
INSEE Ecocycle Lanka යනු අපද්රව්ය කළමනාකරණය හා චක්රීය ආර්ථිකයක් වෙනුවෙන් කවදත් පරිසර හිතකාමී විසඳුම් දැයට හඳුන්වා දෙන්නට කටයුතු කරන ප්රමුඛ පෙළේ සන්නාමයකි. එම ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඔවුන්ගේ අපද්රව්ය එකතු කිරීමේ රථ බලකායට නවීනතම ඉලෙක්ට්රික් (EV) වාහනයක් එක් කරන්නට සමාගම කටයුතු කර ඇත. “හරිතවත් ගමනක්” යන තේමාව යටතේ ක්රියාත්මක මෙම වැඩපිළිවෙළ මඟින් අපද්රව්ය එකතු කිරීමේ ක්රියාවලිය වඩාත් පරිසර හිතකාමීව සිදු කිරීමට සමාගම අපේක්ෂා කරයි.
මීට අදාළ පළමු EV රථය පසුගියදා කටුනායක INSEE Ecocycle Lanka පරිශ්රයේදී එහි අධ්යක්ෂ ඉංජිනේරු සුජිත් ගුණවර්ධන මහතා අතින් කාර්ය මණ්ඩලය වෙත භාර දෙන ලදී.
INSEE Ecocycle Lanka විසින් අපද්රව්ය එකතු කිරීම සඳහා EV ට්රක් රථ භාවිතයට ගැනීම තුළින් එහි මෙහෙයුම් කටයුතු වඩාත් හරිතවත් හා කාබන් රහිතව සිදු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. හරිතවත් ප්රවාහන ක්රමවේද භාවිතය තුළින් කාබන් විමෝචනය සහ අපද්රව්ය කළමනාකරණ ක්රියාවලියේ සමස්ත කාබන් පියසටහන අවම කිරීම ද මෙහි තවත් අරමුණකි. මෙම මුලපිරීම INSEE Ecocycle Lanka හි ISO සහතිකය ලත් ඒකාබද්ධ කළමනාකරණ පද්ධතිය හරහා පාරිභෝගිකයින් සඳහා කරන තිරසර කැපවීමේ පොරොන්දුව තවත් තහවුරු කරයි. එමෙන්ම හරිතවත් අනාගතයක් වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන සමාගමේ වටිනාකම් දාමය හරහා පාරිසරික වගකීමේ ඇති ප්රායෝගික බව මෙන්ම, එය මැනිය හැකි අගයක් බවට පරිවර්තනය වන ආකාරය ද පෙන්නුම් කරයි.
මෙම සුවිශේෂී හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් INSEE Lanka ප්රධාන විධායක නිලධාරී, ඉංජිනේරු තුසිත ගුණවර්ණසූරිය මහතා, “මෙම සන්ධිස්ථානය තුළින් අපගේ මෙහෙයුම්වල සෑම අංශයකම තිරසරභාවය ඇති කිරීමට අප තුළ ඇති කැපවීම හා උනන්දුව මනාව පෙන්නුම් කෙරෙනවා. අපද්රව්ය එකතු කිරීම සඳහා විද්යුත් ට්රක් රථ භාවිතයට යොමු වීම යනු හුදෙක් අපගේ වාහන බලකාය නවීකරණය කිරීමක් පමණක් නොවේ; එය අඩු කාබන් විමෝචනයක් සහිත අනාගතයක් කරා යන ගමනට නායකත්වය දීමටත්, ඒ සමඟම අපගේ පාර්ශ්වකරුවන්ට සහ පරිසරයට දිගුකාලීන වටිනාකමක් ලබා දීමටත් අප තුළ ඇති දැක්ම ප්රායෝගිකව තහවුරු කිරීමක්.”
වැඩි දුරටත් අදහස් දැක්වූ තුසිත මහතා, “‘හරිතවත් ගමනක්’ යන තේමාව තුළින්, ශ්රී ලංකාව පුරා තිරසර පාරිසරික විසඳුම් ලබා දීම වේගවත් කරන අතරම, ඉදිරියටත් අපගේ මෙහෙයුම්වල සෑම අංශයකටම තිරසරභාවය ඇතුළත් කිරීමට අප කටයුතු කරනවා. මෙම සුවිශේෂී සන්ධිස්ථානය, වඩාත් සුපිරිසිදු අපද්රව්ය කළමනාකරණ ක්රියාවලියක්, අඩු විමෝචනයක් සහ වඩාත් වගකීම් සහගත සම්පත් කළමනාකරණය කරා ගමන් කිරීමේ පුළුල් පරිවර්තනයක ආරම්භය ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙය අනාගත පරම්පරාව වෙනුවෙන් වඩාත් සෞඛ්ය සම්පන්න සහ තිරසර අනාගතයක් ගොඩනැගීමට දායක වනු ඇති බව මගේ අවංක හැඟීමයි.” යනුවෙන් පැවසීය.
මෙම වැඩසටහන හරහා, INSEE Ecocycle Lanka ආයතනය සිය තිරසර ගමනේ තවත් තීරණාත්මක පියවරක් සනිටුහන් කරන්නට සමත්ව ඇත. ඒ තුළින් වගකීම් සහගත අපද්රව්ය කළමනාකරණය, සම්පත් ප්රතිසාධනය සහ අර්ථවත් දේශගුණික ක්රියාමාර්ග සඳහා වන ඔවුන්ගේ නිරන්තර කැපවීම නැවත වරක් තහවුරු කරන අතරම, වඩාත් පිරිසිදු, හරිතවත් සහ සවිමත් හැකියාවන්ගෙන් යුත් ආර්ථිකයක් කරා ශ්රී ලංකාව ගෙන යන ගමනට ද නොමසුරුව දායකත්වය ලබා දෙයි.


