ISC සිසුන්ගේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සහ බෙලරුසියානු උපාධිධාරීන්ගේ සංගමයේ වාර්ෂික සුහද හමුව සාර්ථකව නිම විය.

AMR02593 (LBN)

ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී ක්‍රියාකරනු ලබන මෙරටේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ISC (International Study Centre) ආයතනය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය විදහා දක්වමින් සිය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය Cinnamon Grand හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. 2024 අගෝස්තු මස 03 වන දා පැවතී මෙම උපාධි ප්‍රදානෝත්සවය තුළින් ISC හි සිසුන්ගේ මෙන්ම එම පීඨයේ සහ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ උත්සාහය මනාව පිළිඹිබු විය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම ඉන් එපිට ප්‍රමුඛ පෙළේ අරාධිතයින්ද සහභාගී වූහ. ඔවුන් විසින් උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ සිටි පිරිස දැනුමෙන් පුබුදුවාලමින් ප්‍රධාන දේශන කිහිපයක්ද පවත්වනු ලැබීය.

 




 

මෙම උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනෙඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතා සහභාගී විය. ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන ISC හි අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ ඒ සඳහා වන කැපවීම පිළිබඳව ඔහු සිය දේශනයේදී අවධාරණය කළේය. ඉන් අනතුරුව අදහස් දක්වමින් ISC හි අධ්‍යක්ෂ වෛද්‍ය හැරී ප්‍රසාද් මහතා දේශනයක් පැවැත්වීය. ඒ මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සබාවේ (SLMC) ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ බෙලරූසියානු රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ නිල නියෝජිතයා වන අතර බෙලරූසියානු ජාත්‍යන්තර උපාධිධාරීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා සභාපතිවරයාද වේ. ISC Education හි විදුහල්පතිනි, ජාතික අක්ෂි රෝහලේ කථිකාචාරිනී චෂිතා අසන්ති මෙනවිය විසින් මෙම උත්සවයේ ස්තුති කථාව පවත්වනු ලැබුවාය. මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනෙඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ වෙළඳ නිලධාරි අබ්දුල් මජීඩ් කයියුම්, ISC හි අධ්‍යක්ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ඉන්දුජා පුෂ්පනාදන්, සහ ISC හි අධ්‍යක්ෂ හා සාමාන්‍යාධිකාරී ශනාලි ද සිල්වා යන අයද සෙසු ආරාධිතයින් ලෙස සහභාගී විය.

ISC Education හි ගමන් මග තුළ අධ්‍යාපන විශිෂ්ටත්වයන් ගොඩනගා ගනු ලැබූ   සිසුන්ගේ දක්ෂතා සහ අත්දැකීම් ද මෙම අවස්ථාව හරහා ඉදිරිපත් කෙරිණි. ISC අධ්‍යාපනය තුළින් ශ්‍රී ලංකාවේ සිසුන් සමත් වීමේ ඉහළ ප්‍රතිශතය පිළිබඳව ISC ආඩම්බරයට පත්වන අතර ඒ තුළින් ISC හි අධ්‍යාපනය තුළ පවතින උසස් මට්ටමේ අධ්‍යයන ප්‍රමිතීන් සහ උපකාරක ඉගෙනුම් පරිසරය පිළිබඳව මනාව විදහා දක්වයි. මෙම වසරේ උපාධි ප්‍රදානෝත්සවයේදී අධ්‍යාපන විශිෂ්ටත්වයන් පෑ සිසුන්ට ගෞරව සම්මාන ප්‍රධානය කරනු ලැබූ අතර ඉහළ දක්ෂතා දැක්වූ සිසුන්ට කුසලතා සම්මාන ප්‍රධානය කෙරිණි. තවද කණ්ඩායමේ සියලුම සිසුන් මේවන විටත් ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඩුබායි, මැලේසියාව සහ බෙලරූස් වැනි රටවල පිළිගත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇත. මෙම උපාධි ප්‍රදානෝත්සවය ISC සඳහා සුවිශේෂී අවස්ථාවක් වූ අතර, ඒ මගින් සිසුන්ගේ විශිෂ්ට වූ ජයග්‍රහණ සැමරීමට සහ ශ්‍රී ලංකාව තුළ ඉහළ පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපනය ලබා දීම සඳහා ISC දක්වනු ලබන කැපවීම යලි යලිත් තහවුරු කිරීමට සමත්ව තිබේ.

මෙම උපාධි ප්‍රදානෝත්සවය විවිධ වින්දනාත්මක විශේෂාංගයන්ගෙන් අලංකාර වූ අතර ඒ හරහා ISC අධ්‍යාපන ආයතනයේ ප්‍රජාවන් අතර සැලකිය යුතු උද්යෝගයක් සහ අන්තර් සබඳතාවයන් වර්ධනය කිරීමට ද සමත් විය. මීට සමගාමීව බෙලරූසියානු උපාධිධාරීන්ගේ සංගමය විසින් පවත්වනු ලැබූ වාර්ෂික ක්‍රිකට් තරගයක් ද 2024 අගෝස්තු මස 10 වැනි දින පෙ.ව. 9.00 සිට කෝට්ටේ SLLDC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබූ අතර ඒ සඳහා වර්තමාන සිසුන්, වෛද්‍යවරුන්, පීඨ සාමාජිකයින් සහ ආදි ශිෂ්‍යයන් සහභාගී විය. සිසුන් අතර ශාරීරික යහපැවැත්ම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව එය පවත්වනු ලැබිණි. ඉන් අනතුරුව බෙලරූසියානු උපාධිධාරීන්ගේ සංගමයේ වාර්ෂික සුහද හමුව අගෝස්තු මස 10 වන දින සවස 7.00 සිට Galle Face හෝටලයේ ජුබිලි උත්සව ශාලාවේදී උත්කර්ෂවත්ව පැවැත්විය. මෙම වටිනා අවස්ථාවන් සඳහා බෙලරූස් හි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ උපාධිධාරී සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට, එම විශ්වවිද්‍යාලවල වර්තමාන සිසුන් සහ ආදි සිසුන් සමගින් සබඳතාවයන් ගොඩනගා ගැනීමටත්, බෙලරූස් හි ජීවිතය පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගැනීමට ද සුවිශේෂී අවස්ථාවක් හිමිවිය.

මෙම උපාධි ප්‍රදානෝත්සවය සිසුන්ගේ අධ්‍යයන ගමන් මගේ වටිනා සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර ISC අධ්‍යාපන ආයතනය ශ්‍රී ලාංකික සිසුන්ට විදේශ රටවල අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සපායා දෙමින් උසස් අධ්‍යාපනයේ සහ වෘත්තීය අවස්ථාවන් සඳහා දොරටු විවර කර දේ. සිසුන්ට විදේශ රටවල විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමේදී, ආයතනයේ ඉහළ සාර්ථකත්වයක් අත්කර ගනු ලැබූ අධ්‍යාපන සුදුසුකම් අනුපාතය ප්‍රධාන කොට සලකනු ලබයි. එබැවින්, ලොව පුරා කීර්තිමත් විශ්වවිද්‍යාල විසින් ඉතා ගෞරවනීය කැනේඩියානු සුදුසුකමක් වශයෙන් පිළිගනු ලබන ඔන්ටාරියෝ ද්විතීයික පාසල් ඩිප්ලෝමාව (OSSD) පිරිනැමීමට ISC අධ්‍යාපන  ආයතනය කැනේඩියානු අමාත්‍යාංශය සමගින් සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කරයි. මෙම දෙමුහුන් ද්විතීයික පාසල් ඩිප්ලෝමා වැඩසටහන 9 ශ්‍රේණියේ  සිට 12 වන ශ්‍රේණි දක්වා සිසුන්ගේ අනාගත අභිලාෂයන්ට සුදුසු අයුරින් සකස් කරන ලද පාඨමාලාවලින් සැදුම්ලත් වේ. දෙමුහුන් ද්විතීයික පාසල් ඩිප්ලෝමා වැඩසටහන ලොව පුරා විශ්වවිද්‍යාල 500කට අධික සංඛ්‍යාවක් විසින් ගෝලීය වශයෙන් පිළිගෙන තිබේ. එමෙන්ම එය විභාග දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (අ.පො.ස.) හා උසස් පෙළ (උ.පෙළ) විභාග සහතිකයට සමාන ඉහළ වටිනාකමක් සහිත සහතිකයකි. මීට අමතරව OSSD Science Pathway ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) පිළිගැනීමට ලක්ව ඇති අතර, එය අ.පො.ස. ලන්ඩන් කේම්බ්‍රිජ් සහ එඩෙක්සෙල් උසස් පෙළ විභාග සඳහා සමාන වූ සුදුසුකමක් ලෙස ස්ථානගත කර ඇත.

ISC අධ්‍යාපන ආයතනය ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහ ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සහයෝගීතාවය ඇතිව ශ්‍රී ලාංකික සිසුන්ට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැලේසියාව සහ බෙලරූස් වැනි රටවල උසස් අධ්‍යාපනය සඳහා යාමට අවශ්‍ය සහය ලබා දෙමින් සිසුන්ගේ අධ්‍යාපන සිහින ඉටු කර දෙනු ලබයි. කොළඹ කේන්ද්‍ර කරගත් ISC අධ්‍යාපන ආයතනය, පුහුණු ගුරුවරුන්ගෙන් සමන්විත වන අතර සිසුන් කෙරෙහි පෞද්ගලිකවම  අවධානය යොමු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන ගමන් මග සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රබෝධමත් අධ්‍යයන පරිසරයක් ලබා දීමට පියවර ගෙන ඇත. කොළඹ, මඩකලපුව, කල්මුණේ සහ යාපනය යන විශ්වවිද්‍යාල සමගින්, ISC අධ්‍යාපන ආයතනය නිවැරදි විශ්වවිද්‍යාලය සහ අධ්‍යයන පාඨමාලා තෝරා ගැනීමේ සිට ඇතුළත් වීමේ පරීක්ෂණ සඳහා සූදානම් වීම, වීසා අයදුම්පත් සම්පූර්ණ කිරීම සහ ශිෂ්‍යත්ව ලබා ගැනීම දක්වා පුළුල් සහයෝගයක් සහ මග පෙන්වීමක් ලබා දීමෙන් සිසුන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා සහය වීමට කැපවී සිටී. විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට අපේක්ෂාවෙන් සිටින සෑම සිසුවෙකුගේම විශ්වාසනීය අධ්‍යාපන සහකරුවා වන්නේ ISC අධ්‍යාපන ආයතනයයි. අපගේ සේවාවන් සහ ඔබගේ අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීමට අපට උපකාර කළ හැකි ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

ISC EDUCATION LINKS:

Website: www.isceducation.lk/

Instagram: www.instagram.com/internationalstudycentre/

Facebook: www.facebook.com/internationalstudycentre

LinkedIn: www.linkedin.com/company/international-study-centre/

You tube: youtube.com/@internationalstudycentre7336

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව