෙම වර්ධනය තිරසාර ඉපැයුම් බවට පරිවර්තනය කරන අතරම, අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වෙමින් පවතින අවශ්‍යතා අඛණ්ඩව සපුරාලීම අපගේ අරමුණයි.”



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව